Thursday 20 February 2020

සයිබර් ක්‍රයිම්ස්

සයිබර් ක්‍රයිම්ස් ! 

මේ සයිබර් අවකාශය කියන්නෙ හරිම පුදුම තැනක්. ගෑණු වෙස් ගත් පිරිමි අය , පිරිමි වෙස් ගත් ගැහැණු අය , ආදරය හොයන අය , ආදරය මුවාවෙන් සල්ලි ගරන අය , අත මාරු ඉල්ලන අය , පිහිට පතන අය , තවකෙකුගේ අකුරු හොරකම් කරන අය , මඩ ගහන අය , ගරහන අය , හා එක එක්කෙනාගෙ රෙදි හෝදන අය , අපහාස කරන අය , වගේ සෑහෙන්න ගොඩක් අය ඉන්න තැනක්. 

ලොකු පොඩි කියල නෑ අපි හැමෝම ජීවිතේ එකම එක වතාවක් හෝ රැවටුන අය. සැබෑ ජීවිතේදි වගේම
මේ සයිබර් ජීවිතේදිත් රැවටුන අය. ඒත් එහෙම රැවටිලා නිකම්ම කට පියාගෙන හිටි අය. 

මම මේ කියන්න යන්නේ එහෙම තවත් ඉන්නෙපා කියල. 

ඔබට යම් අවැඩක් මේ සයිබර් අවකාශය තුළ හෝ සයිබර් අවකාශයෙන් පිටතදි සිදු වෙනවානම් ඔබට ඒ ගැන නීතියේ පිහිට පතන්නත් ඕනා ඒත් පොලීසියට යන්නත් බැරිනම් ඔබට පුලුවන් අන්තර්ජාලය ඔස්සේම ඔබේ පැමිණිල්ල දමන්න. අන්න එතකොට දවස් දෙක තුනක් ඇතුලත අදාල පොලිස් ස්තානයෙන් ඔබේ නිවසට පොලිස් කොස්තාපල්වරුන් පැමිණෙනවා ඔබේ පැමිණිල්ල ලිඛිතව ලියා ගන්නට. ඉන් පසුව ඔවුන් වහාම ඒ ගැන ක්‍රියාත්මක වෙනවා. 

මේ සයිබර් අවකාශය තුළ ඔබ තව දුරටත් ඔබට වෙන අවැඩ විඳගෙන සිටීමට අවශ්‍ය නෑ. ඔබේ අවසරයකින් තොරව ඔබේ පුද්ගලික කතා බහක ss සමාජගත කිරීම වුවත් ඔබට අවැඩක් වෙයි යැයි සිතේ නම් ඊට විරුද්ධව ඔබට පියවර ගන්න පුලුවන්. 

කිසිවෙක් ඔබව රවටා ඔබට තර්ජනය කරන්නේද , 
ඔබේ පුද්ගලික සේයාරූ ඔබට අවැඩ පිණිස යොදා ගන්නේද , 
ඔබට අපහාස කරන්නේද ? 
ඔබට මුදල් වංචා කොට ඇත්තේද ? 
කොටින්ම ඔබට ඔප්පු කල හැකි මට්ටමේ අවැඩක් ඔබට යමෙක් කරන්නේද වහාම ඔහුට හෝ ඇයට විරුද්ධව නීතිමය පියවර ගන්න. 

පහත ඇත්තේ පොලිස් නිල වෙබ් අඩවියේ ඇති පැමිණිළි කිරීමේ ඇමිණුමයි. 

©️ප්‍රභානී තෙන්නකෝන්. 


http://www.telligp.police.lk/index.php?option=com_complaint

No comments:

Post a Comment