Saturday 24 August 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මෝ 02
😻😍😻😍😻😍

මම - මෙස්සි මොනාද දෙයියනේ එබී එබී බලන්නෙ ? 🙄

මෙස්සි - නෑ මං මේ බැලුවෙ අර සමයං බලු නැට්ටා ලොකු සර් එක්ක කාර් එකේ නැගගෙන කොහෙද ගියේ කියල 😼😼

මම - එයා ගියේ ඩොක්ටර් ගාවට 😾

මෙස්සි - අහ්හ් එයාට පිස්සු නේද ? කියන්න , කියන්න, එයාට පිස්සු නේද ? දැං එයාව පිස්සන්කොටු ගිහින් දාන්න නේද ගියේ ? 😸😸

මම - විකාරද මෙස්සි ? එයාට ඇති පිස්සුවක් නෑ 😕

මෙස්සි- එයාට පිස්සු නෑ ??  එහෙනම් එකත් එකටම එයාට පාන්ඩුව ! මම හිතුව , ලොකු සර් ගෙ සපත්තුවක් උස්සන් ඇවිත් සාලෙ මැද තියන් කෑලි කෑලි වෙන්න හප කරනකොටම මම හිතුවා ඌට පාණ්ඩුව කියලා. 😼ඔයා අර දවසක් වැන්දබෝනා නෝනගෙ කතාවක් කියෝලා පාණ්ඩු සුද්දෙක් හෙවුව නේද සුප් එකක් හදන්න ? නරකද සුද්දව අතෑරල පාණ්ඩු බල්ලගෙන් සුප් එක හැදුවොත් ! රසට තියෙයි ලපටි බල්ලෙක් නෙ😻😻

මම - චික්
මෙහෙම නපුරු කමක් ! එයා ගියේ එයාගෙ නම රෙජිස්ටර් කරල පොත හදාගෙන එන්න 😍

මෙස්සි - මොකක් ! කියන්නෙ ඔයාල බලු නැට්ටව දරු කමට ගන්නවා , හොඳයි බලාගමු ! (නියපොතු උල් කරමින් ) 😾😾

මම - ඕනවට වඩා නපුරු උනාම පූසියො කැත වෙනව. අනික ලස්සනට තියන මවිල් හැලෙනව , මං සඟරාවක දැක්කෙ ඒක 😋😋

මෙස්සි - ඇයි ඔයා මට ඕක කලින් නොකීවෙ , කෝ දෙයියනේ මගෙ විටමින් ටික ! අයියෝ මේ බලු නට්ටෙක් නිසා මං විහින් විනාස වෙනව. , කෝ මගෙ මාලු කෑම ! කෝ මගෙ කිරි ! කෝ දෙයියනේ විටමින් ! 😾😾😾😾😾😾  

No comments:

Post a Comment