....ආන්‍යා....
ආදරයට ආදරේ කල පැරිස් කුමරිය...
හතරවන කොටස....
ඉතිං තාත්ත ප්‍රකාශ් ට උදවු කරන්න කැමති වුනාද ආන්‍යා...
එහෙම උදවු කරන්න කැමැත්තක් කියලම නෙමෙයි අරෝශ්... මම කොහොමත් ලංකාවෙන් අපේ යුනි එකට එන අලුත් ළමයි ගැන ගෙදරට කියනවා.. ඒ අතර ඉන්න උදවු ඕනි ළමයිනට තාත්ත උදවු කරනවා.විශේශයෙන්ම ප්‍රංශ භාශාව ඉගෙනගන්න.. ඒක අපේ ගෙදරට සාමාන්‍ය දෙයක් අරෝශ්.. තාත්ත මූලික වෙලා හදපු සමිතියකින් ලංකාවෙ ගොඩක් අයට උදවු කරනවා.. ගොඩක්ම යුනිවසිටි ළමයින්ටයි, ජොබ් නැති තරුණ ළමයින්ටයි..
ප්‍රකාශ් ගැන තාත්ත හිතුවෙත් එහෙම.. එයා හිතුවෙ ප්‍රකාශ් අපේ යුනි එකට ආපු ළමයෙක් කියලා.. ගොඩක් අය මොන ක්‍රමේකින් හරි ස්ටුඩන්ට් වීසා ඇවිත් පස්සෙ ජොබ් කරනවා.. ඒක සාමාන්‍ය දෙයක්. කොහොම හරි ප්‍රකාශ් ව ගෙදර එක්ක එන්න තාත්ත කැමැත්ත දුන්නා..
ඊට පස්සෙ දවසක් දාගෙන ප්‍රකාශ් අපේ ගෙදර ආවා....
හෙලෝ පුතා... එන්න එන්න වාඩි වෙන්න..
තෑන්ක්ස් අන්කල්..
ඉතිං.. ඔයත් අපේ දෝණි වගේ ගස් ගල් අස්සෙ බඩ ගාන එකද කරන්නේ..
ඒ කීවෙ අන්කල්... මට තේරුනේ නෑ...
නෑ මං කීවේ... පුතත් අපේ දෝණි ගෙ ඩිග්‍රී එකද කරන්නේ..
නෑ අංකල්.. මම යුනිවර්සිටි එකේ නෙමෙයි..
ඇත්තද... දෝණි ඒ බවක් කීවෙ නෑනෙ... මොකද්ද පුතා නම කීවේ...
ප්‍රකාශ්...
ප්‍රකාශ්...... ඒක ටිකක් ටැමිල් නමක් වගේ නේද.. ?
මම ටැමිල් අන්කල්...
අහ්හ්... එහෙමද.. කොච්චර කල්ද මෙහෙ ඇවිත්..
මම මාස තුනක් විතර..
කොහොමද පුතා මෙහෙට ආවේ..
අපේ අන්කල් කෙනෙක් තමා මාව ගත්තේ..
ලංකාවෙ සිටුවේශන් එක එන්න එන්නම හොද නැති වෙනවා අන්කල්. පිට පලාත් වල ඉන්න ටැමිල් අයට ඒ තරම් ප්‍රශ්නයක් නොවුනට උතුරු නැගෙනහිර ඉන්න අයට ඉන්න අමාරුයි.. ටෙරරිස්ට්ල ගෙවල් වල අයට කරදර කරනවා ගෙවල් වල ඉන්න තරුණ ළමයින්ව එයාලට දෙන්න කියලා.. අපේ ගෙදරටත් ගොඩක් කරදර ආවා.. ඒ නිසාම අපේ අප්ප මෙහෙ ඉන්න අන්කල් කෙනෙක්ට කියලා මාව මෙහෙට එවුවා...
ඉතිං දැං ඉන්නෙ අන්කල් එක්කද?
අනේ නෑ අන්කල්.. එයා පැරිස් වල නෙමෙයි. වෙන සිටි එකක.. එයා මාව මෙහෙ එයාගෙ යාලුවෙක්ගෙ ගෙදරක නතර කරලා පොඩි පාට් ටයිම් එකක් සෙට් කරලා දීල ගියා..
මොකද්ද පාට් ටයිම් එක.
රෙස්ටොරන්ට් එකක..
එතකොට ඔයාගෙ අන්කල් ඔයාට දැං හෙල්ප් කරන්නෙ නැද්ද පුතා...
හෙල්ප්... මොන හෙල්ප් ද අන්කල්... අප්ප මගේ ජීවිතේ බේරන්න ඕනි නිසා මෙහෙට එවුවේ ඒ අන්කල් ටම අපි හිටපු ගේ උගසට තියලා.. මම කොහොම හරි ඒ ණය බේරන්න ඕනි අන්කල්.. නැත්තං අප්පා නංගියි, අම්මයි එක්ක කොහේ කියල යන්නද..
