Sunday 13 October 2019

මෙස්සි vs ඔල්මො 32

මෙස්සි vs ඔල්මො 32


මම - මෙස්සි ඔයා නිදිද ? 🙄

මෙස්සි - කොහෙ නිදාගන්නද අනේ මේ ගෙදර ? ඔයා මට විහිළු කරනවද ? 😾😾

මම - ඕනවට වඩා නිදාගත්තම ෆිගර් එක අවුට් යනව 😀

මෙස්සි - මං ඒක ගානට මේන්ටේන් කරනව , ඔයා මෙතන මගෙ හිත රිද්දන්නැතුව ඉන්න ! දැං ඇයි ආවෙ ? 😾😾

මම - ඔයා හිතන්නෙ ත්‍රීටොන් ඉක්මනට පියාඹල යයිද ? 🙄🙄

මෙස්සි - මං දන්න ටොනෙක් නෑ අනේ , ඔයා ඔය කියන්නෙ අර බැල්කනියෙ පිස්සු නටන බකල පරෙයිය ගැන නම් , ඇත්තටම මට ඔයා ගැන දුකයි , 😼😼මොකද එයා පියාඹල යන්නෑ , එයා ගිහිං තව දෙතුන් දෙනෙක් එක්ක ඇවිත් බැල්කනියෙ කක්ක දානව. ඔයාට වෙන්නෙ හැමදාම ඒව සෝදන්න , කොන්දත් කඩාගෙන ඉන්න එකේ නරකද ලොකු මැඩම් ට කියල ඔය බකලය මස් කරොත් ? 😻

මම - මොකද්ද අනේ ඔය කට ? 😭😭

මෙස්සි - ඊට කලින් කියන්න අනේ ඔයාගෙ අර පිස්සු කොල්ලා ඌට දාපු නම ! මළ විකාර , බකලයෙක්ට දාන්න ඕන බකල නමක් , ත්‍රීටොන් , මළ සමයං ! ඔන්න ඕකව මස් කරන්න අනේ , රස පරෙයි හොද්දක් එක්ක පාං කෑල්ලක්
කෑහැකි ! 😻😻


No comments:

Post a Comment