Saturday 24 August 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මො 04 
🐕🐈🐕🐈🐕🐈

මම - මොනාද මෙස්සි ඔතන්ට වෙලා බෙල්ල කඩාගෙන බලා ඉන්නෙ , කොයිවෙලේක හරි වැටෙනව ඔතනින් පල්ලට ! 😕

මෙස්සි - තුහ්හ් ! ඔයාගෙ කට නිසාමයි මම මෙතනින් වැටුනොත් වැටෙන්නෙ ! 😾😾

මම - මම ඇහුවෙ මොනාද ඔය බෙල්ල දික්කරං බලන්නෙ කියලා ? 🙄🙄

මෙස්සි - අර මෝඩයා ඔයාගෙන් ගුටි කන්නෙ කොයි වෙලේටද කියල බලා ඉන්නෙ 😻😻

මම - එයාට පාඩුවෙ ඉන්න දෙන්න ! මම කී වතාවක් කීවද ගිහින් පොඩ්ඩක් කතා කරල යාලුවෙන්න කියල

මෙස්සි - අහ්හ් හා...... එයා ඔයාගෙන් ගුටි කන්න ඉතාම ආසන්නයි ! එයා ඔයාගෙන් ගුටි කෑහම මම යන්නං එයාගෙ ලෙඩ බලන්න 😸😸😸😸😸

මම - ඔයාට පිස්සුද

මෙස්සි - පිස්සු ? මේ මට ?? මට නෙමේ ඔයා පොඩ්ඩක් පහල බලන්නකො එතකොට තේරෙයි කාටද පිස්සු කියල. අන්න අර ඔල්මො කියන ඔල්මොරොන්දන් බල්ලා ඔයා ලස්සනට තියල තිබ්බ මොකද්ද කෙහෙල්මලක් අරන් බෝල ගහනව

ඔයා දන්නවද එයා කොහෙද බෝල ගහන්නෙ කියල, ආං එයා බෝල ගහන්නෙ ඔයාගෙ මල් පැල අස්සෙ. 😸😸😸. අර ඔයාගෙ මහලොකු ඇන්තූරියම් පැලේ , ආං ඒක පද්ද පද්ද පිස්සු බලු නැට්ටා බෝලෙ හොයනව


යේහ්හ්හ්හ් ඔයාගෙ ඕකීඩ් පැලේ! තව ටිකකින් ඒක ඉවරයි , ආං එතකොට ඔය විකාර බල්ලගෙ බෙල්ලෙන් අල්ලල ඔයා එලියට දානව 😻😻මං මේ බලා ඉන්නෙ එතකොට පාටියක් දාන්න 😸😸

මේහ්හ් , ආං අර පිස්සු බල්ලා කාපට් එක කනවා ! මං කීවෙ එකත් එකටම ඌට පාණ්ඬුව 😼😼

මම - මොකක් ! දෙයියනේ මල්පැල , කාපට් 😭😭😭😭

මෙස්සි උසි උසි ! ජය මා කාලි ! 😻😻😻


No comments:

Post a Comment