Tuesday 21 January 2020

තවත් එක බිරිඳක් 09



ඇත්තටම මට ඒක ඔයාට කියන්න ඕන වුනා පවන් , ඒත් මට ඒක කියාගන්න බැරුව ගියා. කීප වතාවක්ම මම ට්‍රයි කරා. , අර අලුත් ගෙදර රූෆ් ටොප් එකේදි ඔයා මාව කිස් කරපු වෙලේ , මට කියන්නම ඕන වුනා. ඒත් ඇත්තටම මට ඒක කියාගන්න තරම් ශක්තියක් තිබ්බෙ නෑ. මං මගේ ඔලුව ගලපල දුන්න උත්තරේ කියල දැම්මා. පවන් මුකුත්ම නොකියා කඩා හැලෙන ඇල්ල දිහා බලා හිටියා. ඒ මූණෙ තිබ්බෙ හිස් බැල්මක්. නිකං පසුතැවෙන ගතියක්. 

ඔයා ගොඩක් කල් ධනූ එක්ක යාලුවෙලා හිටියද ? 

මාශී , ඕකට නං හරි උත්තරයක් දෙන්නෙපා. උඹ ඇත්තම  කීවොත් , අවු. 4 ක් කියලා , ඔය මනුස්සයා උඹ අවු. 4 ම නැටුවා කියලයි හිතන්නෙ. මොකද උඹ ඒ වැඩේ කරේ සෑහෙන්න පස්සෙ කාලෙක කියන්න උඹයි මායි ධනුයි ඇර වෙන කවුරුත් පිළිගන්නෑ. ආයම බඩී වද දෙනව. අවුරුද්දක් , එකහමාරක් විතර. මං ඔහේ කියල දැම්මා ඒ ගමන.  ඇයි ඒක නැවැත්තුවෙ ? මේක මහ විකාරයක් නෙ , එකක් ඉවරවෙනකොට තව එකක්, දැං ඕකෙ සුහද කතා නැද්ද අහපං මාශි , මගෙ ගොං හිතේ කියවිල්ල නම් නවතින්නැති පාටයි. 

මට ඇත්තටම ඒක නවත්තන්න ඕන කමක් තිබ්බෙ නෑ පවන්. මං ධනූ ට ආදරේ කරේ අවංකවම. ඒත් අපේ ගෙදර අය ඒකට කැමති වුනේ නෑ. එයාල වැරදිත් නෑ. ධනූ ට කිසි වගකීමක් තිබ්බෙ නෑ. ඔහේ ජීවිතයක්. ඔය ඔක්කොම එක්ක මම ඒක නැවැත්තුව. දැන් සෑහෙන්න කල් ඒක නවත්තලා.මං අහක බලාගෙන කියල දැම්මා. මූණ බලන් බොරු කියන්න බෑනෙ. පවන් කීවෙ හ්ම්ම් කියල විතරයි. එකාතකට මේ මනුස්සය පවු. මගේ ඔලුව ගොං හිතට රහසෙන් මට හෙමීට කීවා. ඕක අර බඩීට ඇහුනොත් කියවන්න තියාගනීවි ඕසෙට. 

මාශි , උසාවිය අනිත් පැත්ත ගහපං. විත්තිය මාරු කරපං , අර සක්කර වට්ටම එක්ක කී දවසක් බුදියගත්තද අහපං. එතකොට ඒ ගෑනි ව දාල ආවෙ ඇයි අහපං ,ඒ ගෑනිට මුගෙන් ළමයිනුත් ඉන්නවද අහපං. මොකෝ ඕකෙ ඇත්ත නැත්ත හොයන්න උඹ යන්නයැ දැං ඒ රටට. අහපං ඊරියේ අහපං. තුරුම්පු කාර්ඩ් ටික ඔක්කොම ඌටම වාසියට තියන්නැතුව උඹත් එකක් ඇදපං. බඩී විකාරෙන් කියන කතා වලට ඉඩ දෙන්නෝන කියල මම ඒ පාර තීරණය කරා. 

පවන් , ඔයා අර ස්පැනිශ් ගර්ල් එක්ක කොච්චරක් කල් හිටියද ? ඇයි එයාව බැන්දෙ නැත්තෙ. ? 

මම අවු. 2 කට කිට්ටුව එයා එක්ක හිටියා. අපි එක රූම් එකක් අරන් ශෙයාර් කරගත්තෙ. සරළව කීවොත් ලිවින්ග් ටු ගෙදර්, ඒත් මට එයාව බදින්න ඕන වුනේ නෑ. මං ආස වුනේ මගෙන්ම මගේ වෙන කෙල්ලෙක්ට. ඒත් මට ඒක ලැබුනෙත් නෑ. පවන් කීවෙ නිකං ලෝකෙම අතෑරුන ගානට. 

