Tuesday 21 January 2020

තවත් එක් බිරිඳක් 07



ගෑණියෙක් පිරිමියෙක් ගැන එලිපිට කතා කරොත් ඒ ගෑනි වේසි , සෙක්ස් ගැන තමන්ගෙ ආසාවල් ගැන ඔහේ කතා කරොත් එතකොට ඒ ගෑනි පට්ට වේසි , පනින්න තියන හත් පිම්මම පැනලා කටයි පුකයි වහගෙන පාඩුවෙ උන්නොත් මෙන්න මේ ගෑනි පත්තිනි ! මගේ ගොං හිත මෙන්න ඒ පාර කාලෙකට පස්සෙ වැදගත් කතාවක් කීවා. බරසාර තාලෙට ඔලුවත් ගස්සලම තරමක් මොඩ ඔලුවත් ඒක පිළිගත්තා. 

ඇත්තටම ඇයි බැරි ගෑනුන්ට එලිපිට ආසාවල් කතා කරන්න !  

මිනිහෝ මට උඹව දකිද්දි නම් ඉන්නම බෑ ! 

ඕ මයි ඩාලිං , අයි වෝන්ට් යූ මයි හැන්ඩ්සම් ! 

ඔන්න ඔහොම මොකක් හරි මගුලක් කියලා බදාගෙන ඉඹගෙන ඉඹගෙන යන්න බැරි ඇයි. ? මගේ ගොං හිත දිගට හරහට කියෝනව. 

මාශි ! මොකෝ අනේ කන්න වගේ බලා ඉන්නෙ ? මට විනාඩියක් දෙන්න ලෑස්ති වෙන්න. දැන් බ්‍රෙක්ෆස්ට් ගෙනෙයි.  
පවන් ඒක කියනකොටම අපේ උදේ කෑම කාමරේට ආවා. ඒකෙන් මම කියන්න කටට ආව ගොඩක් දේවල් ගිල ගත්තා. ඒකත් එක අතකට හොඳයි ! නැත්තම් නිකං ඉල්ලං කාලා මෙච්චර වෙලා ගොඩ දාගත්ත තරඟෙ දිනුම පෙනි පෙනීම අතාරින්න වෙන්නෙ. 

ප්‍රපෝසල් වල තියන අවුල ඕකයි. ඒකත් අඳුනගන්න හරි කාලයක් තිබ්බනම් ටිකක් හරි ශේප්. මේක එහෙමත් නෑනෙ. දැන් ඉතින් වෙන්නෙ අඳුනගෙන බැන්දත් එකයි බැඳල අඳුනගත්තත් එකයි වගේ කියල ටික ටික මේ මනුස්සයව අඳුනගන්න එක. ඒකත් නරකම නෑ. හැමෝම එකම වගේ වෙන්න ඕන්නෑනෙ. ඒ නිසා මෙහෙම හොඳයි ! කොහොමත් කවදත් මම කරේ ඔල්මොරොන්දන් වැඩනෙ. 

මම පවන්ට මීට වඩා අවංක වෙලා මීට වඩා විවෘත වෙන්න ඕන. මම මටම කියා ගත්තා. මොනා වුනත් දැන් මේ ඉන්නෙ මගෙ හස්බන්ඩ් ! ඒකෙත් හැටි , කොහොම හිටිය උඹ ද මාශි මේ ? ක්ලාස් යනව කියල ධනූ එක්ක හොටේල් ගිහිල්ලා , වෙනේකක් තියා ධනූ ගෙ ගෙදරත් ගිහිල්ලා , ධනූ වම ඕන කියල උපවාස පවත්වල දවස් ගනන් හොස්පිට්ල් ලැගලා , ! ඇත්තටම උඹ කොහොමද මාශි මේ තරම් ඉක්මනටම වෙනස් වුනේ ? මගේ ගොං හිතේ ප්‍රශ්න වලට ඇත්තටම මා ගාව උත්තර නෑ. ඒත් සරළව මං උන්දැට දුන්නා උත්තරයක් මෙහෙම , දැං මේකනෙ , ළමයි හඳ ඉල්ලනව නහිනව නටනව අඬනව වැළපෙනවා ! එහෙමයි කියල හඳ ලැබෙන්නෑනෙ. අන්න එතකොට ඒ ළමයි ඒ අදහස අතෑරල හිත හදාගන්නව. 

