Saturday 24 August 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මො 09
🐈🐕🐈🐕🐈🐕


මම - ඔල්මෝ කෝ මගේ කලු පාට ලස්සන ඇට මාලෙ 🙄

ඔල්මො - මොන ඇට මාලයක් ගැනද ඔයා අහන්නෙ ? මං උදේ බිම තිබිල ඔලිව් ඇටයක් නං දැක්කා 🐕

මම - මං අහන්නෙ ඔලිව් ඇටේ ගැන නෙමෙයි මගෙ මාලෙ ගැන 

ඔල්මො - ඔයාගෙ මාලෙ ඔය බෙල්ලෙ තියෙන්නෙ 🐕🐕

මම - අයියෝ ! මේ මාලෙ නෙමෙයි මගෙ ඇට මාලෙ. කලු පාට ලස්සන ඇට මාලෙ 😕😕

ඔල්මො - කලුපාට , කලුපාට මොන පාටද ? 🐕🐕

මම - ඔය නිදාගෙන ඉන්න කොට්ටෙ පාට 😕😕

ඔල්මො... මේ පාට , හරිනෙ , මාලෙ ඔයාගෙ බෙල්ලේ , කලුපාට මේ කොට්ටෙ , ඇටේ මං උදේ දැක්කා. ඔලිව් ඇටේ 🐕🐕

මම - අයියෝ මේ ඔල්මොරොන්දන් ඔලමොට්ටල බල්ලා ! මං අහන්නේ මගෙ කලු පාට ලස්සන ඇට මාලෙ ගැන . 😭😭

ඔල්මො - මං දන්නෑ අනේ ! මට මතකත් නෑ, මං දන්නෙත් නෑ , මං ගත්තෙත් නෑ , 🐕🐕. මේහ්හ් මට මස් කට්ටක් නැද්ද හප හප ඉන්න 🐶🐶

No comments:

Post a Comment