Thursday 29 August 2019

ආන්‍යා 08

..ආන්‍යා.. 

ආදරයට ආදරය කල පැරිස් කුමරිය..
8 කොටස


කොහොමද අංකල්..
ප්‍රකාශ්ගෙ තනි අයිතියට නම් මේ සල්ලි බෑන්ක් කරන්න බෑ.. ඒකට ඔයාගෙ තාත්තා කොහොමටත් කැමති නෑ.. ඔයාගෙ අනුමැතිය නැතිව සල්ලි වලට මුකුත් කරන්න බැරි විදියට අපි බෑන්ක් කරමු. 
ඊට පස්සෙ මොකද වුනේ.. 

අපි ඒ සල්ලි බෑන්ක් කරා.. ප්‍රකාශ් හරි සතුටෙන් හිටියේ.. වෙනදටත් වඩා එයා මට ආදරේ බව මට දැනුනා. ඒ හින්දා මාත් හිටියේ හරි සතුටින්.. ඊට පස්සේ අපි නුවරඑලියේ ආවා.. 
පුදුම ආදරේකින් අපි හිටියේ.. ප්‍රකාශ් කීවා අපි මෙහෙදි බඳිමු කියලා .. ඒත් මම ඒකට කැමති උනේ නෑ. මොකද මම තාත්තට පොරොන්දු වෙලා තිබුන නිසා. 
දවසක් ප්‍රකාශ් මොකද්දෝ කොළයක් උස්සන් ආවා.. 

ආන්‍යා.. බබා ඔයා මේකට සයින් කරන්න..  ඔයා ටුවරිස්ට් කෙනෙක් නිසා ජැෆ්නා යන්න පර්මිශන් ගන්න ඕනි. මේ ඒකට ලියුම. මේ ලියුම අපි ආමි එකට දුන්නම ඔයාට පුලුවන් මාත් එක්ක අපේ අප්පලා බලන්න යන්න.. 

මම පුදුම ආසාවකින් හිටියේ ජැෆ්නා යන්න.. ඒ හින්දා මං කියපු ගමන් ඒකට සයින් කරා. 
මම සයින් කරපු දාට පහුවදා ප්‍රකාශ් කීවා එයා කොළඹ ගිහින් පර්මිශන් අරන් එන්නම් මට ඉන්න කියලා.. මහන්සි වැඩි වෙයි එක දිගට ට්‍රැවල් කරොත් කියලා. මම හා කියලා නතර වුනා.. පහුවදා එයා ගියා.. ඒත් එයා ආපහු හොටේල් එකට එන්න කලින් ලෝයර් අන්කල් මට කතා කරා.. 

ආන්‍යා... 
ඔවු අන්කල් කියන්න..
මොනාද ළමයෝ මේ කරන පිස්සු වැඩ.. 
ඇයි අන්කල්..
ඇයි අහන්නේ.. මොකටද ඔයා ප්‍රකාශ්ට කෝටි පහම ගන්න පර්මිශන් දුන්නේ
මම දුන්නේ නෑ.. ඒක කොහොමත් වෙන්න බෑ. ප්‍රකාශ් ගියේ මට ජැෆ්නා යන්න පර්මිශන් ගන්න
පර්මිශන්... ඔයාට හොල්මන්ද.. ඌ ඔයා අස්සන් කරපු ලියුමක් අරන් ඇවිත් ඔක්කොම සල්ලි ටික බෑන්ක් එකෙන් අරන්.. ඌ ඔයාට කරේ බොරුව.. මොකටද අස්සන් කරේ..
අනේ අන්කල්.. මට මුකුත්ම හිතාගන්න බෑ.. ඒක සිංහල ලියුමක්.. මට සිංහල බෑ..
ගෝඩ්... අපි මේකට ලීගල් ඇක්ශන් එකක් ගමු. 
කලබල නොවී ඉන්නකො අන්කල් ප්‍රකාශ් ආවම මම එයා එක්ක කතා කරන්නම්. බලමු එයා මොනාද කියන්නේ කියලා..  
ඕකේ.. බලමු.

