Saturday 24 August 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මො 10 
🐈🐶🐈🐶🐈🐶


මම - මොකෝ මෙස්සි ඔතන ? 🙄🙄

මෙස්සි - මම මේ ඔයාගෙ ලෙඩ බලන්න ආවෙ ! දැං කොහොමද ඇලජික් එක ? 😻

මම - කසනව අනේ ! 😭😭

මෙස්සි - 😻😻 මම කසන්නද ? මට නියපොතු තියනව 😻😻

මම - නෑ එපා ! බොහොම ස්තූතියි , ඔයා ඔල්මොව දැක්කද ? 🐶🐶

මෙස්සි - ලැජ්ජ නෑනෙ අනේ ඔයාට 😾? පුටුත් පෙරළං ඔයාව වට්ටල , අතක් කඩලා, ඒකට ගාපු බෙහෙත් ඇලජික් වෙලා පලු දාලා , ඒත් තව අහන්නෙ ඔලමොට්ටලය ගැන 😿, ඔයා මාව බලෙන් ඉඹල මගෙ මයිල් නහයෙ යවාගෙන හචිමක් දෙකක් යවාගත්තා ඇරුනම කවදාවත් මම ඔය වගේ බලු වැඩ ඔයාට කරල තියනවද ? නෑනෙ අනේ ! 😸😸

මම - නෑ ඇත්තටම ඔයා කවදාවත් බලු වැඩ කරේ නෑ මෙස්සි ! ඔයා කරන තරමක් කරේ බළල් වැඩ , පුටු වල කුශන් වල චූ කරනව , මල් පෝච්චි වල වලවල් හාරනව වගේ බළල් වැඩ ! 🙄🙄

මෙස්සි - අනේ නිකං යන්න අනේ යන්නෙ ! චූ පොඩ්ඩක් දාන එක මොකද්ද ? අර ඔයාගෙ කොල්ලත් හිටි ගමන් තාම ඇඳේ චූ කරන්නෙ ! 😼😼 කොහොම උනත් ඔයා ඉක්මනටම සනීප වෙන්න ! මට රංඩු වෙන්න කෙනෙක් නෑ 😿😿

No comments:

Post a Comment