කටයි පුකයි වහගෙන බකං නිලං ඉන්නැතුව කියන්න තියන ටික ඔක්කොම කියල දාපං මාශි. ඇයි යකෝ , අවු. 2 ක් ගෑනියෙක් එක්ක පවුල් කාල ඇවිල්ලා බදින්න හොයනව කන්‍යාවියො. නොදකිං මෙහෙම පිරිමි. ඒ ගමන නම් බඩී ට හොඳටම කේන්ති ඇවිත්. කොයි මිනිහත් එකයි බඩී. මට දැන් මැරෙන්න හිතෙනව. මේ ඇල්ලට පැනලා මං මැරෙන්නද ?  විකාරද මාශි , ආං අර ප්‍රගීත් පිස්සුවෙන් වගේ ලෑස්ති කරන සකන්ඩ් ඩේ එකටත් ඉඳලම මැරෙමු. මං නම් කියන්නෙම කට පියං ඉන්නැතුව කතා කරන්න කියල. එකාතකට බඩී හරි. දැන් තවත් මේ මගුල ගැන මට ආසාවක් නෑ. පිරිමි කම තියෙන්නෙ පෙනුමෙ විතරයි. ඒ නිසා කියන්න තියන ඔක්කොම කියල දාන්න ඕන 

ඒක මහ අසාධාරණ කතාවක් පවන් , ඔයා අවු. දෙකක් එක ගෑනියෙක් එක්ක ජීවත් වෙලා බදින්න හිතනව වෙන කෙනෙක්ව. මොන තරම් බොරුවක් ද ඒක. එහෙම බලනකොට ඔයා කරපු දේමයි මාත් කරල තියෙන්නෙ. මාත් කෙනෙක් ඉන්න කීප වතාවක් සෙක්ස් කරලා බදින්න ඔයාව තෝරගත්තා. මාත් ඔයා වගේම කුළුඳුල් පිරිමියෙක් බලාපොරොත්තු වුනානම් , මගෙත් හිත ඔහොම රිදෙයි නේද ? මොන තරම් විකාරද ඒ කතාව. ඇයි ගෑනුන්ට විතරක් ඔක්කොම කතා. මේක මහ අසාධාරණ ලෝකයක්. ඔයා අවු. 2 ක් කීවම , දවස්ම 730 ක් , ඕකෙන් දවස් 270 ක්ම ලොස් දැම්මත් ඔයා 500 වතාවක් ඒ ගෑනි එක්ක නිදාගෙන ඇවිල්ලා මම දෙතුන් පාරක් හිටිය එකේ කැළල හොයනව. 

මං ඔන්නොහෙ ඕන එකක් කියල හිතන් ඒ ටික කියල දානකොට පවන් ගෙ මූණ නිකං බාගෙට කුණු වෙච්ච ගස් ලබ්බ වගේ වෙලා ගියා. අපි මේ කතාව නවත්තමු මාශි. මේක අපි අමතක කරමු. වගේ කතාවක් මම පවන් ගෙන් බලාපොරොත්තු වුනාට , එයා කීවෙ වෙනනම් කතාවක්. උන් කිසි චාරයක් නැති ගෑනු. ඒත් මං බදින්න හෙවුවෙ ලස්සන පිරිසිඳු පොඩි කෙල්ලෙක්. ඔයා කොහොම තර්ක කරත් ඔයා ගෑනියෙක් විදියට ඔයිට වඩා හිතන්න තිබ්බනෙ. මේක ලංකාව , 

මාශි , ඔන්න බළල පැන්න මල්ලෙන් එලියට. ඔන්න ඕකව ඔය ඇල්ලෙන් පහලට තල්ලු කරල මරල දාල ගෙදර පළයං මාශි. ඔහොම නපුංසකයන්ට වඩා සිය දහස් වාරයක් අර ප්‍රගීත් ල හොඳයි. උන් ගාව මනුස්සකම උතුරණව. මුං මහ බල්ලො. උඹ තව කොච්චරක් කතා කරත් ඔච්චරයි මාශි. මගේ ගොං හිත හරි කළකිරීමෙන් කතාව. 

උදේ තිබ්බ ආදරණීය බව, ඒ ලස්සන ඔක්කොම හුන්නස්ගිරියට දැම්ම වගේ මට හිතුනා. කතා කරල වැඩක් නෑ. මම මටම කියා ගත්තා. මට සමාවෙන්න පවන්. මං ආපහු ගෙදර යන්නම්. වෙඩින් එකට ඔයාට වියදම් වෙච්ච සල්ලි අපේ තාත්තා ගෙවයි. 

මම එහෙම කියල වාඩි වෙලා හිටි ගලෙන් නැගිටලා හෝටලේ පැත්තට යන්න ගත්තා. 

මතු සම්බන්ධයි



No comments:

Post a Comment