මේ විදියට ප්‍රකාශ් එයාගෙ ජීවිතේ දුක කියද්දී අපේ තාත්තගෙ හිත උණු වුනා අරෝශ්... තාත්ත කැමති උනා ප්‍රකාශ් ට උදවු කරන්න..
ඉස්සෙල්ලම පුතා මට කියන්නකො ඔයා ලංකාවෙ කොච්චර දුරට ඉගෙනගෙන තියනවද.. ?
මම මෙඩිසින් සෙකන්ඩ් ඉයර් එකේ හිටියෙ අන්කල්...
මොකක්... මොනවද ළමයෝ.. මේ මහ අපරාධ වැඩක්නෙ.. ඔය දරුවා මොන ජාතියේ උනත් ඒක ප්‍රශ්නයක් නෑ.. අපි ඔයාට උදවු කරනවා... ඉලන්දාරියා කැමතිද යුනිවර්සිටි යන ගම්න්ම පාට් ටයිම් එක කරන්න..
තාත්ත මෙහෙම කියද්දී.. ප්‍රකාශ් තාත්තට වැන්දා අරෝශ්.. ඇත්තමයි.. ඒ වෙලාවෙ අම්මගෙ මගේ විතරක් නෙමෙයි තාත්තගෙ ඇස් වලත් කඳුළු තිබ්බා...
කොහොම හරි ඊට පස්සේ තාත්තා ප්‍රකාශ් ව යුනි එකට දැම්මා.. ඉන්න තැනටත් ගෙවන්න වෙන නිසා තාත්තා අදුරන තැනක නතර කලා.. කෑම පිටින් ගන්න පොරොන්දුවට.. ප්‍රකාශ් වැඩ කරපු රෙස්ටොරන්ට් එක කැමති උනා යුනි ගිහින් ඇවිත් වැඩ කරනවට..
ඊට පස්සේ ප්‍රකාශ් නිතර නිතර අපේ ගෙදර ආවා.. අපේ පවුලෙ කෙනෙක් තරමටම සමීප වුනා.. ඒකට ප්‍රධානම හේතුව වුනේ ප්‍ර්‍රකාශ් මෙඩිසින් කරපු එක.. මගේ අම්ම තාත්තත් ඒ ෆීල්ඩ් එකේම වුන එක.. ප්‍රකාශ් ට තාත්තා ගොඩක් උදවු කරා අමාරු තැන් පැහැදිලි කරලා ඉගෙනගන්න.. තාත්ත ප්‍රකාශ්ට සැලකුවේ පුතෙක්ට වගේ..
දවසක් ප්‍රකාශ් කීවා
අන්කල්... මා ගාව දැන් ටිකක් සල්ලි එකතු වෙලා තියනවා.. තව ටිකක් අඩුයි.. ඒ ටික එකතු වුන ගමන් මම අප්පට ආපහු ගේ නිදහස් කරලා දෙනවා... ඒක තමා මගෙ එකම හීනේ...
තව කොච්චර අඩුද පුතා...
රුපියල් වලින් ලක්සයයි අන්කල්... තව පොඩ්ඩයි... ලබන මාසෙ වෙද්දි පුළුවන් ගේ නිදහස් කරගන්න..
ඕකට තව මාසයක් ඉන්න ඕනි නෑ මම ඉතුරු ටික දෙන්නම්.. පොඩි ගානනෙ.. තියන කාලෙක මට දෙන්නකො..
අනේ තෑන්ක්ස් අන්කල්.. මම මාස දෙකෙන් දෙන්නම්..
හරි හරි... ඒක බලමුකො පස්සේ...
තාත්තා ඉතිරි ගාන දීලා ප්‍රකාශ් ගෙ ගේ බේරල දුන්නා.. ඒත් තාත්ත ප්‍රකාශ් ගෙන් ඒ සල්ලි ආපහු ගත්තෙ නෑ... ඒ තරම් ප්‍රකාශ් අපිට ලං වෙලා හිටියේ... දවසක් අපි අයිෆල් බලන්න ගියා..
ආන්‍යා.... ඔයාට මේ යකඩ ගොඩ ලස්සනයිද..?
මේ යකඩ ගොඩේ ලස්සන බලන්න ඕනි රෑට. ඉන්නකො තව ටිකක් අඳුර වැටෙනකල්.. පුදුමයි.. ඔයා ඇවිත් නැද්ද මේ පැත්තේ..
ආවා.. දවල්.. රෑට කොහෙ එන්නද.. මම වැඩනෙ..
ආ.. ඔවුනෙ...
ප්‍රකාශ්.. අපි යමුද සෙන් ගඟ ගාවට...
