Tuesday 21 January 2020

තවත් එක බිරිඳක් 02



" හෙලෝ.... බබා , මාල හත එක්ක ඔයාගෙ කර මාලෙත් මේකට දාලා , කාර් එක නවත්තන්න ඉස්සරහින් ඒක ඔයාට දෙන්න. " ඒ ගමන මාව ඩ්‍රස් කරපු අක්කා. නියමයි , ලක්ශ දෙකක් ද කොහෙද වුනා කියල නැන්දම්ම පාරම්බාපු කර මාලෙ. ඒකෙන්ම හිතාගන්න පුලුවන්නෙ මම ඒ වෙලාවෙ හිටිය සිහියෙ තරම ගැන.  පවන් පොඩ්ඩක් කාර් එක නවත්තන්න කියන්න , නීතා අක්කි මගෙ කරමාලෙ දෙන්න වාහනේ නතර කරන්නලු. මං හිමීට පවන් ගෙ කනට කරල කීවා. ඒ වැඩෙත් හරි. මගේ ඔලුව යකාගෙ කම්මලට හපන්. එහෙන් මෙහෙන් යමපල්ලො විරිත්තනවා. ඒ අස්සෙ මට සුදු කොඩිත් පේනවා. වල ලඟටම ආවා වගේ හැඟීමක් තමයි මට ආවෙ තරු පහේ හෝටලේට ලං වෙනකොට. 

ආයම ප්‍රගීත් ෆෝන් එකෙන් විරිත්තනවා. "ඩාලිං , ඔන්න බෙල්ල පුරා පැචර්ස් එහෙම තියාගන්න එපා කියල නීතා කියන්න කීවා , ඔයාගෙ හෝම් කමින් ඩ්‍රස් එකට බෙල්ලයි කරයි ඕපන් කියලා. " මේ මිනිහට අන්දකයිප්පු කැවිලද ? මම මේ අද රෑ ගෙවාගන්නෙ කොහොමද කියල හිතනව. මූ ගොනා පැච් එකක් ගැන කියෝනව. මං හිතට ආව දහසක් දේ නොකියා , "ප්‍රගීත් මං හිතන්නෙ මම මැරි කරේ වැම්පයර් කෙනෙක් නෙමේ. ඒ නිසා නීතා අක්කිට බය වෙන්න දෙයක් නෑ කියන්න. " කීවා. ඒ අස්සෙ ෆොටො ග්‍රැෆර් කෑ ගහනව. "කෝ එන්න එන්න , මෙතන පොඩි ශොට්ස් දෙක තුනක් ගත්තම වැඩේ ඉවරයි. "

ඔවු ඔවු එයාල නම් ඉවර කරල යයි. ඊට පස්සෙ මම එපෑ පටන් ගන්න. දෙයියනේ ඇයි එකපාරම හාර්ට් ඇටෑක් එකක් වගේ ඇවිත් බහ්හ් ගාල මම මැරිල වැටෙන්නෙ නැත්තේ. මේ වෙලාවට තමා දෙයියනේ අර ඇඩ්වෙන්චර්ස් කතා වල තියන එක පාර අතුරුදහන් වීමේ දේවල් ඇත්තටම වුනානම් කියල හිතෙන්නෙ. මම මා එක්කම කියෝනව. 

"ඔයා සතුටෙන්ද මාශි ? ඔයා ඉන්නෙ මේ ලෝකෙ නෙමෙයි කියල හිතෙනව මට උදේ දැක්ක වෙලේ ඉඳන්ම. " ඒ පාර පවන්. මොනා කියල කියන්නද ? මට මහන්සි මේ ඇඳුම් මේ ජුවලරි මේවා හරි බරයි ! ආයෙම මම බොරු කියෝනව. ඇත්තටම මම මේ මගේ හස්බන්ඩ් ට එක එක වෙලාවලට කියන බොරු කන්ද යමපල්ලො බලාගෙන ඇද්ද ? උන් දැන් පොළොව හාරගෙන හාරගෙන උඩට එනව ඇති මාව පහලට අරන් යන්න. 

ඔන්න මාශි අපේ වැඩේ ක්ලෝස් අදට , හෙට අපේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් එයි හුන්නස් ෆෝල්ස් එකට , එතන පොඩි ෆොටෝ ශූට් එකක් කරමු, හනිමූන් මතක් වෙන්නත් එක්ක. ඒ ගමන මේ බහුභූත ෆොටෝග්‍රැෆර් නදිත් තව විකාර කියෝනව. කාලෙක ඉඳන් නදිත් ව දන්න නිසා ඌ හොඳටම දන්නව මගෙ කටේ තරම. ඒත් මේ වෙලාවෙ ඒ කටේ දිග පළල අලුත් මනමාලය ඉස්සරහ පෙන්නන්න ඕන්නෑ වගේ නිසා මම හිනාවෙලා ඔලුව වැනුවා. 

