Sunday 15 September 2019

මෙස්සි vs ඔල්මො 27

මෙස්සි vs ඔල්මො 27 

🐕🐈🐕🐈🐕🐈

මම - මෙස්සි මොකෝ සසර කළකිරිල වගේ ? වනගත වෙන්නද කල්පනාව !🤔🤔

මෙස්සි - විකාරද ? මං වනගත වෙන්න අර ගොං බල්ලට මෙතන යහතින් ඉන්න ඉඩ ඇරලා ? එවුව හඳේ 😾😾

මම - එහෙනම් මොකෝ ඔය

මෙස්සි - මගෙ බර පොඩ්ඩක් වැඩි වෙලා අනේ ! මේ ඔයාට යූරින් ඉන්ෆෙක්ශන් එකක් එහෙම ලඟදි එන එකක් නැද්ද

මම - මොකක් ?? 

මෙස්සි - නෑ අනේ මං මේ නිකමට ඇහුවෙ , දැන් මෙහෙමනෙ , ඔයාට යූරින් ඉන්ෆෙක්ශන් එකක් ආව වෙලේ ඔයාගෙ නැන්නම්ම ඔයාට පෙවුව බෙහෙත් තොගේට ඔයාට සතියක් ලූස්මෝශන් ! කිලෝ 4 ක් බැස්සනෙ අනේ 😻😻, අරළු පෙත්තට වඩා ශුවර් බෙහෙත් 😻😻 ඒකයි ඇහුවෙ , මටත් ටිකක් ඉල්ලගන්න ඔයා බොනකොට 😹😹. ගානට ස්ලිම් වෙලා එයි අනේ

මම - සමයං ! එන්න මං හදා දෙන්න බෙහෙත් ඔයාට 

මෙස්සි - ඔයා ? බෙහෙත් හදන්න
එහෙනම් කෝකටත් අපි ඒක අර ඔල්මොරොන්දන් ඔලමොට්ටල බල්ලට පොවල ඉමු ! 😼😼



2 comments: