Tuesday 21 January 2020

තවත් එක බිරිඳක් 06



මගෙ අම්ම පල්ල පවන් , මම ඕක බොන්න ගත්තේ ගිය සඳුදා ඉඳන්, මට මෙන්සස් ඉවර වුනේ ඉරිදා , මම අපේ ඩොක්ටර් ගෙන් ඕක ගත්තේ , ප්‍රොමිස් , මට ඕන වුනේ හනිමූන් බේබි කෙනෙක් එන එක වලක්කගන්න විතරයි. ඉන් එහාට වෙන දෙයක් නෑ. මම කලින් ඕව බීලත් නෑ. මම ධනූ එක්ක හිටියෙ දෙතුන් වතාවයි. ඒත් මට ඕවා බොන්න ඕන වුනේ නෑ සත්තයි. 

ඒ ටික කීවේ නම් අවංකවම අඬාගෙන. මේ වගේ අන්තිම මරණාසන්න වෙලාවලට මගේ ගොං හිතවත් තරමක මෝඩ ඔලුවවත් පැත්ත පලාතෙ එන්නෙ නෑ. දෙන්නත් එක්ක ජෝඩු දාල නිදි ඇති. දැං ඉතින් කරන දෙයක් මටම තමා කරන්න වෙන්නෙ. මේ ඉලවු කාර්ඩ් එක මම මොන මගුලට පේන මානෙ තිබ්බද අප්පා. ශික්ක්. දැන් පවන් මා ගැන කොහොම හිතයිද ? ඕව ඔලුවට එනකොට අඬනව ඇරෙන්න වෙන දෙයක් ආවෙම නෑ ඔලුවට. 

බොරුවට අඬන්නැතුව ඉන්න මාශි ! මට ඇත්තම කියන්න. ඔයා මේක දිගටම පාවිච්චි කරාද ? මං මේ ඔයාගෙන් අහන්නෙ වෙන මොන එහෙකටවත් නෙමෙයි. ඒක රිස්කි දෙයක් නිසා. පළවෙනි බබාව කන්ට්‍රෝල් කරන්න හොඳ නෑ කියල මම අහල තියනව. ඔයා මේ මගුල් බීලා බීලා අන්තිමට අපිට එන බබා ඇබ්නෝමල් වුනොත් මොන දෙයියන්ට කියන්නද ? අනික මට බොරු කියන්නෙපා ධනූ එක්ක හිටියෙ දෙතුන් පාරයි කියල. ඒක එහෙම නෙමෙයි කියන්න ඕන මෝඩයෙක්ට තේරුම් ගන්න පුලුවන් ! 

සත්තයි , දෙයියනේ මම ඕන තැනක දිවුරන්නම්. ඕවනම් මම කලින් බීල නෑ. ධනූ ඇතුලෙ යැවුවෙ නෑ කවදාවත්ම. ඒ නිසා මොන පෙත්තක් වත් බොන්න මට ඕන වුනේ නෑ. ප්‍රොමිස් ! ඕන්නම් අපි මෙඩිකල් ටෙස්ට් එකක් කරමු ! ඒ ටික නම් මම කීවෙ බිම බලාගෙන. මොකද මට ඔලුව උස්සල පවන් දිහා බලන්න තරම් ශක්තියක් තිබ්බෙ නැති නිසා. ඔක්කොම ඉවරයි වගේ හැඟීමක් එක්ක මොකද්දෝ හිස් කමක් ආවා හිතට. 

හරි මම මේ වතාවෙත් ඔයාව විස්වාස කරනව. දෙයියන්ගෙ නාමෙට මාශී , අපි දෙන්නගෙ ජීවිතේට බලපෑමක් වෙයි කියල හිතෙන දේවල් තනි කැමැත්තට කරන්නෙපා. මට ඔයාව ඕන නිසයි මේ කියන්නෙ. මෙහෙම දේවල් වෙනකොට ඒක මගෙ හිතට හරි නෑ. මෙතන ඉඳන් අපි ඉස්සරහට යන්න ඕන්නම් අපි අතර රහස් බෑ. කරන ඕන දෙයක් කියල කතා කරල කරන්න ඕන. තේරුනාද ? 

මම ඔලුව වැනුවෙ ඒ ඔක්කොම තේරුණා කියල අඟවන්න. ඇත්තටම මට මහා ලැජ්ජාවක් ආවා. පවන් එක්ක කලින්ම මේ ඔක්කොම කතා කරගන්න තිබ්බ නේද ? එහෙම වුනානම් උඹ මට හනිමූන් එකේදිත් බොරු කරා නේද කතා අහගන්න වෙන්නෙ නෑ නේද කියල හිතෙන්න ගත්තා. කරන්න දෙයක් නෑ වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි නෙ. දැන් තියෙන්නෙ බලා ඉන්න. මම මටම කියා ගත්තා. 

නිකමට ෆෝන් එක බලනකොට ඒ මගුල ඊයෙ රෑ ඕෆ් කරපු ගමන් තාම එහෙමම. පවන් වොශ් රූම් එකේ නිසා කිසිම සැකයක් බයක් නැතුවම ෆෝන් එක ඕන් කරා. පුලුවන් ඉක්මනටම නම්බර් එක මාරු කරන්න ඕන. මදෑ මේ දෙබිඩි ජීවිතේ දැන් ! ෆෝන් එක ඔන් කරද්දිම මැසේජ් ඇලර්ට් 20 යි. ප්‍රගීත් ට පිස්සු තද වෙලා. ඒ අස්සෙ නදිත් අමු කුණුහරප වලින් බැනලා , තොපි තාම වැඩේ ඉවර නැද්ද ? අපේ ෆොටෝ ග්‍රැෆර් පහල කටු කනවා ! කවුද කීවේ ඌට කුකුළට කලින් මෙතන්ට එන්න කියලා , ඔන්නොහෙ තව ටිකක් වාත වෙයං මාශි , ආ... මෙන්න බොලේ මගෙ ගොං හිත ඇහැරලා. දැංද නැගිටින්නේ ? තව ඩිංගෙන් මං වලේ ! මං ගොං හිතට කීවා. 

