Tuesday 21 January 2020

තවත් එක් බිරිඳක් 11



බඩී , දැන් බල්ල වෙලා හිටියට මතක තියාගන්න එයා පිස්සු බල්ලෙක්. ආයම මාව හපන්න බැරි නෑ. මට බයයි බඩී , මං බඩීට එහෙම කියනකොට නොඳැනීම මට ඇඬුනා. ඇත්තටම මම මහා හයියෙන් ඇඩුවා. ඇයි පවන් ඔයා මේ තරම් ඉක්මටන වෙනස් කෙනෙක් වුනේ. කෝ උදේ තිබ්බ ආදරේ ? කෝ ඊයෙ රෑ කෙඳිරි ගාපු වචන ? ඔයාට සෙක්ස් කරන්න විතරද පවන් මාව ඕන ? නැත්තම් ඔයා මේ ආපහු මට ඉන්න කියන්නෙ මගෙ තාත්තා ගෙ සල්ලු නිසාද ? ඔයාට හම්බෙන්න තියන ඩවුරි එක නිසාද ? මොන තරම් පිළිකුළක් ද පවන් ? ආයම ඒ දේවල් ඔයා මට මතක් නොකරාවි කියල ඔයාට මට දෙන්න පුලුවන් සහතිකේ මොකද්ද ? 

අද මේ මොහොතෙ ඔයාව විස්වාස කරල නවතින මට අනාගතේ දරුවෙකුත් එක්කම පාරට බහින්න නොවේවි කියල මට තියන ගැරන්ට් එක මොකද්ද පවන්. ? කියන්න කියන්න ? මාව පිස්සියෙක් කරන්න තරම් ඔයාගෙ වචන හරි ප්‍රභලයි පවන්. මතක් කරගන්න ඊයෙ රෑ. එතන තිබ්බෙ සෙක්ස් විතරද ? කියන්න එතන තිබ්බෙ සෙක්ස් විතරද ? නැත්තම් ඒ මොහොත අපිට ගෙනාවෙ ශැම්පේන් කියලද මම හිතන්න ඕන ? ඉස්සරහටත් මට ඔයා එක්ක ඒ වගේ රැයක් ගෙවන්න ශැම්පේන් ඕන කියලද කියන්නෙ ? 

මට මේ එකක් වත් තේරෙන්නෙ නැ පවන්. ඔයත් ගෑනියෙක් එක්ක හිටිය මිනිහෙක් , මම දන්නවද ඒ ගෑනිට මොන ලෙඩ තිබ්බද කියල ? ඒ ගෑනි තව කී දෙනෙක් එක්ක ගියාද කියල ? ඒ ගෑනිට ඔයාගෙන් ළමයි හිටියද කියල ? ඔයා ගියේ ඒ ගෑනි එක්ක විතරයි කියල මට සහතිකයක් තියනවද ? නෑ පවන් නෑ. ඔය එකක්වත් මට දෙන්න ඔයාට බෑ. මට ඕව හොයන්න ඔසී යන්නත් බෑ. ගියත් ඕව හොයන්නත් බෑ. අපි ජීවත් වෙන්න ඕන වර්තමානෙ පවන්. අතීතෙ ඔලුවෙ තියාගෙන ජීවත් වෙන මිනිහට හෙටක් නෑ. 

මම ධනු එක්ක හිටිය එක වරදක් කියල මම මලත් පිළිගන්නෑ පවන්. තමන් ආදරේ කරපු මිනිහ එක්ක සෙක්ස් කරන එක ඒ ආදරේ ට කරන සාදාරණයක්. මම ඒක දකින්නෙ එහෙම. ඔයා නිකමට හිතන්න ඔයා ඔය වර්ජිනිටි එක හොයන පැත්ත නැතුව මම වෙන පැත්තක් යූස් කරල උපරිම සෙක්ස් කරපු ගෑනියෙක් නම් ? අනිත් අතට මම කරන්න ඕන ඔක්කොම කරලා අන්තිමට ඩොක්ටර් කෙනෙක් ලවා ඔය ලබ්බ ආපහු හදාගත්ත කෙනෙක් වුනානම් , අන්න එහෙමනම් ඔයාට පට්ට හැපී නේද ? මොන මිලේච්ඡ කමක්ද පවන් මගුල් ලේ පැච් එකක් එක්ක ජීවිතේ තීරණය කරන එක ? 

