Thursday 29 August 2019

ආන්‍යා 06

....ආන්‍යා....

ආදරයට ආදරය කල පැරිස් කුමරිය
6 කොටස


අර.. අර කාර් එකේ.. අර යන්නේ.. නිල් පාට කාර් එක.. ප්ලීස් අපි ෆලෝව් කරමු.. අරෝශ්.. හරියප්.. ප්ලීස්..
ඉන්න ළමයෝ ... හරවගන්නකල්.. මෙතන යූ ටර්න් ගහන්න බෑ.. 
ඒ කාර් එක යනව නෙවේ ඉගිලෙනවා ආන්‍යා... කෝ පේන්නවත් නෑනේ..
අනේ අපි ස්පීඩ් කරල යමු.. ප්ලීස්..
හරි.. 
හුටා.... පොලිසියෙන්.. 
මොකද්ද.. ? ඇයි.. 

මහත්තයා.. කොහෙද මේ රේස් යන්නේ.. ලයිශන් එක අරන් බැහැල එමුකො පොඩ්ඩක්.. මිස්ගෙ අයි ඩී එකත් අරන් එන්න.. මොනාද වාහනේ.. ඩිකියත් අරින්න..

මේ මිස් ලංකාවෙ නෙවේද?
ලංකාවෙ නම් තමයි සර්, හැබැයි ප්‍රංශ පුරවැසි.. 
ආ එහෙමද.. ? දෙන්නත් එක්ක කොහෙද මේ ඉගිල්ලෙන්නේ.. ප්‍රංශෙටද?
අනේ නෑ සර්.. මෙයාගෙ සල්ලි වගයක් නුවරඑලියෙදි හොරු ගත්තා.. ඒ හිටිය වගේ මනුස්සයෙක් බයික් එකක යනවා වගේ දැක්කා.. ඒකයි ස්පීඩ් ආවේ.. 
පොලීසියෙ ඇන්ට්‍රි එකක් දැම්මද.. ?
නෑ.. සර්.. සල්ලි විතරනේ නැති වුනේ.. ඩොකියුමන්ට් මුකුත් නැති උනේ නැති නිසා අපි පොලිසි ගියේ නෑ.. 
පොලිසි නොයා තමුසෙලා පොලිසියෙ වැඩේ කරනවද.. ?
අනේ එහෙම නෙමෙයි සර්..
හරි හරි.. ඒවයින් වැඩක් නෑ.. දඩේ ගෙවලා ලයිශන් එක ගන්නවා.. 
ලඟ පාත පෝස්ට් ඔෆිස් එකක් තියනවද සර්.. 
ඔවු ඔවු.. තව පොඩ්ඩක් ඉස්සරහට යද්දි තියනවා.. 

අරෝශ්.. මේ සල්ලි ගන්න.. මං නිසානෙ ඔයා දඩ කෑවේ.. 
අනේ මේ.. තියාගන්න ඔයාගෙ සල්ලි.. විකාර.... ඔයාට හොඳටම ශුවර් ද ඒ ගියේ ප්‍රකාශ් කියලා.. ඔයාගෙ ඇහැ රැවටුනා වෙන්න බැරිද.. ?
ඔවු.. සමහරවිට එහෙම වෙන්නත් පුලුවන්.. මට නුහුරු පරිසරේක නුහුරු මිනිස්සු ගොඩක් මැද මගෙ ඇස් රැවටුනා වෙන්න ඇති.. 
ඒක නෙමෙයි අරෝශ්. අපි දැං කොහෙන්ද ඇඳුම් ගන්නේ.. 
බලමු.. ඉස්සරහට යද්දි හොඳ ශොප්ස් තියනවා.. 

