Thursday 29 August 2019

ආන්‍යා 15

..ආන්‍යා..

15..
අවසාන කොටස.. 


කියන්න ආන්‍යා... ඔයාට පුලුවන්ද? 
මං දන්නෑ අරෝශ්... මම මේ ඉන්නෙ ආදරයක් හිතන්න පුලුවන් මානසිකත්වෙක නෙමෙයි.. මට මේක කියන්න... ඔයා අර ප්‍රකාශ්ගෙ ලියුම කියෙවුවද? 
ඒ මොකටද? මට අනුන්ගෙ ලියුම්.. 
නෑ ඉතිං.. ඒකෙනුත් ඔයාලට තොරතුරු ගන්න තියනවද දන්නෑනෙ.. 

එහෙනං ඉතිං ඒ තොරතුරු ගන්න වෙන්නෙ ට්‍රාන්ස්ලේටර් කෙනෙක්ගෙ මාර්ගෙන් තමා... 
ඒ කියුවෙ.. ? 
නෑ ඒක තියෙන්නෙ ෆ්‍රෙන්ච් වලින්... 
මොකද ඒ ගමන මට නෝන්ඩියට හිනාවෙන්නෙ.. 

ඔයා දක්ශ සී අයි ඩී කාරයෙක් උනාට ගෑණු ඉස්සරහ පරාදයි.. ඒ කියන්නෙ ඔයා ලියුම බලන්න ට්‍රයි එකක් දුන්නනෙ.. 
නෑ එහෙමමත් ම නෙමෙයි ඉතිං... මං නිකං බැලුවා.. ඕක ඉතිං ට්‍රාන්ස්ලේට් කරත් පාපොච්චාරණයකට වඩා එහා දෙයක් ඕකෙ තියෙන්න විදියක් නෑ.. මොකද එහෙනං ඕක මගෙ ගෙදරට ප්‍රකාශ් එවන්නෙ නෑ... 

ඒත් කමක් නෑ අරෝශ්.. ඕනි නම් මම ට්‍රාන්ස්ලේට් කරන්නම්.. නැත්තම් ඔයා ඔෆිසර් කෙනෙක්ගෙ මාර්ගෙන් ඒක බලන්න. 
බලමුකො.. කමක් නැද්ද.. දෙන්නගෙ පුද්ගලික සීන් එහෙම තිබුනොත්...? 
අනේ යන්න අරෝශ්... 

හ්ම්ම්.. යන්න ආන්‍යා.. බෑග්ස් ලෑස්ති කරගන්න.. නැත්තං කළබලේට අමතක වෙයි.. ඔයාට මෙහෙන් ගෙනියන්න දේවල් තියනවනම් යමු ගන්න.. 

අරෝශ්.. 
කළුතර බෝධිය ට මෙහෙ ඉඳන් දුරද? 
නෑ  ඇයි.. ? 
අම්ම කීව එතන්ට ගිගිං ටික වෙලාවක් ඉන්න කියලා.. එතකොට හිත හදාගන්න පහසුවෙයි කීවා.. 
හ්ම්ම්... යමු එහෙනං.. ලෑස්ති වෙන්න.. 
ඔයාගෙ අම්මටත් එන්න කියන්න.. 
හා.. 
.
.
.
ආන්‍යා... 
හ්ම්ම්ම්.. 
මේ තමා කළුතර පාලම.. අර පේන්නෙ බෝධිය.. 
හරිම ලස්සනයි... 
අපි මෙතන වාහනේ දාල මේ ටික පයින් යං.. ඔය ඉස්සරහින් මල් ගත්තැකි. 
ඕනි නෑ පුතේ.. අපි මල් ගෙනාවා.. 
කමක් නෑ ආන්ටී.. අපි ඕලු මල් ගමු.. අර සුදු ඒවා... 
මෝඩි.. ඒ ඕලු නෙමේ නෙළුම්.. 
අනේ හිනා නොවී ඉන්න පුතේ.. ඒ දරුව දන්නවෑ මෙහෙ මල්.. මොකෝ මේව යුරෝපෙ තියනවෑ.. 
වැඩක් නෑ ආන්ටී.. එයා දන්නෙ මට හිනාවෙන්න..

අනේ නෑ අපෙ පුංචි නෝනෙ.. ඒ මහත්තයගෙ හැටිනෙ... 
මේ බලන්නකො අම්මෙ.. ඒ ගමන කමලට අපේ පුංචි නෝනෙත් වෙලා... 
අනේ පුතෙ කෑ නොගහ ඉන්න.. ඉස්සෙල්ල බෝධිය වන්දනා කරල ඉමු.. පස්සෙ වෙහෙර වඳිමු.. 