මාශි කාල ඉවරයි ද ? පහලට යමුද ? මොනාද ඔය තරම් කල්පනා කරන්නෙ ? ගොං හිතට තව මුකුත් කියවන්න ඉඩ නොතියා පවන් අහද්දි මම ඒකට එක පාරම කැමති වුනා. නැත්තම් මට කට උත්තර නැතුව යනව ගොං හිතේ ප්‍රශ්න වලට. 

පවන් , ෆොටෝ ග්‍රැෆර් ල ගියාට පස්සෙ අපි පොඩ්ඩක් නිවී සැනසිල්ලෙ කතා කරමුද ? අනික මට මගෙ නම්බර් එක මාරු කරන්නත් ඕන ! මං එහෙම ඇහුවෙ හරි අහිංසක තාලෙට , හැබැයි අවංකවම. හරි අපි කතා කරමු , මාත් කැමතියි කතා කරන්න. හැබැයි මෙ වෙලාවෙ ඔය නම්බර් එක ඔයා මාරු කරොත් නම් බබෝ අර ප්‍රගීත් හාර්ට් ඇටෑක් එකක් හැදිලා එහෙම්ම මැරිල වැටිලා අපිට හෝම්කමින් එක කෙසේ වෙතත් උගෙ ෆියුනරල් එකට නම් යන්න වෙයි. 

පවන් එහෙම කියනකොට මට ඇත්තටම හිනා නොවී බැරුව ගියා. ඒ විතරක් නෙමේ , මගෙ නම්බර් එක නොට් ඉන් යූස්ඩ් වෙච්ච රෙකෝඩ් එක ඇහෙනකොට ප්‍රගීත් ගෙ හැසිරීම කොහොම වෙයිද කියල මම පවන් ට රඟපෑවා ! 
පැත්තට වැටුන කොන්ඩෙ ඔලුව එක්කම ගස්සල , අයියෝ මයි ගෝඩ් ! අනේ මගෙ ලිට්ල් ප්‍රින්සස්, එයාගෙ ෆෝන් එක වැඩ නෑ. , මේක වෙන්න බැරි දෙයක් , අනේ මේ පිස්සු කෙල්ල අර දියෑල්ලට වත් පැන්නද දෙයියනේ පවන් එක්ක ප්‍රශ්නයක් දාගෙන ! අයියෝ , කෝ මේ පොලීස්... අනේ මගෙ හාර්ට් එක ! අයියෝ ! අම්මේ ! හබං ! ප්‍රගී මළා ! 

මං ඒ ටික කරල පෙන්නනකොට පවන් බඩත් අල්ලගෙන හිනා වෙනව දෙකට නැවීගෙන. අනෙ අම්මේ මාශි ඔයාට තිබ්බෙ ඇක්ටර් කෙනෙක් වෙන්න ! පවන් හිනා වෙලාව ඇස් වලට ආව කඳුලක් පිහින ගමන් කීවා.  මෙයා කොහොමත් හොඳ ඇක්ටර් කෙනෙක් තමා පවන් , අර මාල හත දාගත්ත මොහොතෙ ඉඳන්ම මෙයා හරි ලස්සනට රඟපානවා ! ඒ ගමන ගොං හිත ආයම කොහෙදෝ ඉඳන් ඇවිත් කියෝනව ! ෆුල් මාවලස් වෙලාවල් කාබාසිනියා කරන එකම තමා එයාගෙ වැඩේ ! 

මතු සම්බන්ධයි



No comments:

Post a Comment