Tuesday 21 January 2020

තවත් එක් බිරිඳක් 04



පවන් හිටියෙ නිකං එළොව මෙළොව අතර වගේ. ඇස් වලින් ගිලින්ඩ බලාගෙන. මාශි ඔන්න මේක තමා වෙලාව. උඹ දන්න හැට මායං ඔක්කොම දාලා වැඩේ ගොඩ දාපං , මගේ ගොං හිත ආයම කෑ ගහනව. ඒ අස්සෙ මගේ ඒ තරම්ම මෝඩ නැති ඔලුව , කිසිම දේකට හදිස්සි වෙන්නෙපා ගොං මාශි ඉවසපං කියල කෑ ගහනව. ඒ අස්සෙ මගෙ ෆෝන් එක රින්ග් වෙනවා. මේ වගේ රොමෑන්ටික් මොහොතක් කන්න ඉන්න එකම කෙනා ප්‍රගීත් තමයි. මම හොරාට ෆෝන් එක දිහා බැලුවා. ඔවු ඒ ගොං උලමා තමා. මම ඒ ගැන කිසිම උවමනාවක් නොදක්වාම  ෆෝන් එක පැත්තකට කරා. පවන් ෆෝන් එක ඕෆ් කරල දැම්ම. 

පවන් හිමීට මගෙ ලඟට ඇවිත් ඇඟිලි වලින් මගෙ බෙල්ලෙ ඉරි අඳිනවා. හුස්ම කන මුල ලාවට වැදෙනව. ඔන්න එතකොට මගේ ඔලුව කියනවා මේ වෙලාව තමා උබේ වෙලාව කියල. ශැම්පේන් වලට පිංසිද්ද වෙන්න මං හොඳට හිතට ගට අරගෙන පවන් කියල පට්ට අනුරාගී තාලෙන් කෙඳිරුවා. ඒ එක කෙඳිරිල්ලෙන් පවන් මාව වෙනනම ලෝකෙකට අරන් ගියා කීවොත් හරි. සෑහෙන්න හොඳ සෙක්ස් පාර්ට්නර් කෙනෙක්. කියන්න කිසිම අඩුවක් නැතිව ගෙවුන අඩ හෝරාවක්. දැන් තමා මාරයාගෙ හෝරාව. මම පූසියෙක් වගේ පවන්ට තුරුල් වුනා. 

මා එක්ක තරහද ? හරිම ලඳ බොළඳ ලාලිත්‍යක් එක්ක මම ඇහුවෙ හීනියට කන් පෙත්තක් ඉඹින ගමන්. තරහා නෑ ඒත් දුකයි. ඔයාට කියන්න තිබ්බනෙ මට. මම එහෙම පටු විදියට හිතන්නෑ. මෙතනින් එහාට නම් ඔන්න රහස් බෑ. හරිද ? මෙන්න බොලේ මේ යකා හුරතල් වෙනව. ඒ කියන්නෙ මම උදේ ඉඳන් ගැහි ගැහී බිත්තර දාහක් විතර තැම්බුවෙ නිකං. ශිහ්හ් ඕක දැනන් හිටියනම් මගෙ මගුලෙ මට කොච්චරක් සතුටින් ඉන්න තිබ්බද ? පවන් බබා වෙලා ඉන්න වෙලාවෙ මම විතරක් විත්ති කාරය වෙන්නෙ අහවල් එක්කකටද කියල ඔන්න අර මගේ ගොං හිත ආයම මට කියනව. මාශි එළදෙන වෙන්නෙ නැතුව විත්තිකාරයා මාරු කරපං. ! ඔන්න මාශි ලෑස්තියි විත්තිකාරයා මාරු කරල නඩුව අනිත් පැත්ත ගහන්න ! 

කවුද පවන් අර සුද්දෙක් එක්ක ඇවිත් හිටිය ඔයාගෙ කසින්. එයා මගෙ හිත රිද්දුව. එයා කීවනෙ ඔයා මීට වඩා ගොඩක් ලස්සන කාලෙ එයාගෙ වෙලා හිටිය කියල. ඒ අන්තිම ටික මම දැම්මෙ සැකයේ වාසියට. වැඩේ ගොඩ ! මෙන්න නඩුව අනිත් අතට හැරිලා. ඒ නිසලි. මගෙ නෑන. දන්නැද්ද ඉස්සර පොඩි එෆෙයාර් එකක් තිබ්බ. පස්සෙ මං ඒක අතැරිය. එයා USA ගියා. මං ඔසී ගියා. එච්චරයි . ලොකුවට හිතන්න දෙයක් නෑ. ඔයා ඒ ගැන හිතන්නෙපා. ඉරිසියාව ඇති ඔයා වගේ කෙනෙක් මට ලැබුනට.  