ඒ අස්සෙ මැසේජ් එකක්- ඩාලිං , ඔක්කොම හරි නෙ ? වැඩේ ලෙසටම වුනානෙ , අපි මේ ඔයාගෙ සකන්ඩ් ඩේ එක ප්ලෑන් කරනව. ඒ ගමන ප්‍රගීත්. ප්‍රගීත් ප්ලීස් ඔයාට පුලුවන් නම් ඔහොම්ම මගේ ෆියුනරල් එක ප්ලෑන් කරන්න , මට දැන් ඇති මේ නාට්ටිය ! මම රිප්ලයි එක කෙටුවා. මෙන්න ඒ ගමන මූ කතා කරනවා. මාශි මොකෝ අවුල. ඔයා පවන් ට කීවෙ නැද්ද ධනූ ගැන ? ඕවා හංගන්න පුලුවන් දේවල්ද බං ? මොන මගුලක්ද කරන්නෙ ? 

කීවා ප්‍රගී කීවා. ඒත් එෆෙයාර් එකක් කියල විතරයි. අනිත්ව කීවෙ නෑ. දැං මට බයයි. සීරියස්ලි මට බයයි. මං ප්‍රගීත් ට කෙඳිරුවා. ප්‍රගීත් කියන්නෙ ධනූ ගෙ හොඳම යාලුව. මං ධනූව දාල ආවට ධනූ මා වෙනුවෙන් හැම දේම කරල දුන්න. මං පවන් ව බදිනව කීවම , ප්‍රගීත් ට එයාමයි කෝල් කරල කීවෙ මචං මාශිගෙ වෙඩිම ලෙසටම කරල දියං මාස දෙකනෙ තියෙන්නෙ කියල. නදිත් ටත් කියල ඩිස්කවුන්ට් දාල දුන්නෙත් ධනූ මයි. මට ඒ ආදරේ තේරුම් ගන්න බැරිවෙයි මැරෙනකල්ම. 

මට තේරෙන්නෙ නෑ මාශි. උඹ මහ විකාර සහගත ගෑනියෙක්. ඕක දැන්වත් කියපං. වැඩේ කරලම මාට්ටුවෙලා පාපොච්චාරණය කරන්න වෙනවට වඩා ඒක ලේසි වෙයි උඹට.මං තියනව. ප්‍රගීත් කියන්නෙ ඇත්ත. මං දැං ඇත්තට මූණ දෙන්න ඕන. මොන දේ වුනත් මම ඒක බාර ගන්න ඕන. 

මාශි., ඔයාගෙ කෝල් එක ඉවරද ? ඔයා වොශ් දානවද ඉස්සෙල්ලම මම වොශ් දාන්නද ? පවන් අහනකොට මම එයාට වොශ් දාගන්න කියල කීවා. මේ හෙයාර්ස්ටයිල් එකේ කටු ගලවන්නම මට හෙට උදේ වෙයි වගේ නිසා. 

ඔයා තාම ඔය කටු ගලෝනවද ? මම හෙල්ප් එකක් දෙන්නද ? ඒ ගමන පවන් උදවු වෙන්නත් අහනව. නාගෙනත් ඇවිත්. උස මහත පිරිච්ච ඇඟ. ඇත්තටම ධනූ ට වඩා කොච්චරක් ලස්සනද ? රත්තරන් පාට හම. පොඩි ආඩම්බරයක් වගේ දෙයක් ආවා හිතට. සමයං ! ඇත්තට මූණ දෙන්න ඕන වෙලාවෙ මම මේ විකාර හිතනව. 

පවන් ! මට ඔයාට දෙයක් කියන්න තියනව. මං ඒක කියන්න පරක්කුයි , මට ඒක ඔයාට කියන්න තිබ්බෙ අස්සන් කරන්න කලින්. ඔයා බලාපොරොත්තු වෙන දේ මගෙ ලඟ නෑ. ! මං හිතට ධෛර්‍ය අරන් කියල දැම්මා. වෙන ඕන දේකට දැං මූණ දෙන්න ඕන ! ආපහු යන්න හරි කමක් නෑ. දැං මට ඕන එකක් ! 

මාශි ? මට පැහැදිළි නෑ ඔයා කියන එක ! 

පවන් , මම සීරියස් . මම වර්ජින් කෙනෙක් නෙමෙයි ! 

මතුසම්බන්ධයි .....

No comments:

Post a Comment