Saturday 24 August 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මො  11 
🐶🐈🐶🐈🐶🐈


මම - මෙස්සි ! කවුද අර කුස්සියෙ පෑන්ට්‍රි කබඩ් එකේ දොරක් කාලා තියෙන්නෙ ? 😲😲

මෙස්සි - මොන මළ කරදරයක් අනේ ! එක ඩිංගක් ඇහැ පියාගන්න නෑ , එක්කො බල්ලා නාහෙන් අඬනව , එක්කො කොල්ලා සිංදු කියනව , දෙකම නැත්තං ඔයා ටකේ ගහනව  😾😾😾 දැං මොකද්ද වෙලා තියෙන්නෙ ? 😼😼

මම  - කුස්සියෙ පෑන්ට්‍රි කබඩ් එකක දොරක මුල්ලක් කාලා 😭😭

මෙස්සි - එකත් එකටම ඔය අර බල්ලා. ඔලමොට්ටල ඔල්මොරොන්දන් උනහපුළු ඔල්මෝ බල්ලා ! 😸😸මම මගේ රාජකාරිය හරියටම තිතට කරල ඉන්නෙ , ගේ පැත්ත පලාතෙ එක මීයෙක් නෑ ඕවගෙ වැඩක් කරන්න ! 😼😼

මම - අනේ නිකා ඉන්න මෙස්සි ! ඔයා එන්න කලිනුත් මෙහෙ මීයො හිටියෙ නෑ 🙄🙄

මෙස්සි - ඕව වැඩක් නෑනෙ අනේ ! දැං ඔයා මෙතන ටකේ ගහන එකෙන් වෙන්නෙ මට නිදාගන්න නැතිවෙන එක 😿. ආං අර බල්ලගෙන් රස සුප් එකක් හදල මට රෑට බොන්න දෙන්න , ලපටි බලු මස් රහට තියෙයි අනේ 😻😻

මම - චික් විතරක් ! ඔහොම පවුකාර දේවල් හිතල ඔයා ලබන ආත්මෙ මොකෙක් වෙයිද දන්නෑ 😕😕

මෙස්සි - ඒක බැරියැ අනේ ලබන ආත්මෙ බලා ගන්න ! දැං ආන්න අර බල්ලව මස් කරන්න. මට ඌව පේන්න බෑ 😼😼😼

No comments:

Post a Comment