Tuesday 21 January 2020

තවත් එක් බිරිඳක් 03


පවන් ගෙ මූණ එකපාරට වෙනස් වෙනව මම  බලාගෙන හිටියෙ කණ්නාඩියෙන්. දැං ඉතින් මම කියල ඉවරයි. ආය ඒ වචන ඇදල ගන්න බෑනෙ. දැං ඕන කඳුළු. වෙන වෙලාවක නම් හිතන්න කලින් උතුරන්න කඳුළු. චික්. ඕන වෙලාවට කඳුලක් වත් නැති හැටි. ආයම මම මා එක්කම කියෝනව. මස් කාරා එක පොඩ්ඩක් පොඩි කරලා ඇහැම පොඩි කරාම යංතම් කඳුලක් ආවා. ඒ මදෑ වෙලාවෙ හැටියට. 

මං ඒ කඳුළ එක්කම පවන් දිහා බැලුව. ඒ මූණ හිස්. කිසිම හැඟීමක් තිබ්බෙ නෑ. පවන් එක එල්ලෙම මා දිහා බලනකොට නම් ඇත්තටම මට බය හිතුනා. එවෙලෙ නම් ඇඬුනෙ බයටම. දැං ඊගාව වෙන්නෙ මොකද්ද කියල මට හිතාගන්න බැරුව මම වට පිට බැලුව. හොඳ වෙලාවට බෑග් එකත් තාම ගෙනා විදියටමයි. හෑන්ඩ් බෑග් එක ඇඳ උඩ. ඒක කාර් එකට දාන්න ඇත්තෙ නෑනා වෙන්න ඕන. මොකෝ මනමාලියො හෑන්ඩ් බෑග් අරන් යනව කියල එකක් තියනවෑ. හදිස්සියෙ හරි පවන් කීවොත් ආ අතක් බලාගෙන පළයං කියල යන්න සල්ලි වත් තියනවද කියල මම කල්පනා කරා. 

පවන් මුකුත්ම නොකියා ලොකු හුස්මක් අරන් , යන්නකො ඉස්සෙල්ල වොශ් එකක් දාගෙන එන්න. ඊට පස්සෙ අපි කතා කරමු. කීවා. යකා හිතපු තරම්ම කලු නෑ. ඔන්න ආයම මගේ හිත මට කතා කරනව. හරියටම යස්ස ළමිස්සි එකේ මිනී මං වගේ. ඇත්තටම අපි හැමෝ ගාවම මිනී මං කෙනෙක් ඉන්නව. එයා එලියට එන්නෙ අපි නන්නත්තාර වෙලා ඉන්න වෙලාවලට. ඔන්නොහෙ ඕන එකක් , මං මගේ ෆේස් වොශ් එකත් අරන් බාතෲම් ගත වුනා. 

පැයක් විතර මං නාන්න ඇති මං හිතන්නෙ. ඒ මුලු කාලෙම මගේ ගොං හිත මා එක්ක වාද කරා. පවන් ගෙ උසාවියේ දැන් මම විත්තිකාරි. යුශ්මතී වැරදි කරුද ? නිවැරදි කරුද ? කවුද මිනිහෝ වැරදි කරේ ? තමන් ආදරේ කරන මනුස්සය එක්ක සෙක්ස් කරන එක වැරදිද ? ඒක යකාගෙ තීන්දුවක් නෙ. ඒක මානව අයිතිවාසිකමක්. මගේ ගොං හිත එහෙම කියන්න කීවට ඊට වඩා ටිකක් මෝඩ කමින් අඩු මගෙ ඔලුව වෙනස් උත්තරයක් දුන්නා පවන් ට කියන්න. මං ධනූ එක්ක එකට හිටිය එක ඔයාගෙන් හංගපු එක වැරදියි , සොරි. ඔයා කැමති තීරණයක් ඔයාට ගන්න පුලුවන් . මම ආපහු ගෙදර යන්නම්. ! ඕක කියන්න ඕන හොඳට අඬාගෙන කියලත් මගෙ ඔලුව මට කියා දුන්නා. 

හරි පැයක එකහමාරක වගේ නෑමෙන් පස්සෙත් පවන්ට දෙන්න උත්තර හදාගෙන ඉවර විල්ලෙනුත් මට තරමක ෆ්‍රෙශ් ගතියක් ආවා. ගෑණු මායම් කියල දෙයක් තියනව නේද කියල මගෙ ඔලුවට ආවෙ අන්න ඒ වෙලාවෙ. මම හනිමූන් එකටම කියල සිංගප්පූරුවෙන් ගෙන්නපු සෙක්සි නයිට්ඩ්‍රස් ඕන වෙන්නෙ මෙන්න මේ වෙලාවට. කොහොමත් මම පට්ට ලස්සන කෙල්ලෙක්. ඒ ගැන නම් මට කිසිම ඩවුට් එකක් නෑ. ඒ නිසාම මට මේක ගොඩ දාගන්න පුලුවන් කියන කන්ෆිඩන්‍ට් එක එක්ක මං බාතෘම් එකෙන් එලියට ආවා. ! 

