Tuesday 21 January 2020

තවත් එක් බිරිඳක් 13



අනේ ඩාලිං ඔයානම් ඇත්තටම බේබි ඩෝල් කෙනෙක් වගෙමයි. මේ බ්ලඩ් රෙඩ් ෆ්‍රොක් එක ඔයාගෙ ස්කින් කලර් එක එක්ක මාරෙටම මැචින්ග්. සීරියස්ලි මාශි , මං ඕන තරම් බ්‍රයිඩ්ස් ලා ඩ්‍රස් කරල තියනව , ඒත් මං මේ අවංකවමයි කියන්නෙ ඔයා මාරම මාර කියුට් අනේ , නීතා අක්කි එහෙම කීවෙ ලාවට කම්මුලක් ඉඹින ගමන්. අනේ නිකා ඉන්න කියහං මාශි , ඔය ගෑනිගෙ රස්සාවෙම කෑල්ලක් හැම මනමාලිටම ඕක කියන එක , ඒත් ඉතින් අනේ ඇත්තටම ද අක්කී කියල ඔයත් මුරුංගා අත්තෙ මුදුනෙ තාලෙට ඉන්න ඉතින් , මෙන්න බඩිත් නැගිටගෙන මේ මළ පාන්දර. ඔයා කොයි වෙලේද නැගිට්ටෙ ? නිදිමත් නැද්ද ? මං බඩී ගෙන් ඇහුවෙ ගුඩ්මෝර්නින්ග්, වත් නොකියම. 

කොහෙ නිදාගන්නද අනේ , මේ මළ කරදර එක්ක. ඒක නෙමේ පවන් ව දැම්මද කාමරෙන් එලියට ? කෝ පේන්න නැත්තෙ මොකෝ ? අනේ බඩී , එයා මේ මහ පාන්දර කොහෙ යන්නද ? එයා වොශ් දානව. මාශි , ඔන්න ඒ ගමන නීත අක්කි මගෙ දැහැන බිඳිනවා.. අක්කී..  ඇයි. ? 
පවන් මාර හැන්ඩිය නේද ? ධනූව අහලකින් වත් තියන්න බෑ නේ , ඔයා මාර ලකී ආ..  ලස්සන , පර්සනැලිටි එක , සල්ලි එක්ක උගත්කම එකතු වෙන කෙනෙක් ලැබෙන්නෙ කලාතුරකින් , නීත අක්කි ඒක කීවෙ ඉරිසියාවකින් ද මන්දා.
අනේ නිකා ඉන්න අක්කි , ඉතින් එහෙනම් ඔයාගෙ හසිත අයියත් ඔය ඉන්නෙ මරුවට. මං කීවෙ හසිත අයියගෙ මූණ මතකෙට ගන්න ගමන්. 

මාශි , ඔයාට පොඩ්ඩක් විකාරයි වගේ නේද ? ඔලුව වැදුනද ? ආයම බඩී කුටු කුටු ගානව ඒ ගමන. ඇයි මොකෝ මං ඇහුවෙ රහසෙන් බඩීගෙන් ,  නෑ මං මේ කාවවත් පහත් කරනව නෙමේ මාශි , ඒත් ඇත්තටම හසිත නිකං ලබ්බ බැස්ස වගේ නේද නිතරම ඉන්නෙ රුයිතෙට. නෑ මං නිකමට කියන්නෙ , ඔයා මේ දැන් නීතට හසිත ගැන කීව නිසා , ඔයාට හිතෙන්නැද්ද හසිත නිකං අර කිරෙං බාල වෙච්ච එකෙක් වගේ කියල. ඉහේ ඉඳන් කකුල වෙනකල්ම එක එක තොරොම්බල් එල්ලගෙන ඒ මදිවට පච්ච සිරා වගේ පච්ච කොටාගෙන , නිකං කැරොල් කරත්තයක් වගේ නේද ? ඇත්තම කියන්න මාශි , ඔය ඉහේ ඉඳන් තොරොම්බල් පොරෝගෙන ඉන්න පිරිමි ඇත්තටම නිකං හෙන චීත්ත මොඩ්ල් නේද ? 

මොනාද බඩී මෙ කියවන්නෙ , ඇත්ත වුනත් ඔහොම හෙණ ගහන්න වගේ කියන්නෙපා අනේ. ඒක කැතයි. මං ශේප් එකේ බඩීට හොඳ නරක කියා දුන්න. 

