Sunday 13 October 2019

මෙස්සි vs ඔල්මො 31

මෙස්සි vs ඔල්මො 31



මම - මොකෝ ඔලමො ? 🙄🙄

ඔල්මො - ඇයි ඔයා අර මගෙ ලොලිපොප් එක හැංගුවෙ ? 🐶

මම - කී පාරක් කියන්නද ? ඒක කොස්සක් , ලොලිපොප් එකක් නෙමෙයි ! 😡

ඔල්මො - කෝ අර නූඩ්ල්ස් පිඟාන ? 🐶🐶

මම - ඔයාට විකාරද ? ඒ ෆෝන් චාර්ජර්ස් , ඒවා කෑහම ෆෝන් චාර්ජ් කරන්නෙ මොකෙන්ද ? 😡😡

ඔල්මො - කෝ එහෙනම් මම අර ආසාවෙන් කකා හිටිය කරෝල කෑල්ල ? 🐶🐶

මම - මගෙ දෙයියනේ ඔල්මො ! ඔයා ඒ කෑවෙ ලොකු සර්ගෙ සපත්තුව ! 😡

ඔල්මො - ඔය ඔක්කොම ඔයා හංගල නම් , මට අර විස්කිරිඤ්ඤා එක දෙනවද ? 🐶🐶

මම -  දෙයියන්ගෙ නාමෙට මෙතනින් යනවද නැද්ද ? ඒ ගමන ආවා මගෙ හැඳි මිට කන්න ! 🤬😡🤬


No comments:

Post a Comment