Tuesday, 21 January 2020

තවත් එක් බිරිඳක් 10



මගේ හිතේ තිබ්බෙ මහා හිස් කමක්. ඉස්සරම දවසක මීරා කීවා වගේම පිරිමි කියන්නෙ මහ ජරා ජාතියක් , මං හිමීට මටම කියා ගත්තා. මං ගෙදර යනව කියල හිතට ආව ගට එක්ක කියල දැම්මට මට ඇත්තටම ආපහු ගෙදර යන්න පුලුවන් ද කියන ප්‍රශ්නෙ මගෙ හිතේ දෝංකාර දෙන්න ගත්තා. මං අම්ම තාත්තා ට කියන්නෙ මොකද්ද ? මං ධනූ එක්ක එකට නිදාගත්තාය , ඒක මාට්ටු වුනාය , ඒකට කතාවක් ඇති වුනාය ඒ නිසා ආවය කියල කියන්නද ? නැත්තම් මේ මිනිහා මට බොරු කරාය කියල කියන්නද ? මගෙ ඔලුව පුපුරල කෑලි කැඩෙන තරමට රිදෙන අතරෙ මම හෝටල් කාමරේට ආවා. 

ඔන්නොහෙ ඕන එකක් , මං වෙඩින් එක ඉවර වෙලා හෝටලේ ට එන්න කාර් එකට නගිනකොට මගෙ නෑනා දුවගෙන ඇවිත් මට දුන්න මල්ල ගත්තා. ඒකෙ තිබ්බෙ ලියුම් කවර. ඒ කියන්නෙ හම්බුන සල්ලි , මං ඒක ගනින්න ගත්තා. මෙතනම සෑහෙන ගානක් , මගෙ පොතේ සල්ලි , රත්තරන් බඩු , ඔය ඔක්කොම එක්ක මට කාලයක් ජීවත් වෙන්න පුලුවන් වෙයි. ගෙවල් වලට කියන්න ගියොත් නෙ ප්‍රශ්නෙ. මං යනව කොහෙහරි දිහාක. වෙඩින් එකට අයියා ගානෙ දුන්න ගිෆ්ට් එක සතියක් කාශ්මීරෙ , ටිකට් මා ගාවනෙ , මං යනව තනියම. මං බඩී එක්ක ඉදිරි ජීවිතේ ප්ලෑන් කරා. ඔලුවට නිදි පෙත්තක් දුන්නා. නැත්තම් මට මේ වෙලේ කරදරයි. 

මම ඇඳුම් ඔක්කොම ආපහු බෑග් එකට දාගත්තා. මගුල් මුද්දයි , නැන්දම්මා පාරම්බාපු මහ ලොකු මාලෙයි දෙක ඇඳ උඩින් තිබ්බා. මට මොකටද ඕවා තවත් ? 
කෝකටත් නෑනා ට කෝල් එකක් දාමුද මාශි ? මෙන්න බඩී තව කෙනෙක්ගෙන් උපදෙස් පතනව ජීවිතේ පළවෙනි පාරට. කොහොමත් අයියා එක්ක කියන්න බැරි හැම දේම හැමදාම මම කීවෙ නෑනා එක්ක. ඒ නිසා මේකත් එයාට කියලම ඉන්නව කියල හිතල මම ෆෝන් එකත් අරන් බැල්කනියට ගියා. 

පවන් තාම නැත්තෙ හිතේ දුකට ඇල්ලට පැන්නද දන්නෑ නේද මාශි ? එහෙම වුනොත් මරු නේද ? ඔයා සියළු ඡෝදනා වලින් නිදහස්. එහෙම වෙලානම් තියෙන්නෙ අනේ මගෙ පවන් ඇයි මගෙ දෙයියෝ ඔයා මාව දාල ගියේ කිකිය අඬන්න. අනේ බඩී මේ වෙලාවෙ මගෙ ඔලුව පිස්සු කරන්නැතුව ඉන්න ප්ලීස්. මම බඩී ට පොඩි සද්දයක් දැම්ම.

අක්කේ, පොඩි ප්‍රශ්නයක් , මං නෑනට කතා කරාට මේක කොහොමද කියන්නෙ කියල ගලපගන්න උත්සාහ කරා. මාශි , උඹ කෙලින්ම ඇත්තම කියල දාපං. නැත්තම් නොකියම ඉඳපං. දැං ඕක කීව කියලත් ඇති වැඩක් නෑනෙ එකාතකට, ඒ පාර මං බඩී කීව වගේම නිකං අනං මනං කියල ෆෝන් එක කට් කරා. කෝල් එක ඉවර කරල ආපස්සට කාමරේට එද්දි මෙන්න යකෝ පවන් ඉන්නව ගල් බිල්ල වගේ ඇඳ උඩ. මං නෙමෙයි මූණ වත් බැලුවෙ. 

මං හොටේල් රිශෙප්ශන් එකට කතා කරේ මට එලියට යන්න ටැක්සි එකක් ඕන කියන්න. පවන් මහා හිස් බැල්මෙන් මගෙ දිහා බලලා ආපහු බිම බලාගත්තා. 

මාශි ! ඔයා ඔය යන්නද හදන්නේ ? පවන් ඇහුවෙ බැල්කනියෙන් එලිය බලාගෙන. හරියට මූණ දෙන්න බෑ වගේ. බෑ වගේ නෙමේ මාශි , ඔය මිනිහට මූණ දෙන්න බෑ තමා. බඩී එහෙම්ම කියල දැම්ම ඒ අස්සෙ. අවසාන වතාවට කියල හිතාගෙන මම පවන් දිහා බැලුව. අපිට තවත් මෙහෙම ඉන්න පුලුවන් ද පවන්. ? ඔයා අද කීව වගේම අනාගතේ දවසකත් මම මහා ලොකු වරදක් කරපු ගානට කතා නොකරාවි කියල මට තියන විස්වාසය මොකද්ද ? හොඳම දේ මම යන එක , මම එහෙම හිතනව. 

මාශි , මං ඔයාට හර්ට් කරන්න කියල හිතාගෙන කීවා නෙමෙයි රත්තරන් , මට සමාවෙන්න , මට ඔයාව ඕන. ඔයාව දැක්ක මොහොතෙ ඉඳන්ම මම ඔයාට මහ ගොඩක් ආදරේ කරා. ඒක වෙනස් වෙන්නෑ බබා. ප්ලීස් නවතින්න , මං පොරොන්දු වෙනව ආයම කවදාවත් ඕක කියන්නෑ කියල. ඔයා කීව එක ඇත්ත. ඔයා කරෙත් මම කරපු දේමයි. එහෙම එකේ මම ඔයාට ඡෝදනා කරන එක අසාධාරණයි. ඔයා හරි. 

මාශි , මෙන්න මේ යකා පිස්සු දොඩෝනව. ඔන්නොහෙ එක්කො දැං නැවතිලා , අපේ ප්‍රගී ටත් සාධාරණක් කරලා, පස්සෙම අපි දෙන්න යන්ද යන්න ? මොකෝ කියන්නෙ, නෑ මං මේ කියන්නෙ මාශි, අපේ ප්‍රගී පවු නැද්ද? පස්ස ඉරාගෙන අරහෙ වැඩනෙ. ඒ නිසා පවන් බල්ල මාක් එකට වැටිල ඉන්න වෙලා අපි ඉමු , හා නේද ? කියන්න හා නේද ? ඔයා බඩී කියන එක අහනවද ? පවන් බල්ලා වෙලා ඉන්නෙ ඈ..

මතු සම්බන්ධයි

No comments:

Post a Comment