Monday, 2 September 2019

මෙස්සි vs ඔල්මො 23

මෙස්සි vs ඔල්මො 23 

🐕🐈🐕🐈🐕🐈


මම - මෙස්සි , මට කියන්න පුලුවන් ද ඔයා ඔය ඉන්න ඉරියවුවෙ තේරුම මොකද්ද කියල ? 

මෙස්සි - කිසිම තේරුමක් නෑ අනේ මං මේ නිදි ! 

මම - ඔයා එන්න එන්නම මහත් වෙනව ඔහොම ගියොත් පූස් කොල්ලෙක් හොයනව බොරු ඈ 

මෙස්සි - යන්න අනේ යන්න ! යාන්තං ආදරේ මෝදු වේගෙන එනකොට අර ගොං බල්ලා ඒක විනාස කරා. හරි කමක් නෑ කියමුකො ඒක , දැන් ඔයා කොහොමද මට කොල්ලෙක් හොයන්නෙ ? 

මම - මං දන්න අයට කියන්නම් කො ! 

මෙස්සි - දන්න අය ! අනේ නිකා ඉන්න , ඉරිසියාවට මොකෙක් ජෝඩු කරයි ද කවුද දන්නෙ ? ඒක නෙමේ අපි ඇඩ් එකක් දාමුද ? 

මම - මොකක් කියලද ? රූමත් ගුණවත් පූස් කෙල්ලෙක්ට ලස්සන පූස් කොල්ලෙක් ඕනෙ කියලද ? 

මෙස්සි  - මගුල ! ඔහොම දාල හරියන්නෑ අනේ , මෙහෙම දාමු , 

ලාබාල පෙනුමැති, රූමත් , ගුණවත් , පැහැපත් , වංශවත් , පූස් දියණියට , කඩවසම් පෙනුමැති, මාලු ඇල්ලිය හැකි , බල්ලෙක් මැරිය හැකි හා ඒ පාණ්ඩු බල්ලාගෙන් රසවත් සුප් එකක් සෑදිය හැකි පූස් පුතෙක් දෙමාපියන් සොයයි ! 
කේන්දර කොපිය සමඟ විමසන්න !  

අපි ඔයාගෙ ටැලිපෝං නොම්බරෙත් දාමු ඈ ඊට යටින් ! 

මම - ඔය බල්ල මරන කතාව නැතුව දාමුද ? 

මෙස්සි - මොක නැතත් ඒ කෑල්ල ඕනිමයි ! 



No comments:

Post a Comment