කාමරේට , ආ නෑ උසාවියට ! 

කහ පාට ස්කින් කලර් එකට මැච් වෙන්නෙ ගිණි රතු නයිට් ඩ්‍රස් එක. ඒකටම සෙක්සි අන්ඩර්වෙයාර්ස්. බර ගානක් දීලා මේව ගෙන්නුවෙ අදින්නනෙ. වැඩක් ඇතා හෝ නැතා අඳින්න එපෑ. මං ඉතින් එහෙම හිතලා ඒකත් ඇඳ ගත්තා. යන්තමට ඇඳ පැත්ත බලනකොට මෙන්න මේ මිනිහා ගොරවනවා. ! මෙහෙම්ම නිදාගන්න අරිනවද ? නැත්තම් ඇහැරවල ඉල්ලන් කනවද කියල හිතන ගමන් , මම ඩ්‍රසින් ටේබල් එක ගාවට ගිහින් , පර්ෆියුම් චුට්ටකුත් ලාවට කන් දෙපැත්තෙ ගාගත්තා. වෙලාව හවස 7 ට වගේ ඇති. 

ආයම මම ඇඳ පැත්ත බලනකොට පවන් ලාවට ඇස් ඇරලා ආයම ඇස් වහන් අනිත් පැත්ත හැරුනා. මිනිහා නිදි. ඒකත් හොඳයි. දැන් තමා මං කරන දෙයක් කරන්න ඕන. උසාවිය වුනත් මෙහෙම අපිළිවෙලට තියල බෑනෙ. ඒ නිසා පිළිවෙලක් කරන්න ඕන. ඒ නිසා මම බෑග්ස් එහෙම එහෙට මෙහෙට කරලා කාමරේ පිළිවෙලක් කරා. දැන් ඔය තියෙන්නෙ අපූරුවට . දැං ශැම්පේන් බෝතලේකුයි , ඉටිපන්දම් ටිකකුයි ඕර්ඩර් කරන්න ඕන. රෙඩ් රෝස් නම් මේ තියෙන්නෙ කාමරේ හැම තැනම. විනාඩි 10 න් ඔක්කොම රෙඩි. තරු පහේ හෝටල් කියන්නෙ නිකංයැ. අපි ගෙවන ගානට උන්ගෙන් සේවෙකුත් වෙන්න එපෑ. 

ෆුල් සෙක්සි කාමරේක ඉටිපන්දම් එලියෙන් අඩ නිරුවත් පට්ට ලස්සන සෙක්සි වයිෆ් ට අද රෑ ගොඩ දාගන්න පුලුවන් වෙන්න කියලා මම දෙවියන් ට කියන ගමන් , පවන් ට කතා කරා. පවන් , නැගිටින්න. ඇස් ඇරල වහලා ආය ඇස් ඇරිය පවන් , මාශි ! මේ ඔක්කොම ඔයාද ලෑස්ති කරේ ? ඇහුවා. 
හ්ම්ම් මම කීවෙ හෙමීට. උසාවිය ලෑස්තියි ! දැන් තියෙන්නෙ නඩු අහන්න ! කෝකටත් මං ශැම්පේන් ග්ලාස් එකක් බීගෙන බීගෙන ගියා. හිතට ධෛර්‍ය එපෑ ! 

පවන් , මට සමාවෙන්න ! ඇත්තටම මට ඒක කියන්න තිබ්බෙ ඔයාව බදින්න කලින්. ඒත් ප්‍රශ්නයක් නෑ ඔයාට මාව එපානම් මම ආපහු යන්නම් ගෙදර ! මං හොර පූසි වගේ කීවා. ඔස්කාර් සම්මානෙ දෙන්න වටින රඟපෑම. පවන් හිටියෙ ඒව ඇහෙන මානෙක නෙමෙයි. එයා ඇස් වලින් මාව විඳිනව. ඒ ඇස් මත් වෙලා. මම තව පොඩ්ඩක් මත් කරන්න වගේ කකුලක් පිට කකුලක් දාගන්න ගමන් කොන්ඩෙ උඩට කරල ක්ලිප් එකක් ගහගත්තා ! 

මාශි ! පවන් මගෙ ඇස් දිහා බලාගෙන කතා කරා. 

මතු සම්බන්ධයි .



No comments:

Post a Comment