Saturday 24 August 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මෝ 06
🐈🐕🐈🐕🐈🐕


මම 🥰 - ඔල්මෝ, නැගිටල මේ කුක්කු එක බීල ඉන්න 😘

ඔල්මො 🐕- මට පාලුයි අනේ ! ඇයි අර මෙස්සි මාව දැක්කම පණ කඩාගෙන දුවන්නෙ ? 🐕

මම 🥰- එයාගෙ හැටිනෙ , ඔයා ඕව ගනන් ගන්නෙපා , පස්සෙ යාලු වෙයි 😕

ඔල්මෝ 🐕- කොහෙ යාලු වෙන්නද නැන්නේ ? එයා දුවන්නෙ හරියට අවතාරයක් දැක්ක වගේනෙ , මං එච්චරම කැතද🐕

මම 🥰- පිස්සු ! ඔයා හරිම හැඩකාර බලු බබෙක්! 😍

ඔල්මො 🐕- එහෙනං එකත් එකටම මෙස්සි අක්ක ඉරිසියාවෙ පැලෙනව මා එක්ක. අනික එයාගෙන් ඔයාට හරි කරදරයි නේද ? මහ ලොකුවට මොණරි පිල් විදහන්න වගේ මවිල් ටික දික් කරන් හිටියට එවුවා එයා යන යන හැම තැනම පා වෙනව. අනික එයා පොඩ්ඩක් වපරයි ? බලන්නෙම හොරාට මා දිහාවෙ 🐕🐕

මම - 😍එයාගෙ ඇති වපරයක් නෑ ඔල්මෝ, ඔයා ගානට වැඩියි ! ඔයා තාම බබෙක් ඔහොම කතා හොඳ නෑ බබාලට 😌😌

ඔල්මො 🐕- මම බබෙක් උනත් එයාට වඩා ලොකුයි නෙ , ඔයාට බැරිද දවසක වැකුම් කරන වෙලාවක අර මෙස්සිගෙ මවිල් ටික වැකුම් කරල දාන්න. මට මැවිල පේනව දෙයියනේ මෙස්සිගෙ හැටි එතකොට , හරියට මැස්සියෙක් වගේ , දෙයියනේ හැටි ! පොඩි පහේ මීයෙකුත් ලොකුවට ඉඳීවි මවිල් නැති මෙස්සිට වඩා 🐕🐕🐕🐕

මම 🥰- අනෙ දෙයියනේ ඔල්මෝ ! ඔය කිරි එක බොන්න ඉස්මොල්ලෙ යවාගන්නැතුව 😂😂

No comments:

Post a Comment