Thursday 29 August 2019

ආන්‍යා 11

..ආන්‍යා..

11.


ඇයි කාවින්ග.. ඔයා දන්නවද ප්‍රකාශ් ව..?.. 
ආ... 
නෑ නෑ... මෙයාව නං දන්නෑ.. 
එහෙනම් මූණ වෙනස් වුනේ..??
නෑ.. ඒ මේ.. මං මේ වගේ කෙනෙක්ව දන්නවා.. ඒත් ඒ මෙයා නෙමෙයි.. කෝකටත් මම මේ ෆොටෝ එක මගෙ ෆෝන් එකට දා ගන්නම්. අපි බලමුකො මොනාද කරගන්න පුලුවන් කියලා... 
හරි.. බ්ලූටූත් වලින් ශෙයාර් කරගන්න.
ඕකේ.. ආන්‍යා.. මම මේ වැඩ ගොඩක් අස්සෙ ආවේ.. මම එහෙනම් යන්නද?. 
හරි.. කාවින්ග.. තෑන්ක්ස් ආවට.. 
හොදයි.. ඔයා අරෝශ් එක්ක ඇවිත් පැමිනිල්ලක් දාන්න.. ඔයාගෙ සල්ලි අරන් ගියා කියලා.. ඒක ඔයාට හොදයි.. අපි බලමුකො මොකද්ද කරන්න පුලුවන් කියලා.. 
මචං අරෝශ්, උඹ එහෙනං හිටපං.. මම කැබ් එකක් කතා කරන් යන්නම්. 
අඩේ.. එහෙම හරි නෑනෙ බං.. හිටපං මං ගිහිං දාන්නම්. 
නෑ නෑ එපා.. මං යන්නං.. දවල් වෙලා දෙන්න එක්ක පොලිසියට එන්න.. 
හරි එහෙනං බායි මචං... 

අරෝශ්...
හ්ම්ම්ම්..
ඔය හිතන්නැද්ද කාවිංග ප්‍රකාශ් ගැන දන්නව කියලා.. 
දන්නවනං කියනවනෙ.. 
හ්ම්ම්ම්.. 
උදේට කෑවද මැඩම්..?
නෑ තාම.. 
එහෙනං යං අපේ ගෙදර...අම්ම බලා ඉන්නව ඔබ තුමීව පිලිගන්න.. 
මොකක්???
ඔවු... ඔබ තුමියගේ පියතුමා ඊයේ රාත්‍රියේ අපට කතා කරා... ඔබ තුමියව අපේ ගෙදර නවත්තගන්නෙයි කියල මගේ මවුතුමියගෙන් ඉල්ලා හිටියා... 
ඒත්,, අම්මවත්, අප්පච්චිවත් මට එහෙම කීවෙ නෑනෙ අරෝශ්... 
ඔයාට කියල වැඩක් නැති බව ඒ මිනිස්සු දන්නවා... කියන දේම අහන ගෑණි නේ... ඔයාට මැසේජ් කරනවා කීව.. බලන්න ඔය ෆෝන් එක අරන්.. 
ආ.... ඔවුනෙ.. මේ එවල තියෙන්නේ... 
ඒකනෙ කියන්නෙ... එහෙනං බඩුත් අරන් යං.. 
හ්ම්ම්... යමු.. එන්න මට හෙල්ප් එකක් දෙන්න බඩු අස් කරගන්න.. 
.
.
.
 අරෝශ්..
මොකෝ.... 
මේහ්හ්.. මං මොකද්ද අඳින්නෙ?. 
ඔයාට ඕනි එකක් ඇඳගන්න.. අපි යන්නෙ අපේ ගෙදර මිසක් පන්සල් නෙමේ..
හා හා... පණ්ඩිතයා.. 
ආ... හැබැයි අර කලිසන් කැල්ලක් නැතුව ඇඟ වැහිච්ච එකක් අදිනවනම් හොදා.. මොකද අපෙ අම්ම බය වෙයි චිංචිමානවිකාව ඇවිත් කියල.. 
ආ...ඒ කවුද.. ඔයාගෙ කෙල්ලද?.. 
අයියෝ...............
අනේ මොකද හිනා වෙන්නේ...
නෑ ළමයෝ.. චිංචිමානවිකාව කියන්නෙ බුදුන්ගෙ කාලෙ හිටිය කෙනෙක්.. පස්සෙ කියන්නම්කො ඒ ගැන.. ලෑස්ති වෙන්න දැං අපි යං... 