මොන බූරුවද දෙයියනේ මේ ලෝකෙ ප්‍රාතිහාර්ය වෙන්නෙ නෑ කීවෙ . ගෑනියෙක්ගෙ හැට හතර මායමට කරන්න බැරි ප්‍රාතිහාර්ය තියනවද මේ ලෝකෙ ? පොඩ්ඩක් සෙක්සි වෙලා වැඩේ ගොඩ දාගන්න විතරයි ඕන. අඩු වැඩිය පුරවන්න තමයි බොරු කඳුළු තියෙන්නෙ. ලොකුම හර්ඩ්ල් එක පැනල තරඟෙ වින් කරාට මොකද අර සුදු රෙද්ද හොයන්න එන ජැජ් බෝර්ඩ් එක ගොඩ දාගන්නෙ කොහොමද කියන එක තමා දැන් වැඩේ. ඒකත් පවන්ටම බාර දුන්නම තරඟාවලියම ශේප්. දැන්නම් බඩගිනි හොඳම එකෙන්. 

පවන් බඩගිනි. අපි කෑම ඕර්ඩර් කරමුද ? ගිහින් කමුද ? මං ඇහුවෙ ආයම බෙල්ල ඉඹින ගමන්. යමු අපි ගිහින් කාල එමු. රූම්  එක අස් කරන්න කියාගෙන යන්නත් ඕන. ඉටිපන්දම් බාගෙට නිවිල. එහෙම කියාගෙන මගෙ නළල ඉබගෙන පවන් වොශ් රූම් එකට ගියා. කන්න යන්න මමත් සැහැල්ලු ඇඳුමක් අතට අරන් ෆෝන් එක ඔන් කරලා අර ගොං උලමා මොකද කියල හිතෙන්නෙ බැලුවා. 

ඩාලිං ! මම ඔයා වෙනුවෙන් ප්‍රේ කරනව. වැඩේ ගොඩ දාගන්න !  එකාතකට පවු. මම මැසේජ් එක ඩිලීට් කරල දාලා , වැඩේ ගොඩ කියල රිප්ලයි එකක් දාල ඒකත් ඩිලීට් කරලා ආයම ෆෝන් එක ඕෆ් කරල දැම්ම. පවන් වොශ් රූම් එකෙන් ආහම මාත් ගිහින් උදේ ඉඳන් තිබ්බ ඔක්කොම ටෙන්ශන් ටික හෝදල දාල ඇඳුමත් ඇදන් කෑමට ගියා. මම ඩයිනින්ග් හෝල් එකට යන අතරෙ පවන් රිශෙප්ශන් එකට ගිහින් රූම් එකේ ඉටිපන්දම් හිස් ශැම්පේන් බෝතල් අස් කරන්න කියනව මම බලාගෙන. 

එකාතකට මාශි උඹ බය වුනේ බොරුවට. මගෙ ගොං හිත මට එහෙම කියනකොට , අනේ නිකං ඉඳපං මං නැත්තං කරයි කියල තරමක් මෝඩ මගෙ ඔලුව කීවා. ඒ දෙන්නට ඕන දෙයක් කරගන්න ඇරලා මම වතුර වීදුරුවක් බීගෙන බීගෙන ගියා. උදේ ඉඳන් හරි හමන් කැමක් නැති හින්දා දෙයියනේ කියල හොඳට බඩ පුරෝගෙන අපි දෙන්නම් රූම් එකට ආවා. ඔලුව පැලෙන්න එන තරමට රිදෙනව. මගෙ අතේ තිබ්බ යතුරෙන් මම දොර ඇරියා. 