යමු...
ප්‍රකාශ්... ඔයා දන්නවද මේ පාලමේ ඇයි මේ තරම් ඉබ්බො කියලා...
ඇත්තටම ඇයි ආන්‍යා... මෙහෙ ඉන්න මිනිස්සුන්ට පිස්සුද... මේ නමුත් ලියලා.. හාට් ඇඳලා...
ඒ මෙහෙ මිනිස්සුන්ට පිස්සු නිසා නෙමේ ළමයෝ.. ඒ සංකේතවත් කරන්නේ ආදරේ...
ආදරේ.... ඒ කොහොමද?
ඒ.. මෙහෙමයි... මෙතන්ට එන කපල් එයාලගෙ ආදරේ සදාකාලික වෙන්න කියලා මේකට ඉබ්බව අමුනලා යතුර ගඟට දානවා...
එතකොට ආදරේ සදාකාලික වෙනවද ආන්‍යා..
ඔවු... එහෙමයි විස්වාසෙ...
අපිත් එහෙනම් මේකට ඉබ්බෙක් දාමුද.. අපේ නම් ලියලා....
ප්‍රකාශ්..... මේකට ඉබ්බො දාන්නෙ ලවර්ස්ල.. ෆ්‍රෙන්ඩ්ස් ල නෙමේ...
ඉතිං අපිට බැරිද ලවර්ස්ල වෙන්න..
අපි... ?
ඇයි... මම.. ටැමිල් නිසාද ..
අනේ එහෙම දෙයක් නෙමෙයි ප්‍රකාශ්..
එහෙනම් මම දුප්පත් නිසාද...
නෑ...
එහෙනම් ඇයි බැරි ආන්‍යා... ඔයාට වෙන කෙනෙක් නැති බව මම දන්නවා...
ප්‍රකාශ්...
කියන්න ආන්‍යා.... මගේ ඇස් දිහා බලාගෙන කියන්න... ආදරෙයි නේද..?
ඔවු...
මම තමයි මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙනා...
ඒ මොකෝ...
ඔයා මට ආදරේ කීවනේ...
ඔන්න හැබැයි තාත්තට එහෙම දැන්ම කියන්නෙ නෑ මේවා...
පිස්සුද ආන්‍යා... මම කියන්නේ නෑ...
ඔන්න ඔහොමයි අපේ ආදරේ පටන් ගත්තේ... අයිෆල් කුළුනේ ලස්සන, සෙන් ගඟේ ලස්සන මම දැක්කෙ එදා වගේ හැගීමක් මට දැනුනේ...
ඊට පස්සේ අපි ගොඩක් ලං වුනා... ගොඩක් ආදරේ කලා.. අපේ සම්බන්දෙට අවුරුදු එකහමාරක් විතර වෙද්දී තාත්තට මේ ගැන ඉව වැටුනා....
තාත්තා ඒ ගැන මගෙන් කෙලින්ම ඇහුවා...
ආන්‍යා....
ඇයි තාත්තේ..
ඔයාගෙයි ප්‍රකාශ්ගෙයි අතරෙ මොකද්ද තියන සම්බන්දෙ...
පිස්සු... මොන සම්බන්ධද... අනික මොකද්ද එහෙම උනත් ඒකෙ වරද..
වරද... වරද තමා එයා අපේ ජාතියෙ නොවන එක...
ජාතිය... අපි ඔක්කොම මනුස්ස ජාතියෙ තාත්තේ...
ඔයා ඔය තර්ක ගේන්නෙ ඔයාල අතර එෆෙයාර් එකක් තියන නිසානෙ...
ඔවු... තියනවා...
ඕක වහාම නවත්තන්න ආන්‍යා.... මාව නරක මනුස්සයෙක් කරගන්නෙ නැතුව..
නරක... නරක හොඳ වෙන හැටි බලාගන්න තිබුනා මං සුද්දෙක් එක්ක යාලු වුනානන්.. හොඳ ඇමරිකන් කාරයෙක්, මෙහෙ කොල්ලොක්, ඉන්ග්ලන්ඩ් වල එකෙක්... ඒ වගේ කෙනෙක් එක්ක යාලු වුනානම් ඒක වරදක් නෙමෙයි නේද...
කට වහගන්නව ආන්‍යා....
නෑ මං වහන්නෙ නෑ කට... මම මේ රටේ නීත්‍යානුකූල පුරවැසියෙක්.. මට අයිතියක් තියනවා මට ඕනි කෙනෙක්ව බඳින්න...
ආන්‍යා...... උඹ ඔය කතා කරන්නෙ කාටද...
මම කතා කරන්නෙ උද්දච්ච මනුස්සයෙකුට..
ඇයි... නැගිට්ටෙ ගහන්නද.. ?
මතු සම්භන්ධයි.
No comments:
Post a Comment