මොකද්ද ගන්න හොඳ ඇදුම අරෝශ්.. 
සුදු ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස් ගන්න.. දිගට..
හ්ම්ම්..  මේක.. 
ම්ම්ම්ම්... ලස්සනයි.. ඇඳල බලන්න..
හා... කියු මම අරෝශ් තෝරපු ඇඳුමත් අරන් ඇතුලට ගියා.. 
ඒ ගියේ ප්‍රකාශ් ද ?... නෑ.. වෙන්න බෑ.. එයා නුවර ඉන්න විදියක් නෑ.. කෝකටත් මම නුවර නවතිනවා.. එක්කො ඕනි නෑ.. ඉස්සෙල්ලා ප්‍රකාශ් ගෙ යාලුවා මුනගැහිලා ඉන්න ඕනි.. එයා මොනවා හරි දන්නවා ඇතිනේ... 

ආන්‍යා.. බබා.. මං ආසයි ඔයාට දවසක සාරියක් අන්දලා හැඩ බලන්න.. කොන්ඩෙ මල් ගහලා.. ටැමිල් විදියට.. තද පාට සාරියක් ඇන්දනම් ඔයා නිලියකටත් වඩා ලස්සනට ඉඳීවි.. තද පාට ඇඳුම් වලට ඔයාගෙ කිරි සුදු පාට ඇඟ හරි ලස්සනට පේනවා.. 
හිත අතීතෙට යද්දී ඇස් තෙත් උනේ මටත් හොරෙන්ම.. 
ඇයි ප්‍රකාශ් ඔයා මාව දාල ගියේ.. ෆ්‍රාන්ස් වලදිම දාල ගියානම් මම මේ තරම් මානසිකව විඳවන්නෙ නෑ ප්‍රකාශ්... මේ තරම් දුරකට ඇවිත් ඇයි මාව අතෑරලා දැම්මේ.. තවත් මට ඔයාට ආදරේ කරන්න බෑ ප්‍රකාශ්.. ඔයා මහ අවස්ථාවාදියෙක්... මම රැවටුනා..

ඕ මයි ගෝඩ්.... ආන්‍යා... ඔයා මාරම ලස්සනයි... මදර් ප්‍රොමිස්... ඇත්තමයි.. මේ වගේ ඇඳුම් වලට මේ තරම් හැඩට පේද්දි මොන එහෙකට කලිසන් කොට ඇඳන් ඉන්නවද මන්දා.... 
අනේ යන්න අරෝශ්.. පිස්සු කියෝනවා..
හැබැයි ඉතින් .... කලිසන් කොටත් නරකම නෑ... සුදු කකුල් දෙකත් එලියෙ දමාගෙන ඉද්දි...
ආ.... එහෙනම් මෙයා මේ මග දිගට කරල තියෙන්නෙ කකුල් බලපු එක... දඩ කන එක අහන්නත් දෙයක්‍ද ඉතිං... මහ ජරා කොල්ලෙක්....
ආයියා... පිස්සි... ගහන්න එපා... මේ ශොප් එකේ අය හිතයි මම ඔයාට කරදරයක් කරා කියලා... 
එහෙනං තව දෙකක් දෙන්න ඕනි...
කෝ ඔයා ගත්තෙ නැද්ද සුදු ටී ශර්ට් එකක්.. 
ගත්තා... 
යමු.. ඔන්න මං ගානේ..
අනේ එපා අරෝශ්.. ඔයා මට මේ කරන උදවු හොදටෝම ඇති . 
ඔයා ඇඬුවද.. ?
නෑ.. මේ නිකං.. මට ප්‍රකාශ් මතක් වුනා..
හ්ම්ම්....

ඇඳුම් නම් ගත්තා...  කොහොමද චේන්ජ් කරගන්නේ.. ?
මට නම් ගානක් නෑ.. ඔයාට තමා ප්‍රශ්නේ.. අපරාදෙ ගත්තු කඩේදිම ඇඳගන්න තිබ්බේ... 
මොකක්... ඇත්තමයි අරෝශ් ... ඔයා නම්... 
ඇයි... නැත්තං.. මං ඇස් වහන් ඉන්නම්.. ඔයා ඔහොම ඇඳ ගන්න... 
වහන්ම ඉඳී මෙයා... යමු.. හොටේල් එකකට ගිහිං මාරු කරගමු.. පංසල්නෙ යන්නේ.. මෙහෙම යන්න බෑනෙ.. 
හා... යං එහෙනම්..

