Thursday 24 October 2019

මෙස්සි vs ඔල්මො 37

මෙස්සි vs ඔල්මො



මම - මෙස්සි බබා මොකෝ ඔතන ? 🙄

මෙස්සි - මං මේ ඔයාගෙ ලෙඩ බලන්නත් එක්ක ආවෙ , වැඩියම ආවෙ පොඩ්ඩක් කතා කරන්න😽

මම - අනේ කොච්චර හොඳද ? එන්න ඉතින් 😍

මෙස්සි  - මේ , මං මේ අහන්න ආවේ , ඔයාගෙ කොල්ලා බොක්සිං ගහන එක හරි , ඉයාහ්හ් උවාහ්හ්හ්. ගගා.. එයා කොල්ලෙක් නෙ , ඒත් ඇයි අනේ අර බල්ලත් ඒ පස්සෙන් කකුල් දෙකෙං හිටන් චැහ්හ් චැහ්හ් ගගා අත් දෙකෙන් බඩු වලට ගහන්නේ ? 😼😼

මම - අනේ එයා බබෙක් නිසානෙ මෙස්සි , තාම පොඩියි නෙ , එයාගෙ හුරතලේ ! 🥰

මෙස්සි - ආ ඒක මිසක් , ඔයාට ඇහුනද දැන් මුකුත් සද්දයක් එහෙම ? 😼

මම - ඔවු අනේ. මං හිතන්නෙ එහා ගෙදර වෙන්නැති. අපේ ගෙදර බඩු කැඩෙන්න විදියක් නෑනෙ , ගෙදර කවුරුත්ම නෑනෙ. 😕😕

මෙස්සි - නෑ අනේ ඔයා වැරදියි , ඒ ඇහුන සද්දෙ මේ ගෙදරම තමා. අර ඔයා හිටෝල තිබ්බ මල් පෝච්චිය , ආං ඒක බිඳුන සද්දෙ ඒක . 😺😺

මම - මොකක් ! අනේ දෙයියනේ. එහෙම කොහොමද ? 😱😱😱

මෙස්සි - ගණං ගන්නෙපා අනේ , අර ඔයාගෙ හුරතල් බලු බබා බොක්සිං ගහන්න ගිහින් ඒක පෙල්ලුනේ. එයා පොඩිනෙ , ඔයා ඕවා හිතන්නෙපා. මං යන්නං ඈ. ඒක කියන්න ආවෙ ! 😹😹




No comments:

Post a Comment