Monday 26 August 2019

සොඳුර !

සොඳුර, 

ඔබ මට 
ආදරේ වග දැනෙන්නට
එකම එක 
තත්පරයක් ඇතිය.. 
අතිශය 
කාර්‍යබහුල මොහොතක 
ලැබෙන
එකම එක 
වචනයක් වුව සෑහේය, 
ඔබ මා ගැන 
තැවෙනා වග දැනෙන්නට
ඔබේ එකම එක 
බැල්මක් වුව සෑහේය... 

සොඳුර, 

කෙටි වචන කීපයකට 
කරන්නට හැකි දෑ බොහෝය. 💜

©️ප්‍රභානී තෙන්නකෝන්.

No comments:

Post a Comment