Monday 26 August 2019

ජීවිතය ඇත්තේ විඳින්නය !

ජීවිතය ඇත්තේ විඳින්නට වග ඈ අඳහන්නීය, 

ඔයා මට ආදරේ ඇත්තටමද? 
ඈ අහන්නේ ඔහුගෙ ඇස් වලට එබීගෙන, ඔහු ඒකට උත්තර දෙන්නෙ හිනාවකින්. ඇත්තටම ආදරේද ? නැත්තන් තියෙන්නෙ වෙන දෙයක් ද ? හරියට ආකර්ශනයක් වගේ ? ඈට තියෙන්නෙ ඉවරයක් නැති ප්‍රශ්න, රෑ දවල් තිස්සෙම හිතින් උත්තර හොයන ප්‍රශ්න,  
ඔවු , ඇත්තටම ආදරේ නැත්තං මෙහෙම ඔයාව ආරක්ශා කරනවද ? එහෙම ඔහු කීවේ ඇගේ ඇස් අස්සෙන් ඔහු ඔහුවම හොයන ගමන්. 

ඈ හිනා වෙනව. ඇස් දිළිහෙනව. අවුරුදු ගානකින් ඈ ආදරේ විඳිනව. වසන්ත කාලෙ නිසා වට පිටාවෙ පිපිල තියන මල් වලට වඩා ලස්සනට ඇගෙ හිත හිනාවෙනව. ඒ හිතේ ආදරේ උතුරනවා. 

හරි , ඔයා මට ආදරෙයි ද ? ඔහු අහන්නේ නපුරු තාලෙට. ඒ ඉතින් ඔහුගෙ හැටි, ඈ හිතන්නෙ එහෙම. 

ඒ පිරිමි පපුවෙ උණුහුම විඳින ඈ ඔලුව උස්සල ඔහු දිහාවෙ බලාගෙන , එහෙම නැත්තම් මෙහෙම එනවද ? කියල අහනව. ඔහු හිනා වෙනවා. 
ඇත්ත, ඈ ඔහුව අසීමිතව විස්වාස කරනව. කොන්දේසි විරහිතව ඔහුට ආදරේ කරනව. ඒක හරි පුදුමයි. 

හීතල හුළඟ එක්ක ඈ ඔහුට තව තවත් තුරුල් වෙනව. වහින්න එන්නෙ , ඈ කියන්නෙ ඔලුව උස්සල අහස දිහාවෙ බලාගෙන. 
ඉතිං , වැස්සොත් මං ඔයාව මෙතන දාල යනව , යන එකයි ඇත්තෙ පාර හොයං ගෙදර, ඔහු එහෙම කියන්නෙ හිනා වෙවී. 

ආ ඇත්තට? ඈ අහන්නෙ හුරතල් වෙවී. කොහොමත් ඈ ආස එහෙම. ජීවිතේ විඳින්න. ඒ අස්සෙ ඈට කෙටි පණිවිඩ එනව යාලුවොන්ගෙන්. 

හරි හරි , ඕක බලන්න, ආය කියවන්නෑ මම. ඔහු එහෙම කීවෙ ආදරෙන්, ඈව තවත් පපුවට ගුලි කරගන්න ගමන්. ඈ කෙටි පණිවිඩ බලන්නෙ ඔහු ඉස්සරහ, ඒ ආදරේ ඉස්සරහ මොනා හංගන්නද? ඈ හිතන්නෙ එහෙම. 

ඔය ෆෝන් එකේ ඒව දැක්කම මගෙ ඔලුව කචල් වෙනව , ඔහු කියන්නෙ හිනා වෙවී. ඇයි අංගොඩ යන්න වෙයි වගේද ? ඈ ආස තව හුරතල් වෙන්න. ඔවු ඔවු මෙහෙම්මම යන්න වෙයි, ආපහු ඒ හිනාව. ඒ අතරෙ පින්න. සීතල , හීගඩු

ඈට කොහෙද සීතලක්, ඈට දැනෙන්නෙ ඔහුගෙ පපුවෙ උණුහුම විතරයි. වැස්ස සැර වෙයි , අපි යං. එහෙම කියන ඔහු ඈව ආදරෙන් සිප ගන්නව. තවත් ආදරණීය හැන්දෑවක් ඉවර වෙනව. ඈව ගෙදරට ගෙනත් ඇරලන ඔහු යන්න යනව. ඈ ඇස් පියාගෙන ඔහුව විඳිනවා. ඔවු ඈ ඔහුගෙන් ජීවිතය විඳිනවා. 



©️Prabhani T.



No comments:

Post a Comment