Thursday 29 August 2019

ආන්‍යා 10

..ආන්‍යා..
10 කොටස.


ආන්‍යා... ප්ලීස් අඬන්න එපා දැං.. අපි යමුකො දැං..
නෑ... අපි රාමන් ව මුණ ගැහිලා මිසක් ආපහු යන්නෙ නෑ.. 
ආන්ටී... අපි රාමන් එනකල් ඉදලම යන්නද.? 
ඒක ඔයාලගෙ කැමැත්තක්.. ඔහෙන් වාඩි වෙලා ඉන්න. මම කෝල් කරන්නම් පුතාට. 

අරෝශ්.. ඔයා හිතන්නේ මේ මනුස්සය කීවෙ ඇත්ත කියලද?
බොරු කියල මේ මනුස්සය මොනා ගන්නද ආන්‍යා.. අන්න එනවා... මොනා කියාවිද මන්ද ..

පුතා තව ටිකකින් ඒවි. ඔයාල ඔහොම ඉන්න. මම කූල් ඩ්‍රින්ක් මොනා හරි ගේන්නම්. 

අරෝශ් දැං පැයක් විතර ගියානෙ. මේ මනුස්සය තාම නෑනෙ.. 
අර නං එන්නෙ ශුවර් එකටම මිනිහා. එන විදියෙන් කියන්න පුලුවන්. 

හෙලෝ.. මම රාමන්.. මේ.......?
හෙලෝ.. මම ආන්‍යා.. මේ මගෙ කසින් කෙනෙක්.. අරෝශ්.  අපි ආවෙ ප්‍රකාශ් ගැන මුකුත් තොරතුරක් දැනගන්න. 
අම්ම කීව මට.. ප්ලීස් වැරදියට හිතන්න එපා.. මට ඔයාගෙ අයිඩින්ටිය බලන්න පුලුවන්ද?. දන්නවනෙ.. මෙහෙ සිටුවේශන් එක.. නිකං ලෙඩ දාගන්න බෑනෙ.. 
ශුවර්.. මගෙ පාස්පෝට් එක තමා තියෙන්නෙ. මේ තියෙන්නෙ.. 

ඕකේ.. මේ මහත්තයගේ......
ආ.. ඉන්න ඉන්න... සොරි.. ලයිශන් එකකමක් නැද්ද.. 
හරි... අනේ වැරදියට හිතන්න නං එපා... 
අපි කතා කරමුකො එහෙනං... දැං මොනාද දැනගන්න ඕනි ඔයාලට? ...

ප්‍රකාශ ලංකාවට ආ බව ඔයා දන්නවද? 
ඔවු.. මට කෝල් කරා.. 
දැං ඉන්න තැනක් ගැන දන්නවද?
අනේ සොරි.. ඒක නං දන්නෙ නෑ.. ප්‍රකාශ් මට කෝල් කරපු නම්බර් එක දැං වැඩ කරන්නෙ නෑ.. මං හිතුවෙ මිනිහා ආපහු ගිහිං කියලා.. 
ඔවු.. එයා නම්බර් එක මාරු කරලා.. ප්‍රකාශ් බැදලා හිටියා කියන්නෙ ඇත්තද? ..
ඔවු.. ඒත් දැං රාධා එක්ක එයාගෙ සම්භන්ධයක් නෑ.. 
මට ඔය කියන රාධව මුණගැහෙන්න පුලුවන්ද?.
සොරි.. මට ඒක නං කරන්න බෑ.. මං හිතන්නෙ ඔයා ඔය කරන්නෙ ඕනි නැති වැඩක්නේ.. ඔයා දැං කරන්න ඕනි ආපහු යන එක.. මං හිතන්නේ ඒක තමා හොදම දේ.  
මං යන්නෙ ප්‍රකාශ් ගෙන් ඇත්ත දැනගෙන. එයා මට වංචා කරා.. පොඩි ගානක් නෙමෙ කෝටි ගානක්.. ඒ ඇයි කියලා මං දැනගන්න ඕනි.. 

ආන්‍යා... දැං උන දේ උනා... ප්ලීස් ඔයා ඉක්මනට ආපහු යන්න.. ඕවට පැටලෙන්න එපා. 
පැටලෙන්න...?????
ඔයා මට මොනා හරි හංගනවා.. 
අරෝශ්... ප්ලීස් මෙයාව එක්ක යන්න... පුලුවන් ඉක්මනට ආපහු යවන්න.. දන්නවනෙ දැං රටේ තත්වේ.. මට ඔයාගෙ කන්ටෑක් නම්බර් එක දෙන්න. මං කෝල් කරන්නම්. 

ඕකේ මචං.. එහෙනං අපි යන්නම්. කෝල් කරන්න මතක ඇතුව. 
ප්‍රකාශ් ගෙ ගෙවල් කොහෙද.. 
ගෙවල් තියෙන්නෙ ජැෆ්නා වලින් ගොඩක් ඈත.. ඔයාට එහෙ යන්න බෑ.. අනික ගිහිං හිස් බිත්ති බලන්නද?. එයාගෙ පේරන්ට්ස්ල ඉන්දියා ගියා. 
මට එහෙම දෙයක් එයා කීවෙ නෑ.. 
ඔයාට මොනාද එයා කියල තියෙන්නෙ?.. ඔයාට එයා මුකුත්ම කියලා නෑ ආන්‍යා... 

හරි.. අපි එහෙනං යන්නම්. මම ඔයාට කෝල් කරන්නම්.. තොරතුරක් දැනගත්තොත් කියන්න.. 
ශුවර්... බායි.. ගෝඩ් බ්ලෙස්. 

අරෝශ්... මට හිතෙන්නෙ මිනිහ මොනාහරි දැනං අපෙන් හැංගුවා. ඔයාට එහෙම හිතෙන්නෙ නැද්ද? 
ඔන්න ෆෝන් එක රින්ග් වෙනවා... 
අම්මා..... 
ඉතිං ආන්ස්වර් කරන්න.. 

හෙලෝ.... 
දෝනී... ඔයා ආපහු එන්න.  ගිය සල්ලි ගියා... ඒව ඕනි නෑ.. ඔයා එන්න. 
අම්මා... මට බෑ... ප්‍රකාශ් ආගිය අතක් නෑ.. 
එයා විහිං අතුරුදහන් උනාට ඔයා මොනා කරන්නද? පිස්සු නැතුව එන්න. අපිට තවත් ගින්දර දෙන්න එපා.. 

මෝඩි, ඇයි කට් කරේ.. 
අම්ම කියන ඒව අහන් ඉන්න බෑ මට. දැං මගේ ඔලුව විකාරයි අරෝශ්.. මාව හොටේල් එකට දාන්න. ප්ලීස්.. 
හ්ම්ම්... ඕකේ... 

අරෝශ්.. තෑන්ක්ස් මාව ගෙනත් දැම්මට. මගෙ හිත රිලැක්ස් වුනු ගමන් මම ඔයාට කෝල් කරන්නම්. 
හරි.. බායි... 

සීතල වතුර ඇග දිගේ ගලන් යද්දි ඊට වඩා හයියෙන් මම ඇඬුවා... මට මේ මොකද වුනේ.. මේක මහ පටලැවිල්ලක්. ඇයි රාමන් අරහෙම කීවේ.. පැටලෙන්න එපා කීව්ව් ඇයි.. මෙතන මං නොදන්න මොකක් හරි තියනවා.. ඔවු.. බලමු. හොඳම දේ පොලීසියට යන එක.. ඒකෙන් හොයා ගත්තැකි ප්‍රකාශ් රටින් පිටවෙලාද නැද්ද කියලා. ඔවු... ඒක තමා හොඳම දේ... ප්‍රකාශ් ලංකාවෙ නැත්තම් තවත් මම මෙහෙ ඉන්න එකක් නෑ. ඒත් එයා ලංකාවෙ නම්.... මම කොහොමින් හරි එයාව හොයාගන්නවා.. මේකෙ අගක් මුලක් මම හොයාගන්න ඕනි... 
කවුද මේ රාධා.. මට මේ කතාව විස්වාස කරන්න බෑ.. මේක් ප්ලෑන් කරලා මට කියපු බොරුවක්.. ඔවු.. ප්‍රකාශ් මට බොරු කරාට කසාද බැඳපු මිනිහෙක් නං වෙන්න බෑ.. මනුස්සයෙකුට ඔය තරම්ම බොරු කරන්න බෑ..හ්ම්ම්ම්ම්.. බලමු... 

