Wednesday 19 February 2020

මෙස්සි vs ඔල්මො



මම - ඔල්මෝ මොකද ඔය ? 😲😲

ඔල්මො - ඇයි පේන්නැද්ද ? මං මේසෙ උඩ ! 🙄

මම - ඔවු මට පේනවා , හොඳ හිතින් බහිනවද නැද්ද බිමට ? ☹️☹️

ඔල්මො - නෑ මං බහින්නෑ. ඔයා දැන් මට ආදරේ නෑ ! 😭😭

මම - ආදරේ වෙන්නමයි තියෙන්නෙ කරන විනාස වලට ! ඇයි මගෙ මල් පැල දෙක කෑවෙ ? ☹️

ඔල්මො - මං එතනින් යනකොට ඒවයෙ කොල මගේ බඩේ ඇතිල්ලිලා මාව කුචි කැවුවා ඉතින් මං ඒව කෑවා.😕😕

මම - යක්ස කතාවක් නෙ ඒක , එතකොට අර ෆෝන් චාජර් ? ඉයර්ෆෝන් වයර් ? ☹️

ඔල්මො - කී පාරක් කියන්නද අනේ ? ඒවා නූඩ්ල්ස් , සුදු පාට හීනි දිග නූල් වගේ නූඩ්ල්ස් 😍😍

මම - එතකොට මල් පෝච්චිය ? ☹️

ඔල්මො - ඔයා මොකටද ගෙදරට බාල බඩු ගේන්නෙ ? වැටුන ගමන් කැඩෙන්නෙ බාල බඩු 😕

මම - දෙයිහාංදුර්වනේ , එතකොට මගෙ අත ? ☹️

ඔල්මො - ඔයා මොකටද මං සෙල්ලම් කරන අස්සෙ රිංගුවෙ ? ඒ මොක වුනත් වැඩක් නෑ මං බහින්නෑ මෙතනින් ! අර මෙස්සි අක්කට පුලුවන් නම් ඔයාගෙ ඇඳෙත් නිදාගන්න මටත් පුලුවන් මේසෙ උඩ ඉන්න. 💪💪

මම - කෝ මේ කොස්ස...... බහිනව බිමට ඔතනින් .....😡

ඔල්මො - ආ ඒ මගෙ ලොලිපොප් එක , ඒක මං කෑවා 😋




No comments:

Post a Comment