Tuesday 21 January 2020

තවත් එක් බිරිඳක් 12


හෙලෝ මාශි , හෙට පාන්දර 4 වෙද්දි නීතා අක්කි එනව ඔයාව ඩ්‍රස් කරන්න , ඔන්න ඇහැරල ඉන්න හරිද , මොකද ඊයෙ අර ෆොටෝග්‍රැෆර්ල කට්ට කෑව වගේ නෙමෙයි නීතා ව රස්තියාදු කරොත් , ඔයාට බාගෙට ඩ්‍රස් කරන් තමා හෝම්කමින් එකට ඉන්න වෙන්නෙ. අනේ ප්‍රගී මං එලාම් තියල ඇහැරෙන්නම් , ඒ නැතත් ඔයාට පුලුවන් නෙ මට පාන්දර 3 ඉඳන් කෝල් කරන්න නේද ? 

මම එහෙම කීවෙ ප්‍රගී ව අවුස්සන්න හිතාගෙන , පවන්ගෙ තුරුලෙ ඉඳන් , පවන් මගේ මූණට වැටිල තිබ්බ කොන්ඩෙ කෑල්ලක් කණ ගාවින් පිටිපස්සට දාල හිමීට කන් පෙත්තක් ඉම්බා. ඇඟ හිරිවැටිලා යද්දි , ප්‍රගී එහෙනම් මම තියනවා , ඔන්න මම ෆුල් සවුන්ඩ්ස් දාල තියෙන්නෙ ඔයා මට 3 ඉඳන් කතා කරන්න එහෙනම් හොඳේ කියාගෙන කෝල් එක කට් කරා. පවු අනේ ඒ අහිංසකයා , ඔයා අවුස්සනව ඌව, පවන් කිවේ තවත් මාව තුරුල් කරගන්න ගමන්. 

අවුස්සනව නෙම් අනේ ඒ මගෙ හැටි , අනික ඒක ප්‍රගී ට වදයක් වත් කරදරයක් වත් නෙමෙ. එයාට ගානක් නෑ ඒකෙ. මම කීවත් නැතත් ප්‍රගී හෙට පාන්දර 3 වෙද්දි මට කෝල් කරනව ශුවර් එකටම නැගිටින්න කිකිය. ඒ එයාගෙ හැටි , මේ මගේ හැටි ඉතින්. පවන් මගෙ ඔලුව රිදෙනව. පැනඩෝල් ආන්ස්වර් කරන්නෙත් නැද්ද මන්දා අප්පා. මං කීවෙ පවන් ගෙ කකුල් දෙක් උඩින් ඔලුව තියාගෙන ඇලවෙන ගමන්. හිත යටින් බලාපොරොත්තු වුනේ හොඳ හෙඩ් මසාජ් එකක්. ඒක තමා ගෑනු ගතිය. හිතේ දේවල් තෙරපගෙන වෙන වෙන දේවල් වලින් ඒක අඟවන එක. 

එන්න මං ඔලුව අතගාන්නම් , පවන් කීවෙ මගෙ හිත තේරුම් අරන් වගේ. ආ මාශී , දැං ඔය ඔලුව අතගාන්නෙ අර ඉස්සෙල්ල බලු බැනුම් අහපු ඔයාගෙ හැන්ඩ්සම් හස්බන්ඩ් නේද ? ඔන්න ඉතින් බඩී ඕන්නැති කතා ඇදල ගන්නව. අනෙර් නිකා ඉන්න බඩී , ඔයාම නේද කීවෙ මාශි , පවන් බල්ල වෙලා ඉන්නෙ අපි ඔන්නොහෙ ඉමු කියල. දැන් මොනාද මේ කියන්නෙ ඉතින්. ඔයා පොඩ්ඩක් සද්ද වහල ඉන්න මං මෙහෙම්ම ටිකක් නිදාගන්නකල්. මං එහෙම බඩීට කීවෙ ඇත්තටම මට ටිකක් නිදාගන්න ඕන වෙලා තිබ්බ නිසා. 