ඊට පස්සේ.. ප්‍රකාශ්ගෙන් ඇහුවද ඔයා..
ඔවු.. මම ඇහුවා.. එයා නෑ කීවා.. මම කීවා මට බෑන්ක් එකෙන් කෝල් කරා කියලා. අපි රන්ඩු උනා.. එයා මට ප්‍රොමිස් උනා සල්ලි ආපහු මට දෙන බවට.. ඒත්... උදේ වෙද්දි  එයා මාව දාල ගිහිං. 
හ්ම්ම්.. එහෙනම් මේකයි කතන්දරේ.. 
දැං ඔයා මොකද කරන්න ඉන්නේ.. ලීගල් ඇක්ශන් ගත්තනං ඉවරයිනේ.. 
ඔයා තාත්තට කීවද මේ ගැන..
නෑ.. මුකුත්ම නෑ.. මං ලෝයර් අන්කල්ටත් කීවා මුකුත් කියන්න එපා කියලා.. 
අනේ මන්දා ආන්‍යා.. මම නම් කියන්නේ තවත් මෝඩ වැඩ නොකර තාත්තට මේ ගැන කියන්න කියලා.. 
නෑ අරෝශ්.. අපි ඊට කලින් වැල්ලවත්තට ගිහින් ඉමු. 
හා.. ඔයාගෙ කැමැත්තක්.. ඔක්කොම සල්ලි ප්‍රකාශ් ගෙනිච්චනම්.. දැන් ඔයාගෙ වියදමට සල්ලි තියනවද..?
අපොයි ඔවු.. තාත්තට ස්තූතිවන්ත වෙන්න මට ඕනවටත් වඩා වියදමට තියනවා.. 
ආන්‍යා.. මං මෙහෙම කීවට ඔයා තරහා වෙන්න එපා.. ඔයා හරි මෝඩයි.
මෝඩයි.. ඇයි එහෙම කියන්නේ.. 
ඔයා මෝඩ නැත්තම් මුණ ගැහිලා දවස් දෙක තුනක් වෙච්ච මට කියාවිද ඔහොම..
කොහොමද?
ඔය සල්ලි තියන කතාව.. ඔය වගේ දේවල් කාටවත් කියන්න එපා.. අවුරුදු තුනක් ආශ්‍රය කරපු කෙනා කෝටි ගානක් වංචා කරල තියෙද්දී... මාව විස්වාස කරන්න ඔයාට බය නැද්ද.. 
අනේ මංදා.. අරෝශ්.. 
තාත්තා කියනවා වගේ මම ජීවිතේ ගැන මිනිස්සු ගැන තීරණ ගන්න තාම පොඩි වැඩියි.. 
හරි හරි... මම ඔයාව ගල්කිස්සෙ හොටේල් එකට දාලා ගෙදර ගිහිං හෙට එන්නම් ආන්‍යා.. කමක් නෑනේ..
අනේ කමක් නෑ අරෝශ්.. තෑන්ක්ස් මේ හෙල්ප් වලට. 

අරෝශ්... 
හ්ම්ම්..
මට බඩගිනි.. මවුන්ට් ලැවීනියා වලට තව දුරද?
තව පැයක් විතර යයි.. අපි මගින් කාල යමු.. ඔයා මොනාද කන්නේ..
ම්ම්ම්ම්... වෙජිටබල් චොප්සි එකක්.
ඔහොම කාල ඇතිද?
අපෝ.. හොඳටම ඇති... 
බයද මහත් වෙයි කියලා..
ඔවුනේ.. එතකොට ඇඳුමුත් අලුතෙන් ගන්න ඕනිනේ.. 
මෙතනින් කමු.. මේ රෙස්ටොරන්ට් එක හොදයි.. 

ආන්‍යා...නැගිටින්න.. හොටේල් එකට ආවා.. 
ඔහ්හ්... තෑන්ක්ස් අරෝශ්.. ඔයා ඇතුලට එනවද.. 
අනේ සොරි ආන්‍යා.. දැං නං බෑ.. අම්ම බලා ඉන්නවා ඇති.. පරක්කු උනානෙ.. මම මෙහෙම්මම යන්නම්.. ඔයා තාත්තට කතා කරන්න.. ප්ලීස්.. 
හා.. අරෝශ්.. බලමු.. බායි.. ටේක් කෙයාර්..
බායි.. 

අරෝශ් ගෙන් සමුගත්තු මම ඊයේ වෙන් කරගත්තු කාමරේට ආවේ.. තාත්තාට කතා කරම්දෝ නොකරම්දෝ කියන හිතුවිල්ලෙන්..
ඔන්න ඔහේ ඕනි දෙයක් වුනාවෙ කියලා කතා කරනවා.. දැං තවත් මේවා හංගලා වැඩක් නෑ... 

හෙලෝ... 
තාත්තේ.... මං ආන්‍යා..
මදැයි මතක් වුන වෙලාව... කොහොමද ගමන.. ඔයා හොඳින් නේද?...
තාත්තේ..... අනේ... මං රැවටුනා තාත්තේ....

මතු සම්බන්ධයි.



No comments:

Post a Comment