Saturday 24 August 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මො 07 
🐕🐈🐕🐈🐕🐈

මම - මෙස්සි ! මොකද නිකං සසර කළ කිරිලා වගේ ? 😕

මෙස්සි - වැඩක් නෑ අනේ ! මම මේ දිවි නහගන්න කියල බැලුවෙ , ඇතිවෙලා මට මේ බලු විගඩං දැකලම 😼

මම - දැං ඔයා දිවි නහගන්නෙ ඔතනින් පැනලද ? 🙄

මෙස්සි - ඔවු මං එහෙම තමා හිතුවෙ , ඇයි ඊට වඩා ලේසි ක්‍රමයක් ගැන ඔයා දන්නවද ? 😿

මම - ඔයාට අමතකද මෙස්සි ඔයා පූසියෙක් කියල ? ඔයා ඔයතින් පැන්නට වැඩක් නෑ , 😌 ඔයාගෙ ඔය පුළුං කොට්ට කකුල් හතර බිමට හිටින්නයි ඔයා වැටෙන්නෙ. එතකොට ඔයාට වැටුන ගමන් පිස්සෙක් වගේ දුවන්න පුලුවන් ! මොකද ඔල්මො ඉන්නෙ පහල 😜😜

මෙස්සි - දෙයියනේ ! 🙀🙀  මැරෙන්නවත් නිදහසක් නැති හැටි , ඒක නෙමේ ඔයා අඬනවද මං මලොත් ? 😻

මම - මොකටද ? ඔයා හිතුවෙ මට පිස්සු කියලද ? ඔයා මලොත් මම සිලි කවරෙක දාල ආං අර ඩස්ට්බින් එකට විසි කරනව , ඊට පස්සෙ ඔයා ඔය එහෙ මෙහෙ මුලු වල හංගන් ඉන්න නූල් බෝල එහෙම එකතු කරල ඔල්මොට දෙනව සෙල්ලම් කරන්න 🥰🥰

මෙස්සි - මොකක් ! ඔයාටත් ඉස්සෙල්ල කනට වඩා පස්සෙ අඟ ලොකු උනා එහෙනං ! හුහ්හ් බලාගමුකො අපි, ඔයා මං නැතුව සතුටින් ඉන්න නේද කල්පනාව.මං මැරෙන්නෑ , දන්නවද ඔය ඔලමොට්ටල ඔල්මොරොන්දන් බල්ලා වගේ නෙමේ , පූසොන්ට පණ 7 ක් තියනව. මලත් ආය පණ එනව . 😸😾😸😾😼😼

No comments:

Post a Comment