Friday 18 October 2019

මෙස්සි vs ඔල්මො 34

මෙස්සි vs ඔල්මො 34 


මම. -  මොකෝ මෙස්සි මේ හරහ වැටිලා නිදි ? 🙄

මෙස්සි - හරහ වැටිලා නැතුව ඔයා කියන්නෙ මට හිටගෙන නිදාගන්න කියලද ? ඇත්තටම ඔයාට වෙන වැඩක් නැද්ද මගෙ හීන කඩාකප්පල් කරනව ඇරෙන්න ? 😾😾

මම. - දැං ඔයා මේ මහ දවල් හීන බල බල ද හිටියෙ ! 😬😬

මෙස්සි - ඔවු අනේ ! ඒක හරි ලස්සන හීනෙ , ඔයාට කියන්න මම පේජ් බෝයි ට ගත්තෙ අර ඔල්මොරොන්දන් ඔල්මො කුක්කව , ඌ බල්ලෙක් නිසා මං පේජ් ඩෝග් කියල දැම්ම. කමක් නෑනෙ ! 😺😺

මම - අනේ ! ඔයා ඔල්මො ට ආදරෙයි නේද ? ඔයාගෙ මගුලට එයාව ගන්න තරම්ම 😍😍

මෙස්සි - ඔයාට විකාර ද අනේ ! මගුල කාගෙද කියන්න මං දැක්කෙ නෑ , මං අර ගොං බල්ලගෙ බඩේ ගෑස් බැලුං බැඳලා ඔලුව වටේ මල් ගහලා , කකුල් වල රිබන් ඇඳලා ඒකව පිටසක්වලට තොලොංචි කරල දානකොටම 😹😹තමා ඔයා මෙතන බෙරිහන් දෙන්න ගත්තෙ ! 
දැං මට හිතාගන්න බෑ ඌ එහෙට ගියාද? ආපහු මෙහෙට ආවද කියල ! 😾😾


No comments:

Post a Comment