Monday 21 October 2019

මෙස්සි vs ඔල්මො 36

මෙස්සි vs ඔල්මො 36



මෙස්සි - මේ මෝඩ බල්ලෝ ! මං මේ ඔහේට කතා කරන්නෙ ? මොකද්ද තමුන්ගෙ නම ? 😺

ඔල්මො - ආ මැස්සි අක්කේ. , මං ඔල්මො 🐶🐶

මෙස්සි - මැස්සි නෙමේ ගොනෝ මම මෙස්සි , මෙ ස් සි මෙස්සි , හරියට කතා කරනවා ! දැන් තමුන් මොකද මෙහෙ කරන්නෙ ? මේ ගෙදර එක වගේ පිස්සො දෙන්නෙක්ට ඉඩ නෑ , එක්කෝ කොල්ලා , නැත්තං බල්ලා ! 😼😼

ඔල්මො - කෝ ගොනෙක් ? අක්කේ ගොනා කවුරු වගේද ? ඇයි ඔයා ඔහොම උඩ ඉඳන් කතා කරන්නෙ ? ඇයි පහලට එන්නැත්තෙ , මට උඩට එන්න බෑනෙ , ලොකු සර් වැටක් ගහලනෙ , ඒත් ඔයාට පුලුවන් නෙ ඒකෙන් පනින්න ! 🐶🐶🐶

මෙස්සි - මී හරකෝ ! අනේ මේ ගොං ඔල්මොරොන්දන් බල්ලා ! මේ ගෙදර මිනිස්සු හදන්නේ තමුන්ව හඳට යවන්න, ඊට කලින් මෙහෙන් පැනලා යනවා කොහේ හරි ! 😼😼

ඔල්මො - මී හරක් ? කෝ අක්කේ ඒ සත්තු ? 
හඳ කොහෙද තියෙන්නෙ ? අර අහසෙ තියන එකද ? අපි ඔක්කොම එහෙ යනවද ? අපි සෙල්ලම් කරමුද ? අපි බෝල ගහමුද ? මං ඔයාගෙ නැට්ට හපන්නද ? 🐶🐶

මෙස්සි - දෙයියනේ කෝ මේ ගෙදර මිනිස්සු ? කොල්ල උදේ ඉඳන් හූ කියනව , නැත්තම් බොක්සිං ගහනව , බල්ලා මගේ නැට්ට කන්න අහනව ! අනේ දෙයියනේ , මේ විකාර කාරයො එක්ක ඉඳල මට මගුලක් වත් කරගන්න බැරුව යනවා ! 😿😿😿



No comments:

Post a Comment