මේ... 
මොකෝ රහසින්.. ?
වෙහෙර කියුවෙ කොහෙද? 
චෛත්‍යය ට.. 
ආ... හා හා.. 
අනේ මෙහෙම මැටි ගොඩක්.. 
කවුද මැට්ට.. ලියුමක් කියෝගන්න බෑ... 
හරි හරි  මං පරාදයි.. 

අරෝශ්... 
මෙතන පුදුම නිස්කලංක තැනක් නේද.. ..
ඔවු... 
ඇත්තටම අම්ම කීව හරි.. 
හිතේ බර එහෙම්මම නැතුව ගියා... 

වැඳල ඉවරද පුතේ... 
ඔවු අම්මේ... 
යමු එහෙනම්.. රෑට උයන්නත් එපෑ.. 
අපි අද එලියෙන් කමු ආන්ටී.. මං ගානෙ.. 
හරි හරි.. යමුකො එහෙනම්.. 
.
.
ආන්‍යා.... 
නිදාගන්න...
හෙට යන්නත් ඕනිනෙ... 
අරෝශ්..
ඇයි....
තෑන්ක්ස්.. හැම දේකටම... මට ඔයාගෙයි අම්මගෙයි පාස්පෝට් කොපි දෙකක් ඕනි.. මං තාත්තට කියල ඔයාලට එහෙ එන්න ටුවර් එකක් ඇරේන්ජ් කරන්නම්.. 
ආං... එවුවා හොඳ වැඩ.... 
විහිළුවට නෙමේ... 
හ්ම්ම්ම්.. හාකො.. පස්සෙ බලමු... 
අර ලියුම...
ඒක දෙන්නෙ හෙට.. 
ගුඩ් නයිට්..
ගුඩ් නයිට්... 
.
.
ඔක්කොම ගත්තද ආන්‍යා... 
ඔවු.. 
හොඳට බලන්න.. 
බැලුවා.. 
ඔය යන්නෙ ඔහොමද.. ? 
ඔවු ඇයි.. 
කලිසං කොටයක් ඇඳන්.. ? 
ඔවු.. තාම එහෙ සමර් එක.. ඇයි.. 
නෑ නිකං.. ආවෙත් ඔහොම ඇඳන්ද? 
ඔවු.. 
ආ.. ඔවු.. තමා.. මට මතකයි.. සුදු කකුල් එලියෙ දමං ආ හැටි.. 
ඒ කියන්නෙ... ඔයා කටුනායක ඉඳන්ම අපි පස්සෙ ආවා..? 
ඔවු... ඒත් ආන්‍යා දිග කලිසමක් ඇදගන්න ප්ලීස්.. 
හ්ම්ම්ම්.. ඉන්න එහෙනං.. හරි කරදරයක්නේ.. ආයෙ බෑග්ස් අරින්න එපැයි ඉතිං... 
අපෝ නාහෙන් ඇඬිල්ල.. කෝ දෙන්න යතුර.. කෝකෙද තියෙන්නෙ.. 
මේකෙ... 
හපොයි... මේ කෙල්ලෙක් අහුරපු මල්ලක්ද? ආ.. මේං මේක ඇඳගන්න.. 
හා... 
.
.
හරිද.. 
යං එහෙනම්.. 
අපි යන්නම් ආන්ටී.. කරපු හැමදේටම තෑන්ක්ස්.. 
පරිස්සමට පුතේ.. බුදු සරණයි... 
.
.

ආන්‍යා... 
ඇයි.. අරෝශ්.. මොකද මේ.. 
මුකුත් නෑ..  ආ.. ලියුම.. පරිස්සමෙන්.. බැස්ස ගමන් මට මැසේජ් එකක් තියන්න.. 
හා.. බායි... 
බායි.... 
.
.
අරෝශ්, මහ පුදුමාකාර මනුස්සයෙක්.. ෆලයිට් එකට නගින්න කලින් ලියුම කියවන්න ඕනි... 
ට්‍රීං...
හෙලෝ... 
ආන්‍යා.. නැගලා හිමිං ඕක කියවන්න... දැං එපා.. 
ඔයාට දිවැස් තියනවද.. ? 
ඔවු.. 
හා ... බායි...
.
.
ලංකාවට සමු දෙන්න තව විනාඩි ගානයි.. "ආසන පටි තද කරගන්න" කියනවත් එක්කම මම ලියුම අතට ගත්තා... 

