මෙස්සි vs ඔල්මො 24
🐈🐕🐈🐕🐈🐕
මම - මෙස්සි මොකෝ මේ කිරි ඉතුරු කරලා ?
මෙස්සි - මට එපා !
මම - ඇයි ?
මෙස්සි - මම ඩයට් !
මම - මොකක් ?
මෙස්සි - ඔවු ඔවු මම ඩයට් ! ඔයාගෙ තියන නපුරු කමට මට එක එක ඒව ගිල්ලෝල මාව තඩි කරල , මාව කැත කරල , මට යන එන මං නැති කරන්න හැදුවට මං ඕවට අහුවෙන්නෑ. මං මීට පස්සෙ කෑම කන්නෙ ඩයට් ප්ලෑන් එකකට !
මම - අහ්හ් කොච්චර දෙයක් ද අනේ ! මට වදේකුත් නෑ
මෙස්සි - ඔයාගෙ අර ඔල්මොරොන්දන් ඔලමොට්ටල ඔල්මො තරම් මම ඔයාට වද දෙන්නෑ අනේ ! එක්කො මං හෙට ඉදන් ඩයට් කරනව , අදට මට මාලු ස්ටූ එකක් එක්ක මැකරෝනි දෙන්න !
No comments:
Post a Comment