ව්වාවු..... ලස්සන... 
ඇත්තමයි ඔයා දිගට ඇන්දම මාර ලස්සනයි.. හ්ම්ම්ම්...අර චිං චිං වගේද?. 
හික්ක්ස්ස්.. ඔවු ඔවු... ඒ චිං වගේ තමා .. යමුද එහෙනං.. 
හ්ම්ම්...
.
.
එන්න ආන්‍යා.. මේ අපේ අම්මා.. 
කොහොමද ආන්ටී..
හොඳින් ඉන්නවා දුව.. එන්න ඇතුලට.. 
වැදගත් පෙනුම තියන ලේඩි කෙනෙක්.. අම්ම කියන උඩරට මැණිකේ කෙනෙක් වගේ.. නිකම්ම කතා කරන එක හරි නෑ.. වඳින්න ඕනි... 
ආ... බුදු සරණයි දරුවෝ... පිට රට ඉපදිලත් අපේ කමට හැදිලා.. අනේ වාසනාවන්.. 

කමලා.... මේ නෝනගෙ බෑග් ටික කාමරෙන් තියන්න. 

එන්න දුව වාඩි වෙන්න.. මොනවත් බොනවද? නැත්තම් කනවද? 
කමු.. මට බඩගිනී.. 
අනේ.. යමු එහෙනම්.. මම කිරිබත් හදල තියෙන්නෙ... 
ශා... මං ආසයි... 
එන්න පුතා... ඔයා එහෙනම් දූ එක්ක කන්න.. මං බොන්න මුකුත් අරන් එන්නම්.. 

පය ගහපු ගමන් අම්මව අල්ලගත්තා නේද? 
වැඩේමයි.. යන්න.. 
ඔය, කිරිබත් විතරක් කන්නේ.. මේ ලුණුමිරිස් ටිකකුත් දාගන්න.. 
බෑ.. සැරයි.. 
කන්න ලමයෝ.. සැර නෑ..
පොඩ්ඩක්.....
අම්මෝ.... සැරයි... වතුර.... ආහ්හ්... 
පිස්සු යකින්න.. මිරිස් ගෑවෙන්නවත් බැරිද?. 
පුලුවන්.. මේ මිරිස් යැ.. අම්මෝ... මාර සැරයි නෙ.. 
ඔවුනෙ.. මේ කොච්චි නෙ... ඒව සැරයි... 
යන්න අරොශ්.. ඔයා දැන දැන මාව අමාරුවෙ දැම්මා... 
නෑ.. ආන්‍යා... කවදාවත් මං එහෙම කරන්නෙ නෑ... 

ඒ ඇස්... ඒව කතා කරනවා... ඇත්ත අරෝශ් කියන්නෙ මාව අමාරුවෙ දාන කෙනෙක් නෙමෙයි.. අමාරුවෙ වැටුන මට උදවු කරපු කෙනෙක්.. ..

ආන්‍යා.. එහෙනම් අපි පොලිසියට යමුද?. 
හා.. 
අම්මේ.. අපි ගිහිං එන්නම් එහෙනම්.. 
හා දරුවෝ.. පරිස්සමින්.. 
ආ.. අම්මෙ.. කමල ට කියන්න වැඩිය මිරිස් දාන්න එපා කියලා.. මේ බක පණ්ඩිතීට කන්න බෑ.. 
හරි හරි .... මේ දරුවව පරිස්සමට එක්ක යන්න. 
හරි.. ඔන්න අපි ගියා..... 
බුදු සරණයි... 
.
.
.
අම්මෝ... මං වරදක් කරා වගේන අරෝශ් පොලිසියෙන් ප්‍රශ්න කරේ.  ප්‍රකාශ් ගෙ හැම විස්තරයක්ම.. 
ඔවු ඉතිං.. වැඩේ ඔයා ෆොරීන කෙනෙක් නෙ ළමයෝ.. ඔයා ෆ්‍රාන්ස් සිටිසන් නේ.. ඒකයි. 
හ්ම්ම්.. අරෝශ්.. මට බඩු ටිකක් ගන්න ඕනි අපි සුපර් මාකට් එහෙකට යමුද?. 
යං.. මොනාද ඕනි.. 
යංකෝ... පණ්ඩිතය නොවී.. 

මොකටද ළමයො එළවලු.. ? පිස්සුද?
අම්ම මට මැසේජ් කරා ගෙනියන්න කියලා.. අනික මං කන්නෙත් වැඩිපුරම එලවලුනෙ.. ඒකයි.. 
ඔයාගෙ මොලේ හොඳ නෑ.. පිස්සු නැතුව හොඳ හිතිං ඕව ඔහොම්මම තියන්න.. මගුලක් කියෝනව.. ඔයා හිතං ඉන්නෙ මං හිඟන්නෙක් කියලද.. ඔයාට කන්න දෙන්න බැරි?. 
අනේ... බනින්න එපා... 
හ්ම්ම්.. යං ඉතිං... 
හා.... 
අරෝශ්..... ප්‍රකාශ්... අර... ඔවු. එයා තමා... 

ප්‍රකාශ්.....
ආන්‍යා... 
ඇයි ඔයා මට මෙහෙම කරේ....?
ආන්‍යා.... ප්ලීස් අඩන්න එපා.... 

මතු සම්භන්ධයි





No comments:

Post a Comment