ආදරණීය ආන්‍යා... 
වෙච්ච හැමදේටම මට සමාවෙන්න.. මං ඔයාට ලං උනේ ඔයාව රවට්ටන්න හිතාගෙන නෙමෙය්. ඔයාට ආදරේ නිසා. ඒත් මගෙ මාම එල් ටී ටී ඊ එකේ අය එක්ක එකතු වෙලා මගෙ අම්මලව හිර කරන් සල්ලි ඉල්ලුවා.. මට උන් කියන කියන දේ කරන්න වුනා.. මට මේක ඔයාට කියන්න ඕනි උනත් මට ඒකට ශක්තියක් තිබ්බෙ නෑ.. 
එදා රෑ ඔයා ලවා අස්සන් අරගෙන ඔයාගෙ සල්ලි මගේ නමට හරවගෙන මං ගියේ ප්‍රාණ ඇපයට තියං හිටපු අම්මලව නිදහස් කරගන්න. මං ඒක කරා.. මං අම්මලව ඉන්දියාවට යැවුවා.. ඒත් උන් දිගටම මට කරදර කරා.. ඔයාව මරණවා කීවා.. මං ඔයාව නුවරදි දැක්කා අරෝශ් සර් එක්ක.. ඊට පස්සෙ මගෙ හිතේ බය නැතුව ගියා.. සර් ඔයා එක්ක ඉන්නකල් කාටවත් ඔයාට මුකුත් කරන්න බෑ කියල මං දන්නවා.. 
ඔයා මාව හොයන්න රාමන් ගෙ ගෙදර ඒවි කියලා මං දැනං හිටියා.. ඔයාගෙ යි සර් ගෙයි ඔලුව වෙන පැත්තකට යවන්න ඕනි නිසා අපි රාම්න් ගෙ අම්මට කියල තිබුනා රාධා කෙනෙක් ගැන ඔයාට කියන්න කියලා... 

 ඒ බොරුවෙන් මට ඕනි උනේ ඔයා මා එක්ක තරහින් උනත් මේ රටින් පිටවෙනවා දකින්න.. ඒත් ඔයා දිගටම මා ගැන හෙවුවා... මේ ලියුම කියවද්දි ඔයා මං ගැන දැනගෙන ඉවරයි... 

ඔයාට පුලුවන්නම් මට සමාව දෙන්න. මං ඔයාට හැමදාමත් එක වගේම ආදරෙයි... ජීවත්ව හිටියොත් මං එනවා... ඒත් මං ඔයාට ගැලපෙන්නෙ නෑ ආන්‍යා... ඔයා අරෝශ් ගැන හිතන්න.. මං සුභ පතනවා ඔයාට...
මීට.. ආදර 
ප්‍රකාශ්... 

ප්‍රකාශ්... ඔයාට  එන්න පුලුවන් උනානම් මං මේ හැමදේම අමතක කරලා ඔයා එක්ක ඉන්නවා.. එහෙනම් අපිට ඉස්සර වගේම ඉර බහිද්දි සෙන් ගඟ අයිනෙ ඉඳන් ඉර බහින හැටි බලන්න තිබ්බා... ඒත් ඔයා ගියේ මගෙ හිතේ හීන ඔක්කොමත් අරගෙන.. 
ඔවු.. ඔයා හරි ප්‍රකාශ්... ගෙවුනු ටික දවසට මං ජීවිතේ ගැන ගොඩක් ඉගෙන ගත්තා... 

මං ආයෙත් ජීවිතේ අලුත් තැනකින් පටන් ගන්න ඕනි... ඒ පටන් ගැන්මට එක්ක යන්න ඕනි මං ගැන හැමදේම දන්න කෙනෙක්ව... ඔවු... මං තීරණයක් ගන්න ඕනි.... 

මිස්... ශීට් බෙල්ට් ලොක් කරගන්න.. අපි ලෑන්ඩ් කරන්න හදන්නේ... 
අහ්හ්.. සොරි.. මං හිටියෙ වෙන කල්පනාවක.. එනවුන්ස්මන්ට් එක ඇහුනෙ නෑ.. 
ඉට්ස් ඕකේ මිස්.. 
.
.
හෙලෝ...අරෝශ්...
මං ඕර්ලි එයාපෝට් එකේ ඉන්නේ.. මෙතනින් ටැක්සි එකක් අරං යන්නම්.. 
ඕනි වෙන එකක් නෑ ආන්‍යා.. ඔයාගෙ අම්මල එලියෙ ඉන්නවා.. 
අනේ..  ඔයා එයාලටත් කීවද..
ඔවු.. හරි එහෙනං ගෙදර ගිහිං කෝල් කරන්නකො..
ඕකේ....
අරෝශ්..
ඇයි..
අර ඔයා අහපු දේට මං කැමතියි.. 

නිමි.



5 comments: