Thursday 29 August 2019

ආන්‍යා 02

.....ආන්‍යා....

ආදරයට ආදරය කල සුන්දර පැරිස් කුමරිය
දෙවන කොටස


අරෝශ්..ඔයාට පුලුවන්ද මාව රූම් එකට එක්ක යන්න.. ප්ලීස් මාව කැරකෙනවා වගේ.. 
එන්න යමු.. 
මම අරෝශ්ගෙ උදවුවෙන් අපි හිටපු කාමරේට ගියා.. 
මුළු ඇඳ පුරාම ඇඳුම්.. තුවායක් අතට ගත්තු මම නාන කාමරේට ගියා.. ප්‍රකාශ්.... කෝ ප්‍රකාශ් තියල ගියපු ලියුම... ආයෙම කාමරේට එද්දී අරෝශ් ජනේලෙන් එලිය බලා ඉන්නවා.. 
අරෝශ්... අර රිසෙප්ශන් එකෙන් දුන්න ලියුම කෝ... ඔයා ඒක දැක්කද... 
අනේ සොරි.. මට අමතක වුනා.. ආ මෙන්න.. සාක්කුවෙන් ගත් කොල කෑල්ල ඔහු මා අත තැබුවා... 
ආන්‍යා.. 
අපි අතරේ වුන හැම දේකටම මට සමාවෙන්න... ඒ කිසිම දෙයක් මම හිතාමතා ප්ලෑන් කරපු දේවල් නෙමෙයි.... ඔයා පුලුවන් ඉක්මනට ආපහු පැරිස් වලට යන්න.. 
ප්‍රකාශ්.... 

එකෙ තිබුනේ එච්චරයි... ඒක ලියා තිබුනෙත් ප්‍රංශ බසින්... 

හ්ම්ම්ම් .... ඒකත් එහෙමද..... මට කියවුනේ ඉබේටම... 

ආන්‍යා... ඉක්මන් කරන්න ළමයෝ... ඔයාට ඔහොම ඉන්න හොඳ නෑ.. ඉක්මනින් ඇඳුමක් ඇදගන්න.. 

හිනාවකින් ඔහුට සංග්‍රහ කරපු මම ආපහු නාන කාමරේට ගියා.. උනුහුම් වතුර ඇඟ දිගේ බේරෙද්දී ආයෙමත් හිත අතීතෙට....

හෙලෝ... ඔයා ලංකාවෙ කෙනෙක්ද?
ඔවු... මම ආන්‍යා.. ඔයා...
මම ප්‍රකාශ්...
ආන්‍යා... රශියන් නමක්.... 
ඔවු... මගේ පේරන්ට්ස්ලගෙ ප්‍රථම හමුව මතක් වෙන්න තියපු නමක්... 
ලස්සනයි.. ඔයා වගේම...
තෑන්ක්ස්... ඔයා ගොඩක් කල්ද මෙහෙ.. මං දැකලා නෑ මීට කලින් කොහෙදිවත්... 
නෑ ආන්‍යා මං ඇවිත් මාස තුනයි.. තාම ජොබ් එකක් වත් නෑ හරියට.. ඔයා ජොබ් වීසා ද ස්ටුඩන්ට් වීසාද....  
මං සිටිසන්.. මෙහෙ යුනිවර්සිටි එහෙක ඉගෙනගන්නවා... 
මාත් ආසයි ඉගෙනගන්න.. ඒත් අපේ අප්පට ඒ තරම් වත්කමක් තිබ්බේ නෑ.. 
ඔයා ටැමිල් ද ප්‍රකාශ් ?
ඇයි බයද?
මං මොකට බය වෙන්නද?

ප්‍රකාශ්... අනේ මට නිල් පාට ටී ශර්ට් එක දෙන්න... 
මම ප්‍රකාශ් නෙමෙයි මැඩම්.. අරෝශ්.. ආ මෙන්න..  ඉක්මනට එන්න.... මෙච්චර වෙලා පැල වුනාද ඕක අස්සේ... 
ඒ හඬින් වර්ථමානයට ආ මට ප්‍රකාශ් තව දුරටත් මගේ ජීවිතේ නැති බව තේරුම් ගියා... 

සොරි අරෝශ්.. මට පුරුද්දට ඒ නම කියවුනා...
අරෝශ්.. මගේ වීසා එකට මෙඩිකල් කවරේජ් එකක් තියනවා.. අපි යන්නේ හොස්පිටල් එකට නේද?
ළමයෝ... මේ ලංකාව.... හංදියක් ගානෙ දොස්තරලා...
හරි ඉතිං අපි ඇපොයිමන්ට් දාල නෑනෙ... 
ඔයා කියන බහුබූත මට තේරෙන්නෙ නෑ ළමයෝ... ලෑස්තිවෙලා ඉවරනම් යමු... 
හරි යමු... 
ඔය මොනාද මල්ලේ... 
මගෙ ඩොකියුමන්ට්ස්.. ඕනිවෙයි ඩොක්ටර් ට... 
මැන්ටල් ද.... පාස්පෝට් එක විතරක් ඇති... ඒකත් මග චෙක් කරොත් ඕනි නිසා.. ඔය අනිත් බහුබූත ඕනි නෑ... යමු... 
හ්ම්ම්.. යමු.. 
කාමරයේ දොර වසා දැමූ මම අරෝශ් සමගින් පහලට බැස්සා.. 

මැඩම්... 
ඔවු කියන්න... 
මැඩම් තව කී දවසක් ඉන්නවද?
තව දවස් දෙකක් දාන්නකො... හරියටම මම හෙට කියන්නම්.. 
ඕකේ මැඩම්.. 
මම රිසෙප්ශන් එකට එහෙම කීවත් මට ඕනි උනේ අද රෑම හරි මෙහෙන් යන්න.. 

ආන්‍යා... පිටිපස්සෙන් නගින්න... දැං ඔය ශීට් එකේ වාඩි උනොත් ආයෙම ඔයාගෙ ඇඳුම් තෙත් වෙයි.. 
අනේ සොරි අරෝශ්.. මං නිසා ඔයාට කරදරේ නේද...  
කරදරයක් වුනත් නැතත් දැං ඉතිං මග දාල යන්නයැ... 
හ්ම්ම්ම්.. ඒකත් ඇත්ත... කියූ මට ඉබේටම හිනා ගියා.. 
ඔයා හිනාවෙද්දි ලස්සනයි....
තෑන්ක්ස්...  
ඔයා පොඩ්ඩක් නිදා ගන්න ඔහොම.. මේ වෙලාවට ඩොක්ටර්ස් ල ගාව සෙනග.. අපි බලමු ඉක්මනින්ම බෙහෙත් ටිකක් ගන්න.. 
ආන්‍යා.... 
වෙච්ච දේවල් ගැන කොහොම වුනත් දැන් ඔයා ඉදිරියට කරන්න හිතා ඉන්නේ මොකද්ද.. 
මං ඉන්නේ මුකුත්ම හිතා ගන්න පුලුවන් තැනක නෙමෙයි අරෝශ්... සිංහල බැරි කම මට හරි ප්‍රශ්නයක්... අඩුම තරමින් බෝඩ් එකක් වත් කියවන්න පුලුවන් තරමේ සිංහල පුලුවන් වුනානම්... මම අද මේ තරම් අසරණ වෙන්නේ නෑ... 
එහෙම හිතන්න එපා ආන්‍යා... දැං ඔය මෙහෙ එන ටුවරිස්ට්ලා... ඒ අය එන්නේ සිංහල දැනගෙනද.. නෑනේ.. ඉතිං ඔයත් මේ රටට ටුවරිස්ට් කෙනෙක් තමා... භාශාව ප්‍රශ්නයක් කරගන්න එපා... 
ඔයා ඔහොම කියන්නේ මට වුන දේ නොදැන අරෝශ්... ජාතිය සිංහල වෙලත් සිංහල කියවන්න බැරි උන නිසා මට අද වෙලා තියන පාඩුව වැලිව් කරොත් කෝට් ගානක්.

මොකක්...... 
ඔවු.... ප්‍රකාශ් ගියේ නිකම්ම නෙමෙයි.... මට අයිති ගොඩක් දේවල් අරගෙන... 
මයිගෝඩ්... අපි පස්සෙ කතා කරමු ආන්‍යා... දැං ඔයා ටිකක් රෙස්ට් කරන්න...  ඩොක්ට ආවම මම කියන්නම්.. 

ආන්‍යා... 
හ්ම්ම්ම්ම්..
ඩොක්ට කීව විදියට හරියට බෙහෙත් ටික බොන්න.. දවස් දෙක තුනක් රෙස්ට් කරන්න... ආයෙම පිස්සුවෙන් වගේ වැස්සෙ තෙමෙන්න යන්න එපා.. 
හ්ම්ම්ම්...  
අරෝශ්.... 
ඇයි... 
ජැෆ්නා යන්නේ කොහොමද?
ජැෆ්නා.... ඔයාට ඔල්මාදෙද? මේ තරම් කලබල කාලෙක.... අනික විතවුට් පර්මිශන් ඔයාට ඒ පැත්තට යන්න බෑ.... අනික ඔයා මේ රටට සංචාරකයෙක්... ඒ නිසා කොහොමත් ඔයාට ඒ පැත්තට යන්න බෑ... 
ඒත් අරෝශ්... මට යන්න ඕනී... 
මොකක්ද ඔයාට ඒ තරම් වුවමනාව ජැෆ්නා යන්න....
ප්‍රකාශ් ඉන්නෙ එහෙ... මට ඕනි මේ දේවල් වල අගමුල හොයාගන්න... ඇයි මට වංචා කරේ කියලා දැනගන්න.... 
ඔය මොනදේටත් කලින් ඔයා සනීප වෙන්න...  අනික මං හිතන්නේ නෑ ප්‍රකාශ් ජැෆ්නා යයි කියලා.. එයා දන්නවා රටේ තත්වේ.. ඔයා නොදන්නවා වුනාට...... 
අරෝශ්...මට යන්න ඕනි...
ආන්‍යා.... ඉස්සෙල්ලම සනීප වෙන්න... ඔක්කොටම කලින් මට කියන්න ප්‍රකාශ් මොකද්ද ඔයාට කරපු වංචාව.... ඔයාල කොහොමද මීට් වුනේ.... ප්‍රකාශ් කාගෙ කවුද... එයා ජැෆ්නා බව ඔයා කොහොමද දන්නේ...
ඔවු අරෝශ්..... මං කියන්නම් හැමදේම.....

මතු සම්බන්ධයි...



No comments:

Post a Comment