Tuesday 21 January 2020

තවත් එක් බිරිඳක් 08



කොහොමින් හරි අපි පහලට එනකොට නදිත් ගෙ ගෝලයො දෙන්න කාලා බීල සැපට සුද්දියොන්ගෙ සූකිරි කකුල් දිහා බල බල සැප ගන්නව. උන්ට කියන්න ආව කුණුහරප දෙක තුනම එහෙම්ම ආපහු ගිලල දාපු මම  , සුන්දර සුකොමළ සුචරිත බිරිඳ වගේ , අනේ සොරි මල්ලි අපි ටිකක් පරක්කු වුනා. ඔයාල මෙච්චර උදෙන් එයි කියල අපි හිතුවෙ නෑනෙ කීවා. 

උනුත් ඉතින් තව ටිකක් පහු වුනත් මොකද තොපේ බිලට කාල බීලා මෙතන සුදු කකුල් ටික බල බල ඉන්න එකනෙ කියල කියන්න බැරි කමට හිනා වෙලා , අනේ අවුලක් නෑ මිස් අපි වැඩෙ පටන් ගමුද එහෙනම් කියල ඇහුව. මාත් ඉතින් ඔලුව වනල කරලා උන් දෙන්න කියන කියන තාලෙට හැරි හැරී පොටෝ වලට හිටියා. අනේ ඇත්තටම මෙහෙමත් නරි නාටක , මාශි , ඔය තරම් උකුළු මුකුළු දාන්නෙපා ගෑනියේ , මතක තියාගනින් උඹ තාම තරඟෙ වින් කරේ නෑ , වින් කරා කියල හිතන් හිටියට. තාම තියෙන්නෙ උඹේ ළකුණු රැස් කරන කාලෙ. ඒ නිසා එක ළකුණක් වැටෙද්දි දෙකක් කපා ගන්නැතුව හිටපං ! මගේ ගොං හිත කියවන්න පටන් ගත්ත ඒ අස්සෙ. එකාතකට ඇත්තටම මේක මහ විකාරයක්. මං සදහටම මෙහෙම හිර වෙලා ඉන්න ඕනද ? ඇයි දෙයියනේ මං කරපු වරද මොකද්ද ? 

දැං පවන් වුනත් අර ස්පැනිශ් කෑල්ලත් එක්ක නටන්න තියන වන්නම් ඔක්කොම නටලනෙ එන්න ඇත්තෙ. ඒත් එයා යටි හිතින් අර කෙහෙල්මල් රෙද්දෙ රතු පාට පැච් එක බලාපොරොත්තු වුනා. ඒකනෙ මූණ නිකං ලබ්බ බැස්ස වගේ වෙලා ගියේ මං වර්ජින් කෙනෙක් නෙමෙයි කිවම. පස්සෙ ඉතින් මිනිහා හිත හදාගෙන වැඩේට සෙට් වුනාට , ඒක මිනිහට ප්‍රශ්නයක් නෙමෙයි නම් මුණෙ හුළං යන්න ඕන්නෑනෙ ඒ වෙලාවෙ. ඔය මගුල් ජපං කොඩියට වඩා මේ සුරබි දෙන මට වටිනව කියල පස්සෙ හිත හදා ගන්න ඇති. ආ නැද්ද බඩී ? මං මගේ ගොං හිතට නමකුත් දැම්මා ඒ අස්සෙ. මොනා වුනත් කොච්චර ගොං වුනත් ඕක ඉතින් නිතරම ගොං කියනකොට එයාටත් අවුල් ඇතිනෙ. 

ඇත්ත  ඇත්ත මාශි , දැන් මේකනෙ වැඩේ , උන් පිරිමි , උඹ ගෑනියෙක් , ඒ නිසා උඹට තිබ්බා ඔය කරන ඕන මකබාවක් අතුරු මාර්ගයක් භාවිතා කරල කරගෙන , අහවල් හිල පරිස්සම් කරගන්න. අන්න එහෙම වුනානම් උඹත් පට්ට පත්තිනි ඈ. මෙන්න යකෝ බඩී ඒ ගමන අමු සිංහලෙන්ම මාව අමතන්න පටන් ගෙන. එකාතකකට , එහෙම නැතුව මගෙ ගොං හිත කියන ඒවා මම ගණන් ගන්න එකක් නෑ කියල එයා හිතන්න ඇති. ඕක තමා බඩී තිත්ත ඇත්ත , මම ඒක කීවෙ හුස්මක් උඩට ගන්න ගමන්. දැන් ඉතින් මොනා කරන්නද ? එන එන හැටියට උළුවස්ස ගහගන්නව මිසක. 

