Showing posts with label කටට රසට. Show all posts
Showing posts with label කටට රසට. Show all posts

Wednesday, 29 January 2020

ඌරුමස් කලුවට

ඌරුමස් කලුවට

අවශ්‍ය ද්‍රව්‍ය,

ඌරුමස්
හාල් මිටක්
පොල් මිටක්
කරඳමුංගු , කරාඹුනැටි
සූදුරු , මාදුරු
අමු තුනපහ
මිරිස්
ගම්මිරිස්
ඉඟුරු , සුදුලූනු,
ලුණු ,  කහ
සියඹලා හා සෝයා සෝස්
කපාගත් , අමුමිරිස්, රම්පෙ , කරපිංචා, රතුලූනු,

සාදාගන්නා ආකාරය

හාල් හා පොල් කලු වනතුරු බැදගන්න. ( පෑන් එකක හෝ කබලේ ) එය නිවෙන්නට හරින්න.

නිවුන හාල් හා පොල් , ගම්මිරිස් , කරඳමුංගු , කරාඹුනැටි , සූදුරු , මාදුරු ග්‍රයිඩර් කරගන්න.

හට්ටිය ලිප තබා ඊට තෙල් ටිකක් දමා එය රත්වන විට කපාගත් අමුමිරිස්, රම්පෙ කරපිංචා, ලූනු හා තලාගත් ඉඟුරු සුදුලූනු, දමන්න.
එය තෙම්පරාදු වනවිට ඊට ග්‍රයිඩර් කරගත් දෑ සමඟින් අමු තුනපහ , මිරිස් , කහ හා ලුණු එක්කට තෙම්පරාදු වෙන්නට හරින්න.

ඉන්පසුව මස් එක්කර සියඹලා හා සෝයා සෝස් ස්වල්පයක් එක්කර මද ගින්නේ පිසගන්න. ටිකකින් මස් ටික කවලම් කර වතුර ස්වල්පයක් එක්කර යලි හොඳින් පිසගන්න.


Saturday, 25 January 2020

සැමන් මිරිසට





සැමන් මිරිසට

අවශ්‍ය ද්‍රව්‍ය,

සැමන් ටින් එකක්
කරපිංචා,
අමුමිරිස්,
සුදුලූනු,
තක්කාලි ,
ඉඟුරු,
ලූනු
තුනපහ,
කහ , ලුණු , රතු මිරිස් කරල් කීපයක් , ගම්මිරිස් , සූදුරු මාදුරු , එනසල් , කරාඹුනැටි.

කොහොමද හදන්නේ ?

ගම්මිරිස් , සූදුරු මාදුරු , රතු මිරිස් කරල් , එනසල් , කරාඹුනැටි  ග්‍රයිඩර් කරගන්න.

හට්ටිය ලිප තියා ඒකට තෙල් දමා , ඒ තෙල් රත් වන විට එයට කපාගත් ළූණු , අමුමිරිස්, , සුදුළූනු , ඉඟුරු , කරපිංචා, දමන්න . එය තෙම්පරාදු වනවිට , ග්‍රයිඩර් කරගත් කුළුබඩු හා ලුණු , කහ , තුනපහ දමා බැදෙන්න හරින්න.
ඉන් පසුව සැම්න් ටින් එකේ තිබුන වතුර හා තක්කාලි දමා හොද්දක් ආකාරයට හදා ගන්න , එයට සැමන් කෑලි ටික එක් කොට මද ගින්නේ පිස ගන්න..




කුකුල් මස් කරිය / මාළු මිරිසට

රසට උයන්න !

සාමාන්‍යයෙන් මම රස නැත්තම් බඩගිනි වුනත් නොකා ඉන්න ජාතියෙ කෙනෙක්. මොකද මට හොඳට ලුණු ඇඹුල් රසට කන්න ඕන. එළවලු වලට මම කිසිම දවසක මිරිස් දාන්නෙ නෑ. මිරිස් දාන්නෙ මස් මාලු කරවල හාල්මැස්සො , පොළොස් වගේ දේවල් වලට විතරයි.