ඇයි දෙයියනේ මේ රටේ පිරිමින්ගෙ නූල බලන්න එක ගෑනියෙක් නැතුව ගියේ. ඒක එහෙම වුනානම් පවන් ඔයාල වගේ පිරිමි කොහොමද පවන් ගෑනුන්ව බදින්නෙ ? මං කරපු එකම වරද ඔයාට නොකීව එක. ඒක කියාගන්න මට ශක්තියක් තිබ්බෙ නෑ. ඒකට මං මැරෙනකල් පසු තැවේවි. මොකද ඒක කීවනම් අද මේ විදියට අපි දෙන්න නෑ. එහෙනම් ඔයා නටන්න තියන හත් පිම්මම පැනල කොහේහරි ඉන්න දෙකට ගණින්න බැරි තාලෙ කන්‍යාවියක් හොයාගෙන බැදන් සතුටින් ඉදීවි. මගේ වරද , මම නොකීව වරද , මොන කරුම ජීවිතයක්ද මේ. 

ඇත්තටම මම හිටියෙ පිස්සුවෙන්.  ඒ අන්තිම ටික කියන මොහොතෙ මට ආව ආවේගය කියල නිම කරන්න මට බෑ. එක්කො පවන් එක්කො මං කියන තැන ඉඳන් මම කරේ වතුර බොන්න කියල තියල තිබ්බ වීදුරුව පොලේ ගහපු එක. ධනූ ට දුන්න ගිනදරද මේ දෙයියනේ කියල මට හිතුන දහස් වාරයක්. අවසන් වතාවට ධනූව මුණ ගැහුන මොහොතෙ ධනූ කීව වචන මගෙ කන් වල දෝංකාර දෙන්න ගත්තා. ඔයාට මං තරම් මේ ලෝකෙ ආදරේ කරන කෙනෙක් කවදාවත්ම හම්බෙන්නෑ මාශි ඒක මතක තියාගන්න. , ඇත්ත සහතික ඇත්ත.  ඒ තරම් ආදරයක් මට ආයම ලැබෙන්නෑ කවදාවත්ම. 

මාශි , පොඩ්ඩක් රිලැක්ස් වෙන්නකො. බඩී ඒ ගමන හරිම අසරණ තාලෙන්. මොන රිලැක්ස් ද බඩී. මට දැං ඕන මැරෙන්න. මේ මිනිහවත් මරාගෙන මැරෙන්න. 

මාශි , අනේ ප්ලීස් රිලැක්ස් , මම මගෙ වරද පිළිගන්නව. සීරියස් මම ඒක කීවෙ ඔයාව මේ තරම් අවුල් කරන්න නෙමෙයි. අනේ රත්තරනේ, අපි මේ හැමදේම අමතක කරමු. ප්ලීස්. අපිට කතා කරන්න කොච්චරක් දේ තියනවද ? අපි මේ මාතෘකාව ඇර අනිත් හැමදේම කතා කරමු රත්තරනේ, ප්ලීස් රිලැක්ස් වෙන්න. පවන් ඒක කීවෙ මාව පපුවට තදටම තද කරගන්න ගමන්. ඇත්තටම තද වැළදගැනීමක් කියන්නෙ සමහර ප්‍රශ්නයකට හොඳ විසඳුමක්. මට ඒක හොඳටම තේරුනේ පවන්ට තුරුල් වෙද්දි. 

මතු සම්භන්ධයි.


No comments:

Post a Comment