Tuesday 21 January 2020

තවත් එක බිරිඳක් 05



මේ තරම් හොඳ සෙක්ස් පාට්නර් කෙනෙක් , සික්ස් පැක් තියන කඩවසම් හස්බන්ඩ් කෙනෙක් , බැලු බැල්මට හොඳ මහත්තයෙක් , පට්ට සල්ලි කඳක් , තව කෙල්ලෙක් එක්කනම් බෙදාගන්න බෑ කියල මගේ හිත කෑ ගගහා මට කීවා. පවන් ඒ මොහොතෙම ඒ ගර්ල් ට මැසේජ් එකක් කොටලා එදා දවල් ගත්ත අපි දෙන්නගෙ සෙල්ෆි එකක් එක්කම යැවුව.මං අහන්නත් කලින්ම ඒ මැසේජ් එක ගූග්ල් ට්‍රාන්ස්ලේට් ගහලා පවන් මට පෙන්නුවා ! 

මම බැන්දා , මේ ඉන්නෙ මගෙ වයිෆ් , අපිට පාඩුවෙ ඉන්න දෙන්න ! අතීතය ඉවරයි , ආයම කවදාවත් ඒ චැප්‍ටර් එක රිපීට් වෙන්නෑ ! 

ඒ උත්තරේ හරි ස්මාර්ට්. සැකේ ලොස් දාලා මම තද නිල් පාට නයිට්ඩ්‍රස් එකක් එක්ක වික්ටෝරියා සීක්‍රට් නිල් පාට අන්ඩර්වෙයාර් සෙට් එකකුත් අරන් වොශ් එකක් දාගන්න ගියා. ඒ එනකොට පවන් ශැම්පේන් ග්ලාස් වලට ශැම්පේන් දාල. මා දිහා බලාගෙන ඉන්නව. විස්කි බොට්ල් එකකුත් ඒ ලඟ , හැබැයි තාම ඕපන් කරල නෑ. පවන් මාව ඇදල අරන් තුරුල් කරගත්තේ හුළං පොදක් ගානට. ග්‍රීක ප්‍රතිමාවක් වගේ ඉන්න මේ මනුස්සය මගේ හස්බන්ඩ් නේද කියල හිතෙනකොට ධනූ ගෙ ආදරේ නිකං හේදිලා යනව වගේ දැනුනා මට. ඕක තමා ගෑනු ගතිය. 

සුරතාන්ත කීපයකට පස්සෙ සැප නින්දක් ! 

ඇහැරෙනකොට මම හිටියෙ පවන් ගෙ පපුව උඩ. පවන් හරි ආදරෙන් මා දිහා බලා ඉන්නව. තව ටිකක් නිදා ගන්න පණ !   එයා එහෙම කීවෙ නළල ඉඹින ගමන්. මෙන්න බොලේ ආදරේ උතුරණවා. මේ මැරේජ් එකේදි මම බලාපොරොත්තු නොවුන ඇඩිශනල් දේවල් ඒ . මොකද මම එහෙම වචන පවන් ගෙන් බලාපොරොත්තු වුනේ නෑ. එයා බිස්නස්කාරයෙක් , ඔලුවෙ තියෙන්නෙ සල්ලි විතරයි වගේ දෙයක් මගෙ ඔලුවෙ තිබ්බෙ. දෙන දෙයියෝ ලොරි පිටින් දෙනව කියන්නෙ මේකට වෙන්නැති මාශි ! හිප් හිප් හුරාහ්හ් ! ඔන්න මගේ ගොං හිත ආයම  කියවනව. බලාගෙන වැඩිය උඩ පයින්නෙපා , පස්ස ඇනෙයි බිම! ඒ ගමන මගේ තරමක් මෝඩ ඔලුව. 

වෙලාව කීයද බබා ! මාත් මොකටද සකන්ඩ් වෙන්නෙ කියලා එහෙම්ම කියල දැම්මා. තාම 08 යි. මම බ්‍රෙක්ෆස්ට් ගේන්න කීවා රූම් එකටම. නිදාගන්න තව ටිකක්. පාන්දර වුනානෙ නිදාගන්න. කමක් නෑ නිදි නැතුවට මං මෙහෙම ඉන්නම්කො ටිකක්. එහෙම කියල මම හිමීට පවන් ගෙ පපුවෙ ඉරි අදින්න ගත්තා. ආයම ගෑනු මායං ඕන වෙන වෙලාව. මොකද අන්තිම තරඟෙට දැන් මූණ දෙන්න ඕන.  

පවන් , ඔයාලගෙ අම්මල අහයිද ? අර රෙද්දක් දුන්නෙ ඔයාගෙ අම්මා , ඒක තාම අර ස්ටූල් එක උඩ ! මොකද කරන්නෙ ඒකට . අනෙ අම්මේ මෙහෙමත් උපාසක කමක්. පනින්න තියන හත් පිම්මම ධනූ එක්ක පැනලා දැන් හුරතල් වෙන ලස්සන , උඹ නම් මාශී , නිළියක් වෙන්න තිබ්බේ. ඔන්න ආයම මගේ ගොං හිත බෙරිහන් දෙනවා.  ඔයා ඒ ගැන හිතන්නෙපා මාශි , මං ඒක හැන්ඩ්ල් කරන්නම්. ඔයා බැන්දෙ මාව මිසක් අම්මලව නෙමෙයි නෙ. නොහිතා ඉන්න ඕක.  දෙයියනේ පවන් නම් දෙයියෙක් ! මාශී ඔන්න උඹ ආයම කිසිම ගොං කමක් කරන්නෙ එහෙම නෑ , කොහොමත්ම ඔය උඹේ ගොං හිත කියන ඒවනම් අහන්නම එපා ආයෙ. ඒ ගමන මගේ තරමක් මෝඩ ඔලුව. ! වෙලාවෙ හැටියට මම ඔලුව එක්ක එකඟ වුනා ,හිතට ගැහුව පයින් එකක් ! 

මං වොශ් එකක් දාගෙන එන්නම් , ඔන්න ඔය බෑග් එකෙන් මට ලස්සන ඇඳුමක් තෝරන්නකො අඳින්න. තව ටිකකින් නදිත් ෆොටෝග්‍රැෆර් කෙනෙක් එවනව කීවා. මම එහෙම කියාගෙනම වොශ් රූම් එකට ගියා. උණු වතුර ඇඟ පුරාට වැටෙනකොට දැනෙන සනීපෙ එක්ක කලින්දා රෑ මතක් වෙලා හිත නිකං පා වෙනව වගේ දැනෙන්න ගත්තා.  යස් ! මම ලකී ! මම මටම කියා ගත්තා. මම ටවල් එකත් දවටගෙන රූම් එකෙන් එලියට එනකොට පවන් හිටියෙ තරමක නොසන්සුන් මූණක් එක්ක. එක එල්ලේ මගෙ දිහා බලලා ප්‍රශ්නාර්ථ ලකුණක් එක්ක ඩ්‍රසින් ටේබල් එක උඩ තිබ්බ බෙහෙත් කාර්ඩ් එක දිහා බැලුව පවන් , මාශි මට ඇත්ත කියන්න ! ඔයා කී කාලයක් මේ මගුල් බීවද ? 

මගුලයි ! දැන් කොහොමද මේ හර්ඩ්ල් එක පනින්නෙ ? 

මතු සම්බන්ධයි 



No comments:

Post a Comment