Wednesday 28 August 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මො 19 

🐈🐕🐈🐕🐈🐕


මම - මොනාද මෙස්සි හොයන්නෙ ? 🤔🤔

මෙස්සි - මං මේ ඔයාගෙ කොල්ලගෙ පරණ කලිසමක් තියේද බැලුව බල්ලට දෙන්න ! 😼😼

මම - මොකක් ? අහවල් දේකටද බල්ලට කලිසං ? 🙄🙄

මෙස්සි - බල්ලට කලිසං දෙන්නෙ එලියෙ දාන් ඉන්න නිසානෙ වදේ ! මං ලැජ්ජ බයට හැදුන කෙල්ලක් නිසාම හොඳා මේ විගඩං නොදැක්ක වගේ ඉන්න , ඒත් කවුරුත් පිට කෙනෙක් මේ ගෙදරට ආවොත් වස නිංගිරාව ! 😾😾

මම - ඕවනම් මොනාද අනේ ! අර ඩේවිඩ් අයියත් ඉන්නෙ එලියෙ දාගෙන මුළු සිටි එකටම පේන්න කන්ද උඩ 😂😂

මෙස්සි - විකාරනෙ ! ලෝකප්‍රසිද්ධ පිළිමෙ වගේද අනේ මේ නකුටු පාණ්ඩු බල්ලා ! මූ මෙතන ගෙමැද්දෙ එලියෙ දාන් ඉන්නකොට මටත් එක්ක ලැජ්ජාව , කෝ නැද්ද කලිසමක් ? 😾

මම - එයා පොඩි බබෙක් අනේ ! එහෙනං ඔයත් ඔය සෙටියෙ ඉන්නෙ පෙළක් වෙලාවට ඔක්කොම එලියෙ දාගෙන උඩුබැලියෙන් නිදාගෙන ! 😌😌

මෙස්සි - මගෙ පේන එක තැනක් කියන්න ! මගෙ ලස්සන බූල් ඇඳුමෙන් මං ඔක්කොම වහගෙන ඉන්නෙ 😻, අර ඔල්මොරොන්දන් , ඔලමොට්ටල පාණ්ඩු බල්ල වගේ නෙමේ ! ඔයා කලිසමක් දෙනවද ? නැත්තම් මං බල්ලට වෙන විකල්පයක් යොදන්නද ? 😸😸

මම - බල්ලට මුකුත් කරන්නෙපා , මං කලිසමක් දෙන්නං ! 😕😕



2 comments:

  1. ශෝක් අනේ. මෙස්සි ඔල්මො දෙන්නමත් හරි ලස්සනයි

    ReplyDelete