Saturday 24 August 2019

මෙස්සි vs ඔල්මො

 මෙස්සි vs ඔල්මෝ 05 
🐕🐈🐕🐈🐕🐈🐕


මම - මෙස්සි මොකද ඔය පුටුවක් අස්සට වෙලා කරන්නෙ ? ඇයි හැංගිලා ඉන්නෙ , ඔයා රටට ලෝකෙට මූණ දෙන්න බැරි වැඩක් කරලද ? 🙄🙄

මෙස්සි - ඔයාට විකාරද අනේ ! දවසක අර ඔලමොට්ටල ඔල්මො නසරාණි වැඩක් කරයි ඔයාටත් පාරෙ බැහැල යන්න බැරි වෙන්නම. 😸😸

මම - අනේ පොඩි එකාට පද හදන්නැතුව ඉන්න මෙස්සි , ඇත්තටම ඇයි ඔයා ඔය පුටුවෙ යට ? 😕😕

මෙස්සි - එලියට එන්න පුලුවන් වැඩද අනේ මේ ගෙදර වෙන්නෙ ? අර විකාර කාරයා උඩට එයිද කියල මම මේ බලා ඉන්නෙ. මගෙ හිතේ මට බයයි. එන්නෙම නෑනෙ උඩට නේද ? 😼😼

මම - එයා කොහොමත් උඩට එන්නෑනෙ මෙස්සි ! ඇයි ඔයා පහලට නොයන්නෙ ? ඇයි ඔයා පඩිපෙලේ බාගයක් ගිහින් එබිල බලල ඔල්මො දැක්කොත් ගියාට වඩා ඉක්මනටම උඩට එන්නෙ ? ඔයා බයයි නේද ? 😀😀

මෙස්සි - පිස්සුද ? හුහ්හ් ! බයයි මේ මම ! 🙀🙀
ඔය කුක්කට
මං ඔය පොඩි උන් එක්ක ගැවසෙන්න කැමති නෑනෙ. උන් මහ වදකාරයො. ඔයාටත් තේරෙයි ලඟදිම , ඔයාගෙ මොකක්ම හරි දෙයක් බින්දම 😼😼

මම - මේ ඒකයි ඔයා පුටුව යට ඉන්නෙ , නැතුව ඔල්මොට බයේ නෙමෙයි නේද ? 😂😂 ඉන්න කතා කරන්න ඔල්මොට මං 

මෙස්සි - ඔයාට මෙතන බිම ආපහු හෝදන්න ඕනද ? මං මෙතන චූ කරන්නද ? මේ පුටුව මම කන්නද ? ඔයාව හූරන්නද ? ...... ඔයාට ඕන ඒකද ? දෙයියනේ ඔය බල්ලා මැරෙන්නැද්ද ? 😿😿😿😿😿



No comments:

Post a Comment