පහුගිය දවසක මම කුකුල් මස් එකක් උයන්න හදනකොට ගෙදර තිබ්බ මිරිස් කුඩු ඉවර වෙලා , මම හිතන් හිටියට මගේ ස්ටෝ රූම් එකේ මිරිස් තියනව කියල, ඒත් ඇත්තටම එතන තිබුනෙ නෑ. ඒත් වේලපු මිරිස් කරල් තිබ්බා. මම ඉන්නෙ ලංකාවෙ නොවන නිසා ලඟ පාත කඩේකින් මිරිස් ගන්නව වගේ දේ කරන්නත් බෑනෙ. ඒ නිසා මම හිතුවා අර මිරිස් කරල් ග්‍රයිඩර් කරලා කුඩු හදාගන්න.

ඒත් ආයම මම හිතුවා මම දැන් උයන්නෙ මස් එකක් නිසා ඒකට මට හිතෙන හිතෙන දේවල් වලි දාලා බ්ලෙන්ඩ් කරල බලනව කියල. ඒ අනුව මම ,

ගම්මිරිස් ටිකක් ,
මිරිස් කරල් 5 ක්
කරඳමුංගු , කරාඹුනැටි
සූදුරු , මාදුරු ,
පොඩිම පොඩි කුරුඳු කෑල්ලක්.
දාලා ග්‍රයිඩර් කරලා , සාමාන්‍ය තුනපහ හැඳි එකහමාරක් එක්ක කවලමට දාලා මස් කරි එක හැදුවා !

විස්වාස කරන්න , පුදුම රහක් තිබ්බේ ,
ඒ එක්කම මම තීරණය කරා ආපහු මම මිරිස් කුඩු ගේන්නෙ නෑ ගෙදරට කියල. ඒ වෙනුවට පහුවදාම මිරිස් කරල් ගෙනත් ඒව සෝදල වේලල අහුරල තිබ්බා.

සාමාන්‍යයෙන් මම වියදමට වඩා මගේ ගෙදර පවුලේ සෞඛ්‍ය ගැන හිතන නිසා ශීතකරණයෙ දාලා දවස් දෙක තුන තියාගෙන කෑම කන කෙනෙක් නෙමෙයි. උපරිම රෑ උයපු කෑම එකක් පහුවදාට කනවා ඇරෙන්න ඊට වඩා වැඩි කලක් තියන්නෙ නෑ.

මාලු මිරිසට හදනකොට මම දාන්නෙ මෙහෙම ,

ගම්මිරිස් , මිරිස් කරල් 5ක් හෝ 6 ක්
ගොරකා කෑල්ලක්  දෙකක්
කරපිංචා කොල පහ හයක් ,
සුදුලූනු, බික්කක් ( මේ රසට අකමැති නම් නොගෙන ඉන්න පුලුවන් )
සූදුරු , මාදුරු ,
කරඳමුංගු , කරාඹුනැටි
ඉඟුරු පොඩ්ඩක්.
අමු තුනපහ තේ හැදි එකහමාරක්

මේ ඔක්කොම එකට දාලා ඒක බ්ලෙන්ඩ් කරලා මාලු කෑලි වල තවරලා තියල ඒ පේස්ට් එක එක්කම උයනවා.

අපි කඩෙන් ගේන මිරිස් තුනපහ වලට වඩා මෙහෙම හදලා උයනකොට ඒකෙ පුදුමාකාර රහක් තියනව. ඒ වගේම අපි හදන කෑම අපේ ආදරණීයයන් රසයි කියල කනකොට අපිට තවත් ඒ වගෙම රසට උයන්නත් හිතෙනවා.

ආ.. මම මෙතෙක් පාවිච්චි කරන්නෙම මගෙ අම්මා ලංකාවෙන් හදල එවන තුනපහ , කඩෙන් තුනපහ ගන්නෙ කල්ප කලාතුරකින්, ඒත් ඉදිරියේදී නම් මම ආය කඩෙන් ගන්නෙම නෑ.

©️ප්‍රභානී තෙන්නකෝන්.