Saturday 24 August 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මො 13 
🐕🐈🐕🐈🐕🐈


මම - මෙස්සි ඔයා කොහෙද ? 🙄🙄🙄

මෙස්සි - මම ලොකු වැඩක් අනේ ! ඔයා ගාව අලු පාට රෙද්දක් ගන්න තියේද ? 😽😽

මම - ඇයි ඔයාට ආපහු චූ ගියාද ? 🤔🤔

මෙස්සි - ඔයාට විකාර ? මම මේ ෆැශන් මැගසින් එකක් බලනව ! ඒකෙ ලස්සන ඇඳුම් තියනව අනේ 😻😻

මම - කෝ බලන්න , ඕව කෙල්ලො අඳින ඒවා පූසො අඳින ඒව නෙමේ ! 🤭🤭

මෙස්සි - අනේ යන්න අනේ යන්න ! දැං ඔය පූසො වගේ ඇඳන් ගෑනු පාරෙ යන්නෙ 😼, ගෑනු සැලෝන් වලට ගිහින් පූස් මූණු වගේ මූණු හදාගන්නෙ !😼 එහෙවු එකේ මොකෝ අපිට බැරි ගෑනු වගේ අඳින්න  😾, මේක මේ ගෑනු ඇඳුම් වල විදියට මමම නිර්මාණය කරගන්න හදන පූස් ඇඳුමක් ! 😻😻

මම - විකාරනෙ අනේ ! පූසො ඉන්නෝන පූසො වගේ ! 😕

මෙස්සි - අපොයි ඔයාගෙ පැලියාව 😾! මං හැඩ වැඩට ඇහට කණට පේන්න ඉන්නවට ඔයාගෙ තියන පැලියාව මූණෙන් බේරෙනව ! 😾😾මේ ඒක නෙමේ මගෙ විටමින් ටික ඔයා ගෙනාව නේද😻 ? ආය ශොපින් යනකොට මට පොඩ්ඩක් කියන්න ගෙන්නගන්න බඩු වගයක් තියනව ! 😽


No comments:

Post a Comment