පවන් ගෙ කකුල් දෙක උඩ ඔලුව තියාගෙන ඉන්න අතර වාරෙ මං එක එක දේ ගැන කල්පනා කරා. මීරා ! මීරා බැන්දෙ අවු. 7 ක එෆෙයාර් එකකින්. ඒත් කසාදෙ තිබ්බෙ මාස 6 යි. ඩිවෝස් , ඇත්තටම ඇයි මීරා ඩිවෝස් වුනේ. ඇයි මම ඒ ගැන කවමදාකවත් මීරා එක්ක කතා නොකලෙ. එයාගෙ හිත රිදෙයි කියලද ? නැත්තම් අනුන්ගෙ දේ හාර අවුස්සන්නෙ නෑ කියන ප්‍රතිපත්තියෙ මම ඉන්න නිසාද ? ඒත් මීරා එක්ක කතා කරන්නම ඕන කියල හිත බල කරේ මේ ප්‍රශ්න නිසාම වෙන්න ඕන. 

ඔයා කියන්නෙ බඩී ඇත්තටම ඇයි මීරා අඩුම අවුරුද්දක් වත් නොයිද ඩිවෝස් වුනේ ? මං ඇහුවෙ බඩී ගෙන්. මීරා ගැන දන්න මෙතන ඉන්න එකම කෙනා බඩී විතරනෙ. මන්දා මාශි , ඔයාට මතකද ඒ දවස , මීරා කෝල් කරල අඬාගෙන ඔයාගෙ ගෙදර ආව දවස ? එදා ඔයා ඇහුවෙ නැතුවට ඔයත් හොඳටම දැක්ක නේද මීරා ගෙ ඇඟේ තැන තැන නිල් වෙච්ච පැල්ලම්. ඔයා විස්වාස කරනවද ඒ පඩිපෙලෙන් වැටුන පාරවල් කියල. මං හිතන්නෙ යාලුවෙලා ඉන්නතාක් නිදාගෙන හිටිය මෘගයෙක් ඩිලන් ගෙ ඇඟේ ඉඳල කසාදෙන් පස්සෙ නැගිටින්න ඇති. ඒ මෘගයා එක්ක මීර ට තවත් ඉන්න බැරුව යන්න ඇති. ඒත් මාශි මං නම් කියන්නෙ ඔයා මීර එක්ක කතා කරන්න. අහන්න. මං බඩී එක්ක එකඟ වුනා. පස්සෙ වෙලාවක මීරා ට කෝල් කරන්න ඕන. 

පවන් අපි අද කලින් නිදාගමුද ? මට හරි තෙහෙට්ටුයි. මම එහෙම කීවෙ ඇත්තටම මගෙ ඔලුව / හිත මේ ඔක්කොම උදේ ඉඳන්ම තෙහෙට්ටුවට පත්වෙලා තිබුන නිසාමයි. පවන් ඒකට මුකුත්ම නොකියා , හිනා වුනා. ම්ම්ම් , කාල නිදා ගමු. නැත්තම් ගෑස්ට්‍රික් වැඩිවෙයි ඔයාට. පවන් කීවෙ ඔලුව අත ගාන ගමන්. ඔයා කොහොමද දන්නෙ මට ගෑස්ට්‍රික් කියල ? මම ඇහුවෙ මම ඒ බවක් නොකීව බව හොඳටම මතක නිසා. කට කොනකින් හිනා වෙච්ච පවන් , ඇයි අර ඩයජින් කාර්ඩ් එකක් තියෙන්නෙ ඔයාගෙ පර්ස් එකේ. මං ඒක දැක්ක පැනඩෝල් දෙකක් ගන්න බලනකොට කියද්දි , අහ්හ්.. ඒකයි... කියල මං කීවෙ හිනාවක් දාගෙන. 

මාශී , ඔන්න පුතේ අනවශ්‍ය වැඩක් , එයාට වැඩක් නෑනෙ ඔයාගෙ පර්ස් අදින්න , මෙන්න ආයම බඩී කොක්කක් දාන්න ලෑස්තිය. අනේ මේ බඩී , මට පොඩ්ඩක් ඉන්න දෙන්න අපි ඕක ගැන පස්සෙ කතා කරමු. 

මතු සම්බන්ධයි 


No comments:

Post a Comment