ඔය අතරෙ තමා පවන් ආවෙ නාගෙන එලියට. මාව දැක්ක පවන් හරියට නිකං පිස්සු වැටුන වගෙ වුනා. ඇත්තටම ඒ ඇස් මත් වෙලා ගියා. 

වාවු මාශි , රියලි , ඔයා නම් ෆේරි ටේල් එකක එන ප්‍රින්සස් කෙනෙක් වගේමයි. හරියට සින්ඩරෙල්ලා වගේ , ස්නෝවයිට් වගේ , ඇත්තටම ඔයා සුරංගනාවියක් වගේ. තෑන්ක්ස් නීතා. ඇත්තටම ඔයා මාශිව ලස්සනට ඩ්‍රස් කරල. ඕ.. පවන් තෑන්ක්ස් අනේ , ඒත් ඇත්තම කතාව නම් මාශි හැබෑවටම ලස්සනයි. ඒ නිසා මට අන්දන්න මේකප් කරන්න ලේසියි. කෝ ඔයත් ඇඳගන්න දැන් ඉක්මනටම , අපි එලියෙන් ඉන්නම්. දැන් ෆොටෝග්‍රැෆර්ල ඒවි. 

නදිත්, කට්ටිය එක්ක ඇවිත් මාව එහෙට මෙහෙට කර කර ෆොටෝ ගන්න අතරෙත් මට කල්පනා වුනේ හෙටින් පස්සෙ ජීවිතේ කොහොම වෙයිද කියල.

හෝම්කමින් එකට ඇවිත් හිටිය හැමෝම වගේ කතා වුනේ මගෙ ලස්සන ගැන. ඒක එහෙම වෙන්නම ඕනනෙ කියල බඩී හිමින් මට කීවා. මෙන්න ඒ අස්සෙ අර තේ උඩිච්චි තවත් කෙල්ලෙක් එක්ක මා ලඟ. 

හායි , මම පවන් ගෙ කසින් , ඔයාට මතකද ? 
අපොයි ඔවු , මොකෝ මට අමතක , ඔයාව කොහොමත් මමයි මාශියි තියන් ඉන්නෙ අමතක නොකරන ලිස්‍ට් එකේ , ඒ ගමාන් බඩී ඒ මැද්දට කට දාපි. බඩීව ගණන් නොගෙන මම ඔවු මතකයි අක්කෙ කියල හිනාවක් දැම්ම. 
කෝ අනේ ඔයාගෙ වෙඩින් රින්ග් එක , කෝ බලන්න , අනේ මේ වයිට් ගෝල්ඩ් ඇන්ඩ් ගෝල්ඩ් ද ? මම නම් දාන්නෙ කවද හරි වයිට් ගෝල්ඩ් විතරයි , මේං මේකි ආයම කතුර වගේ කියෝනව. මං ඉතින් හිනා වුනා. ඕවට මොනා කියල කියන්නද ඉතින්. 

ඉතින් කොහොමද ? හනිමූන් එක හොඳට තිබ්බද ? මේං මේ හොල්මන ආය කියෝනව. මෙයාට මොකටද ඔයාගෙ හනිමූන් එක , මාශි , ඔයා කියන්න, ඔවු පට්ට , පවන් මාර ප්ලේයර් කෙනෙක් නෙ , ඔයා මිස් කරගත්තෙ අපරාදෙ කියල.බඩී ආයම කියෝනව. එයාව ගණන් නොගන්න මං තීරණය කරල තිබ්බ නිසාම මම කීව , ඔවු අනේ ශෝක් , පවන් ගෙන්ම අහන්නකො කියල. මෙන්න ඒ ගමන ආවට වඩා ඉක්මනටම ඒ ඉස්කුරුප්පුව යාලුවත් ඇදගෙන යන්න ගියා. 

මාශි , ඔයාට ටයර්ඩ් පාටයි ඩාලිං , රෙඩ් බුල් එකක් ගෙන්නල දෙන්නද ? මෙන්න මගේ ප්‍රගී ඇවිත්. එපා ප්‍රගී , ඔයා ගාව මීර ගෙ කන්ටෑක් නම්බර් එකක් තියනවද ? මට මීරාව මිස් වුනානෙ එයා ඔසී ගියාට පස්සෙ. මට එයාව කන්ටෑක් කරගන්න ඕන, කාලෙකින් කතා කරේ නැනෙ. 

මීරා ව ඇයි ඔයා මේ හදිස්සියෙ හොයන්නෙ ? ඔයාට ඔසී යන්න හිතිලද ? 

මතු සම්බන්ධයි 

No comments:

Post a Comment