මාශි , මොකෝ කල්පනා කරන්නෙ ? පවන් මාව දඩස් ගාල කල්පනා ලෝකෙන් ඇදල බිමට දැම්ම. නෑ එහෙම විශේෂයක් නෑ පවන්. මගෙ ඔලුව පොඩ්ඩක් රිදෙනව ඒකයි. ඔන්න මම ආයම මගෙ හස්බන්ඩ් ට බොරු කියනව. පැනඩෝල් තිබ්බ රූම් එකෙ. කාර් එකෙත් ඇති , ගෙනත් දෙන්නද ? එපා පවන් , පස්සෙ බොමු. මං ශේප් එකේ බොරු පැනඩෝල් බීම කල් දැම්ම. ලෙඩක් නැතුව ඕව බොන්න මට පිස්සු යැ. 

අපි එලියට යනවද ? මේ ලඟ පාත ඉඳන් කතා කරනවද මාශි ? ඔයා කොහොමද කැමති ? 
ඔන්න හොඳ හස්බන්ඩ් කෙනෙක්ගෙ ලකුණක් මාශි ! බිරිඳගෙ කැමැත්ත අකමැත්ත අහන එක ? අඩුම හනිමූන් එකේදිවත් නැද්ද මං අහන්නෙ ?  , බඩී ආයම කතාව. මං ටිකකට බඩීට ඇහුම්කන් නොදෙන්න තීරණය කරා. මොකද බඩී කියන ඒව අහන් ඉඳලා ඒ එකක් හරි මට වචන වෙලා පිට වුනොත් මෙතන මළ ගෙයක් තමා වෙන්නෙ නිසා. අපි ඇල්ල පැත්තට යමු පවන්. ඒ හරිය හරි ලස්සනයි , නිස්කලංකයි , මං එහෙම කියල පවන් ගෙ අත අල්ලගෙනම ඒ පැත්තට යන්න හැරුනා. 

ඇත්තටම හුන්නස් ෆෝල්ස් ගාඩ්න් එක හරි ලස්සනයි. මේ ලස්සන මීට වඩා ලස්සනට මට විඳින්න තිබ්බා අර මගුල් අස්සන ගහන්න කලින් මං පවන්ට අවංක වුනානම්. ඇත්තටම මං මහ ගොං ගහක්. දැං ඕක කවමදාක හරි පවන් ඇද්දොත් ? උඹ මට බොරු කරා නේද කීවොත් ? මට හැමදාම ඉන්න වෙන්නෙ බැල්ලි වෙලා. මගෙ හිත මා එක්කම තර්ක කරනවා. ඒ අස්සෙ මගෙ බඩී, අනේ මාශි උඹ මුහුද හත් ගවුවක් තියා අමුඩෙ ගහන්නැතුව ඉන්නවද ? එහෙම එකක් වුනොත් ඒක එදාට බලාගමු , අනික උඹෙ තාත්තා ගෙ සල්ලි වලට ඕවා යටයි. ඒ නිසා හිනා වෙලා ඉඳපන් කියල කීවා. මාත් ඉතින් ඒක එහෙමවත් වේවා කියල පවන් ගෙ අතින් අල්ලන් ඇල්ල මුල ගලක වාඩි වුනා. 

මාශි ! ඇයි ඔයා මට අරක කලින් නොකීවෙ ? 

මෙන්න මම බලාපොරොත්තු වුන අවාසනාවන්තම ප්‍රශ්නෙ ! දැන් මම මොකද්ද දෙන උත්තරේ ? 
ආ... උඹ හැම එකටම කියන ලේසිම උත්තරේ , අමතක වුනා කියල කියල දාපං මාශි ! කොහොමත් උඹ මෙලෝ සිහියකින් ඉන්න ගෑනියෙක් යැ. ඒ ගමන බඩී ට පිස්සු තද වෙලා. ඒ උත්තරේ මෙතන්ට ගැලපෙන්නෑ ගොනෝ ! පොඩ්ඩක් ඉන්නව මම තැනට කැපෙන උත්තරයක් මාශිට ගලපල දෙනකල්, මෙන්න මගේ තරමක් මෝඩ ඔලුව මගෙ සහයට ඇවිත් ! 

මතු සම්බන්ධයි.





No comments:

Post a Comment