Wednesday 11 September 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මො 26 

🐈🐕🐈🐕🐈🐕

මම - මෙස්සි ! මෙස්සි ! 🧐🧐

මෙස්සි - මොකද අනේ මැරෙන්න හදන්නෙ ? 😾මගෙ නම කියල කෑ ගැහුවෙ නැත්තම් ඔයාට ටොයිලට් යන්නැද්ද ? 😾එක ඩිංගක් නිදාගන්න නැති හැටි මේ ගෙදර 😾! දැං ඇයි කතා කරේ ? 😾

මම - මොකද්ද අනේ ඇහෙන සද්දෙ ? 🙄🙄

මෙස්සි - ... ! ඔයාගෙ කොල්ලගෙ බෙරේ බල්ලා ගහන සද්දෙ 😼

මම - මොකක් ? 😲😲

මෙස්සි - ඔවු ! ඔයා අර මොකද්ද එහෙකට කියල කොල්ලට ගෙනත් දුන්න බෙරේ 😺! ආං ඒකෙ පටියෙන් බිම දිගේ ඇදගෙන ගිහිං දැං ඒක ගහන්නෙ ඔයාගෙ බල්ලා ! 😸ඔය ඇහෙන්නෙ ඒකෙ සද්දෙ , දැම්ම ගියොත් අඩුම බෙරේ පටිය වත් බේරගන්න පුලුවන් ! සද්දෙ හැටියට නම් බෙරේ පලුවට වග කියල ! 😸😸

මම - දෙයියනේ ! ඔච්චර දෙයක් කරනකල් ඔයා මෙතන නිදාගෙනද හිටියෙ ? 😒😒

මෙස්සි.  - නෑ මං ඇහැරල හිටියෙ , 😻වැඩක් නෑනෙ අනේ ඕවට කට දාල 😼, ඔයා තිස්සෙම කියන්නෙ, ඔල්මොට පාඩුවෙ ඉන්න දෙන්න මෙස්සි එයා තාම බබෙක් කියලනෙ. ඉතින් බබා බෙරේ ගහනකල් මං බලා හිටියා. 😹😹


No comments:

Post a Comment