Saturday 24 August 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මො 14 
🐕🐈🐕🐈🐕🐈

මම - මෙස්සි මොනාද අනේ ඔය උඩ බලන් කල්පනා කරන්නෙ ? 🙄🙄

මෙස්සි - මම මේ පිටසක්වලයෙක් එනකල් ඉන්නෙ ! 😻

මම - මොකෙක් ? 😕

මෙස්සි - පිටසක්වලයෙක් අනේ පිටසක්වලයෙක් ! 😻මෙන්න මේ ඔල්මොව දීලා දාන්න කියල බැලුවෙ මං. ඔයාට කියන්න ඇත්තටම ඒක හරි ශෝක් ගණුදෙනුව ! 😸මං ඔල්මොව පිටසක්වලයට දෙනවා - පිටසක්වලයා මට මාලු පෙට්ටි 4 ක් දෙනවා. 😽වැඩේ ඉවරයි ! මට සතියක කෑම වියදමත් නෑ. අනික ගණුදෙනුවෙන් ඔයාගෙ පෑන්ට්‍රි කබඩ් වල ලීත් බේරෙනවා , ඔයාගෙ ඇට මාල , ගල් බෝල එහෙමත් බේරෙනව ! 😻😻

මම - ඔයාට ඔය විකාර අදහස ආවෙ කොහෙන්ද මෙස්සි ! 🙄🙄

මෙස්සි - ගාර්ෆීල්ඩ් අයියගෙන් අනේ ! එයා ඇරෙන්න මට ඔහොම අදහස් වෙන කවුරු දෙන්නද ? 😻😻

No comments:

Post a Comment