Saturday 7 September 2019

මෙස්සි vs ඔල්මො 25

මෙස්සි vs ඔල්මො 25 

🐈🐕🐈🐕🐈🐕



මම - ඔයා මොකද්ද කීවෙ මට ඇහුන්නෑ 🤔🤔

මෙස්සි - මං කීවෙ මට මාලු ස්ටූ එක්ක එක්ක මැකරෝනි දෙන්න කියල 😻😻

මම - මැකරෝනි හොඳ නෑ කොලොස්ටරෝල් එනව !🙄
මාලු ස්ටූ එක්ක හදන්නම් වැඩිපුර ගම්මිරිස් සුදුලූනු, දාල, කමක් නෑනෙ ! 😌

මෙස්සි - මොකක් ! හැබෑට ඔයාට පිස්සු ? මොන මගුළටද ගම්මිරිස් සුදුලූනු, ? 🙀🙀

මම - සෙම , කොලෙස්ටරෝල් ඔක්කොම කැපිල යන්න අනේ ! ඒව බෙහෙට් 😍

මෙස්සි - මට ඇති සෙමක් නෑ! අනික මට කොලෙස්ටරෝලුත් නෑ. 😼මට යස අපූරුවට අර ටක්ක ටොකොස් ගගා උඩ පැන පැන යන කෝටු බකල කෙල්ලොන්ට වඩා හොඳට කැට් වෝක් එක කරන්න පුලුවන් ! 😸

මම - ඉතින් ඔයා පූසෙක් නෙ ! පූසෙක් කැට් වෝක් නොකර මොකෝ ක්‍රොකඩයිල් වෝක් කරන්නයෑ විකාර ! 😜😜

මෙස්සි - අනේ මේ ! දැන් එතකොට අර ඔල්මොරොන්දමා යන්නෙ ඩෝග් වෝක් එකද ? 😾 තනිකරම යන්නෙ එක තැන රවුමට කැරකෙන බමරචක්කර වෝක් එක ! එහෙම නැත්තං විකාරෙන් වගේ වැනි වැනී යන ඔල්මොරොන්දන් වෝක් එක ! 😸😸



No comments:

Post a Comment