දෙයියනේ මට අදහගන්න බෑ. මුළු කාමරේම රෝස , ඇඳ පුරාම රෝස පෙති , බිම ඉටිපන්දම් හාර්ට් එකක් හැඩේට , ඒ මැද තව බෝතලයක්. මේ ඔක්කොම කොච්චර ලස්සන වුනත් මට ඒ වෙලාවෙ නම් ඕන වුනේ ඇද බදාගෙන නිදාගන්න. ඒත් ඉතින් මේ වෙලාවෙ ඕක කියල ආය ඉල්ලන් කන්න ඕනයැ.ඒ නිසා ඒ ඉනිමත් බැට් කරලම ඉන්නවා කියල මම මටම කියා ගත්තා. පවන් මාව හරහට වඩාගෙන ගිහින් ඇඳෙන් තියලා වොශ් රූම් එකට ගියා. එයාගෙ ෆෝන් එකට නොකඩවා මැසේජ් එන්න ගත්තෙ ඒ වෙලේ. 

මේ මොන අපබ්‍රංස භාශාවක් ද ? මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑනෙ . පාස්වර්ඩ් එකට පවන් දාල තිබ්බෙ එයාගෙ අම්මගෙ උපන්දිනේ. මම ඕක දැනගත්තෙ එයා මාව හම්බුන දෙවනි දවසෙ. ඒ නිසාම ෆෝන් එක ඔන් කරගෙන මැසේජ් ඕපන් කරාට ඒ එකක් වත්ම මට තේරුන්නෑ. මොන මගුල් භාශාවක් ද නොදැන ගූග්ල් දෙයියන්ගෙ පිහිට පතන්නත් බෑනෙ. ඒ නිසා මම ගැලරිය ඕපන් කරන් ෆොටෝ බලන්න ගත්තා. මෙන්න එතකොට ආයම අර ඉසකුඩිච්චිය වට්සැප් මැසේජ් කරනව. මේ නම් එසේ මෙසේ මගුලක් වෙන්න බෑ. ගූග්ල් දෙයියන්ට බැරි දෙයක් නැති නිසා මම එයින් එක් මැසේජ් එකක් ගැහුව ගූග්ල්. මේ මොන බාසාවක්ද බලන්නත් එක්ක. 

ස්පැනිශ් ! ආහ්හ්හ් හා එහෙනම් මේ ස්පැනිශ් කෙල්ලක්. මොනාද මේ අම්මණ්ඩි කියන්නෙ එතකොට. බලමුකො ඒකත් අහල ගූග්ල් දෙයියන්ගෙන්. මොකක් ! යකෝ මේ ගෑනි පවන් ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද ? මොනාද මේ කියන්නෙ ? මට ඔයා නැතුව පාලුයි ! අපි එකට හිටිය දවස් මතක් වෙනවා ! ඉක්මනටම එන්න බබා !  නඩුව එහෙම් පිටින්ම අනිත් පැත්ත ගහනව කියන්නෙ ඔන්න ඔය වගේ වෙලාවට. ෆෝන්  එක අතේ තියාගෙන මම හරිම ආසාවෙන් බලා හිටියා පවන් එනකල් ඇඳට ! ඔවු ආදරේ කරන්න, බෙල්ල මිරිකල මරල දාන්න ! 

කිසිත් නොදන්න අහිංසක බබා මූඩ් එකෙන් ආව පවන් ට මම ෆෝන් එක දීලා කවුද මැසේජ් කරා මට තේරෙන්නෙ නෑ කීව. බලමුකො උත්තර ! මගෙ ගොං හිත මට කීවා. අල්ලපං මාශි ජල්ලිය හොඳම එකෙන්. ආයම හිත කෑ ගහනව. මළ විකාර. දෙපැත්තට වැරදි දෙක වැටුනම තරාදිය බැලන්ස් ගොනෝ , ඒ පාර මගෙ තරමක් මෝඩ ඔලුව කෑ ගහනව. ඔය අස්සෙ පවන් ! 

බබ ඒ මගේ කලින් ගර්ල් , එයා ස්පැනිශ් ගර්ල් කෙනෙක්. ඒත් දැන් ඒක නෑ. මම ආවෙම ඒක නවත්තල. ඒත් එයා තාම මට මැසේජ් කරනව. එච්චරයි ! 

එච්චරයි ? ඒ කියන්නෙ ඔය මැසේජ් කිරිල්ල කවද වෙනකල් කරනවද පවන් ?  මම ඇහුවෙ ඇත්තටම බිඳුන හඬකින්. 

මතු සම්බන්ධයි

No comments:

Post a Comment