මෙස්සි vs ඔල්මො 22
🐕🐈🐕🐈🐕🐈
මම - මෙස්සි ! මොකෝ මේ පාර මැද ? 😕😕
මෙස්සි - මම අද පාපිස්සක් වෙලා අනේ 😻😻
මම - එහෙනම් මං කකුල් දෙක පිහාගෙන යන්නං 😂
මෙස්සි - පිහල බලන්නකො ! ආය අතන මෙතන දැවිල්ලයි කියන්නෙපා , මං උදේම මගෙ නියපොතු ටික උල් කරගෙන ඉන්නෙ 😸😸
මම - ඔතනින් අහක් වෙන්න අනේ , දැං ඔල්මො ආවොත් ඔයාගෙ සැප නින්ද කැලේ , යන්න ගිහින් වෙන තැනක නිදාගන්න 😘
මෙස්සි - මේ ඔලමොට්ටලය නිසා මගෙ නිදහස සීමා වෙලා ! මට ඕන තැනක නිදා ගන්න නෑ , වෙනද වගේ එහෙ මෙහෙ දුවන්න බෑ , කුස්සිය පැත්ත පලාතට යා ගන්න නෑ , වෙනේකක් තියා මට මගෙ කෑම එක තියාගන්නත් නෑ. ඇත්තටම ඌ මොන එහෙකටද අනේ උගෙ කෑම තියෙද්දි මගෙ කෑම එකම කන්න නටන්නෙ ? එක්කො මගෙ කෑම එක කනව නැත්තං විකාරයක් කනවා. ඇත්තටම මං හිතන්නෙ ඌට පාණ්ඩුව ! 😸😸
මම - අනේ මෙස්සි එයා තාම බබෙක් නෙ. තේරෙන්නෙ නෑ එයාට තාම 😕
මෙස්සි - ඔයත් ඉතින් හුරතල් කර කර ඉන්නකො අනේ ! ලඟදිම ඔයාගෙ අනිත් අතත් කඩල කකුලකුත් කඩල දැම්මම ඔයාට තේරෙයි ඔය ඔල්මොරොන්දන් බල්ලා මේ ගෙදරට ගෙනාව එකේ විපාකෙ ! 😼😼
Wow... lve Messi..
ReplyDelete💐💐💐
DeleteThis comment has been removed by the author.
Delete