ඇයි ඔයා ඊයෙ වෙරි පිට මට පයින් ගැහුවෙ , මං ඒ නිසා ඔයාගෙ තරමක් මෝඩ ඔලුව එක්කම වැඩ කරගන්න ඇරල පොඩ්ඩක් පාඩුවෙ හිටිය. නිකං මොකටද අනේ බාල්දි පෙරළන්නෙ ? ඒ ගමන ගොං හිත හරි කළකිරීමෙන් කතාව. හරි හරි අනේ , ඒ ඒ වෙලාවෙනෙ. දැං වැඩේ ශේප්. ආං අර මගෙ තරමක් මෝඩ ඔලුවත් ඇහැරෝගෙන එන්න. අපි පහලට යන්නෝන. මම එහෙම කියල නදිත් එවල තිබ්බ නම්බර් එකට කෝල් කරා. උන් පැය එකහමාරක් පහලට වෙලා කටු කනව ඕසෙට. 

අනේ සොරි මල්ලි , ඔයාල බ්‍රෙක්ෆස්ට් අරන් නෑ නේද ? ඉන්න මම රිසෙප්ශන් එකට කියන්නම්, ඔයාල බ්‍රෙක්ෆස්ට් අරන් ඉවර වෙද්දිම අපි පහල. පොඩි වෙලාවක් දෙන්න. සොරි හොදේ , හරි ඒ වැඩේ ඉවරයි. දැං බලමුකො මේ ප්‍රගීත් ට මොකද වෙලා තියෙන්නෙ කියල. 

හෙලෝ ! මොකෝ මළ වදේ වෙලා තියෙන්නෙ ? 
අනේ ඩාලිං , ඔයා හොඳින් නේද ? සීරියස්ලි, මම හරි බයෙන් හිටියේ , මොකද මම දන්නවනෙ ඔයා මහ ඔල්මොරොන්දන් ගෑණියෙක් කියල. 
ප්‍රගී ! මං හොඳින් , සියළු වැඩකටයුතු සාර්ථකයි. ඔයා හෝම්කමින් එක ලස්සනට එරේන්ජ් කරන්නකො. ඒ ඇති දැනට. 
ඕ මයි ලිට්ල් ප්‍රින්සස්. දෙවියන් වහන්සේ මම කියපුව ඇහුවා. හරි එහෙනම් මම තියනව බායි ! 

එකාතකට මාශි! ඔය මාර පෞර්ෂයක් තියනව කියන සම්පූර්ණ පිරිමින්ට වඩා , බාග පිරිමින්ගෙ හිත මාර හොඳයි නේද ? දැං බලන්න ප්‍රගී, මං ඔයාට කීවට එයාට ලස්සන සාරියක් වගේ ගිෆ්ට් කරන්න කියල , ඇත්තටම එයා හරි හොඳයි නේද ? එකම වරද ඉතින් තාලෙට ඇදල පැදල කතා කරන එකයි , ඔලුව ගස්සන එකයි විතරයි.  ආයම මගෙ ගොං හිත කියෝනවා , අනේ මේ , තමුං කට පියාගෙන හිටියොත් හොඳයි , මිනිස්සුන්ට අපහාස නොකර ,! ආ මෙන්න මගේ තරමක් මෝඩ ඔලුව ඇහැරලා. ආ ගුඩ්මෝර්නින්ග්, ! 

ටවල් එකත් ඇඳගෙන පවන් බාතෲම් එකෙන් එලියට ආවෙ ඒ වෙලේ. ඒ සික්ස් පැක් ඇඟ දකිද්දි ඇඟ පුරාට විදුළියක් වගේ යනවා. ලාවට හිරිවැටෙන ගතියක් එක්ක. ගෑනියෙක් ට ඇයි බැරි තමන්ගෙ පිරිමියව වර්නනා කරන්න. පිරිමි විතරද ගෑණුන්ව වර්නනා කරන්න ඕන. මළ විකාර , මාශි ! උඹ කන්න වගේ ඔය මිනිහා දිහා බලා නොයිද උඹෙ හිතේ තියන දේවල් කියල දාපං. ! මාශි එපා ඔය ගොං හිත කියන මගුල් අහන්න , ඕව මේ වෙලාවෙ කියවන්න ගියොත් ඔය මිනිහා ඊ ගාවට උඹට වේස පදෙත් කියයි. උඹ කොහොමද ඔය තරම් පිරිමි ඇඟක් ගැන කියන්නෙ කියල. ඒ නිසා පාඩුවෙ හිටපං ! මගේ ගොං හිතයි , තරමක මෝඩ ඔලුවයි දෙපැත්තෙ ඉඳන් කෑ ගහනව. මං ඔලුවට ඉඩ දුන්නා ! අන්න ගෑනුන්ට වරදින තැන ! 

මතු සම්බන්ධයි 

No comments:

Post a Comment