හෙලෝ.... 
අරෝශ්.. සොරි මේ රෑ කෝල් කරාට..
නෝ... ඉට්ස් ඕකේ... මොකෝ නින්ද යන්නෑද? 
නෑ.. අරෝශ්.. මම හිතුවෙ පොලීසියෙ ඇන්ට්‍රි එකක් දාන්න.. 
මොකටද?.කාටද?
ප්‍රකාශ් ට.. මට වංචා කරා කියලා.. එතකොට අඩුම මේ මනුස්සය ලංකාවෙන් පිට වුනාද නැද්ද කියලාවත් අපිට දැනගත්තෑකි. 
හ්ම්ම්... අපි උදේට කතා කරමු.. මගේ යාලුවෙක් ඉන්නවා ඕ අයි සී කෙනෙක්. අපි කියලා බලමු.. 
හරි. ගුඩ් නයිට්... 
ගුඩ් නයිට්... 
.
.
.
ගුඩ් මෝර්නින්ග් මැඩම්... අද මොකද්ද ප්‍රෝග්‍රෑම් එක.. 
අපි යං පොලිසි... 
යන්න ඕනි නෑ.. දැං මගෙ යාලුව එනව කීවා.. මිනිහා ආපු ගමන් මම ඔහේට එක්කන් එන්නම්.
හරි එහෙනම් මම ලෑස්ති වෙලා ඉන්නම්. 
ඕකේ.. බායි.. 
.
.
මිස්, මිස්ට විසිට කෙනෙක්.. 
ආ.. හරි මම පහලට එන්නම්. 
හෙලෝ අරෝශ්.. කොහොමද?.
හොදින්   හොදින්.... තාම හොදින්... මේ ඉන්නෙ කාවින්ග.. ඔයාට වෙච්ච දේ මම කියල තියෙන්නෙ.. දැං ඔයාට වෙන්න ඕනි දේ කියන්නකො.. 
ඔවු.. කාවින්ග, මට දැනගන්න ඕනි ප්‍රකාශ් රටින් පිට වෙලාද නැද්ද කියලා.. 
ඔයා ගාව ප්‍රකාශ්ගෙ පාස්පෝට් නම්බර් එක තියනවද.. 
ඔවු ඉන්න.. ආ. මේ තියෙන්නේ... 
දෙන්න.. ..
හරි ආන්‍යා.. මට පැය බාගයක් දෙන්න.. 
ඕකේ...
.
ප්‍රකාශ් රටින් පිට වෙලා නෑ ආන්‍යා... එයා ඉන්නෙ මෙහෙ.. මට එයාගෙ ෆොටෝ එකක් බලන්න පුලුවන්ද..?
අපෝ ... ඕනි තරම් ෆොටෝ තියනව මෙයා ලග... ඔය ෆෝන් එක අරන් බලපන් කාවිංග.. ඕකේ තියෙන්නෙ ප්‍රකාශ්ගෙ සුන්දර මූණ විතරයි.... 
ආ.. කාවින්ග.. මේ ඉන්නෙ ප්‍රකාශ්... 
මෙයා........????? 
ඇයි..දන්නවද....????????

මතු සම්බන්ධයි.



No comments:

Post a Comment