Monday 26 August 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මො 17
🐕🐈🐕🐈🐕🐈


මම - මොකෝ මෙස්සි යක්සාවේසෙන් ? 🤔🤔

මෙස්සි  - යක්කු නෙමේ මට යක්ස සේනාවම වැහිල ඉන්නේ ! ඔයා හොඳ හිතින් මට අර ලොකු සාස්පාන අරන් දෙනවද බිමට ! 😾😾

මම - ඇයි නාන්නද ? සාස්පානෙ නාන්නෑ අනේ , බේසම ගන්න , නැත්තම් ටබ් එක පිරෙන්න දාන්නද ? 🥰🥰

මෙස්සි - ඔයාට පිස්සු ? මට ඕනැති නෑමක් නෑ ! මම අද අර ඔලමොට්ටල ඔල්මොරොන්දන් ඔල්මො කියන පාණ්ඩු  බලු නැට්ටව සුප් හදනව ! 😾😾

මම - ඔච්චර කේන්ති ගන්න දැන් මොකද්ද උනේ ? 🤔🤔

මෙස්සි - අනේ වැඩක් නෑ දෙයියනේ ! යාන්තමට ආදරයක් මෝදු වීගෙන ආවා , මේ ගොං බල්ලා ඒක කාබාසිනියා කරල දැම්මා ! 😾😾

මම - මේ අපේ ඔල්මො ! වෙන්න බෑ අනේ , එයා බලු බබෙක් , එයා කෝමද ඔයාගෙ පූස් ආදරේට කටුව ගහන්නෙ ? 🙄🙄

මෙස්සි - ඔයා අහන්නෙ එයා ඒක කරේ කොහොමද කියලද ? එහෙනං අහගන්න , 😼අර පූස් කොල්ලා අපූරුවට එයාගෙ බූල් පිරිච්ච වලිගෙ එහාට මෙහාට ගස්ස ගස්ස ආදරේ පිරිච්ච ඇස් වලින් මා දිහා බලාගෙන හිටියා. 😻මේ ඔල්මොරොන්දන් ගොං බල්ලා එයාගෙ වලිගෙ දිහාවෙම බලාගෙන හිටියා. 😼මෙන්න එක පාරම පිස්සු තද වෙලා වගේ පැනගෙන අනේ අර වලිගෙ හපන්න හැදුවා. 🙀පූස් කොල්ලා ආගිය අතක් නෑ එවෙලෙ ඉඳන් ! මූට පිස්සු කියල අපි දන්නව උනාට රට්ටු දන්නෑනෙ අනේ ! ඒකෙන් මේකෙන් මගෙ ලවු එක හබක්. 😿😿

මම - අනේ ඉතින් ඔල්මො තාම පොඩි බබෙක් නෙ 😕! එයා හිතන්න ඇති වලිගෙ වන වන ඉන්නකොට ඒක සෙල්ලමක් කියල. මාත් ඉතින් ඔය කෝටු කෑල්ලක් වැනුවත් ඔල්මො එන්නෙ සෙල්ලමට. 😍😍

මෙස්සි - මට ඔය මගුල් වලින් වැඩක් නෑ ! 😾හොඳ හිතින් මට අර ලොකු සාස්පාන අරන් දෙන්න ! අර ගොං බල්ලව සුප් හදන්න 😿😿😿


©️ප්‍රභානී තෙන්නකෝන්. 

No comments:

Post a Comment