ය්ා ඇඳුම් මාරු කරන් එන්න.. මම මෙහෙම ඉන්නම්..
අනේ පිස්සු නැතුව එන්න අරෝශ්.. මේ මිනිස්සු බලයි මේ මොකද කියලා... 
කෝ එන්න... 
අදින්න එපා කෙල්ලෙ.. යං..
ආන්‍යා... ඔයාගෙ අත් පුලුං වගේ සිනිඳුයි.. ඇත්තමයි..
ඇත්තද.... හා හා... 
ඇත්තමයි... 
අරෝශ් ඔයා ඉස්සෙල්ලා වොශ් දානවද.. මම වොශ් දාන්නද..
අපෝ.. මං වොශ් දාගෙන එන්නම්.. ඔයා ගියොත් ඕක අස්සෙ පැයක් විතර ඉඳී.. 
හා යන්නකො එහෙනම්..

අරෝශ්.... මොන තරම් පුදුම හමු වීමක්ද... ප්‍රකාශ් මෙතන හිටියනම් එයා හැසිරෙන්නේ මෙහෙම නෙමෙයි.. මේ දවස් දෙක තුනට අරෝශ් මට මොන තරම්  ලං වුනාද.. ඒත් එක බැල්මකින් වත් මට නපුරක් කරේ නෑ.. ඒත් ප්‍රකාශ්... 
ආන්‍යා.. ස්වීටි.. මං කියන දේ අහන්න.. ඔයා හිතං හිටියට ප්‍රකාශ් ඔයාට ආදරෙයි කියලා ඌ ඔයාට ආදරේ නෑ.. ඌට ඕනි සෙක්ස් ඇන්ඩ් මනී.. ඇයි ඔයාට ඒක තේරුම් ගන්න බැරි..
නෑ ඇන්ජී.. ප්‍රකාශ් එහෙම කෙනෙක් නෙමෙයි... 
ප්‍රකාශ් ගෙ හැටි ඔයාට තේරෙද්දි ඔයා පරක්කු වැඩී වෙයි ආන්‍යා... 

පොඩි කාලෙ ඉඳන් මා එක්ක හිටිය ඇන්ජි කියන දේ වත් මං ඇහුවෙ නැත්තෙ ඇයි දෙයියනේ... ඒක මගෙ වෙලාව.. ඔවු.. ආයෙත් මං අඬන්නේ නෑ.. 

ආන්‍යා ..... මොනාද ඔච්චර කල්පනා කරන්නේ... 
අරෝශ් මෙච්චර ඉක්මනට... ඔයා වොශ් දැම්මද... නැත්තං වතුර දිහා බැලුවද... 

යන්න ඉක්මනට වොශ් දාගෙන එන්න..
හ්ම්ම්..
සීතල වතුර බිංදු ඇඟ පුරා යද්දී.. මොකද්දෝ නුහුරු හැඟීමක් හිත පුරා දුවන්න පටන් ගත්තා... දන්නෙම නැතිව ප්‍රකාශ් එක්ක අරෝශ්ව සංසන්දනය කරන්න හිත අර අදින පාටයි... 

අරෝශ්....
අනේ මං ගත්තු අලුත් ඇඳුම දෙන්නකෝ...
අපොයි..... ඇතුලට යද්දි අරන් යන්න එපැයි වාතෙ...
මට බෑ.. ඕනි නං ඇවිත් ගන්න... 
එහෙනං ඇස් වහගන්න..
ඔන්න වහගත්තා.... එන්න..
ඒයි... ඔය ඇත්තටම එන්නද හදන්නේ... ඔහොම ඉන්න මං දෙන්නං... ආ...ගන්න..
ඔයා හරි නරකයි...

තමුසෙට ඔල්මාදෙද... ආයෙත් නාල තියෙන්නේ.. නිවුමෝනියාව හදාගෙන මැරෙන්නද යන්නේ... විකාර වලත් සීමාවක් තියනවා... මගුල... තමුසෙ පැරිස් ගිහිං නාන්න බැරිනම් පීනනව.. මෙහෙදි පිස්සු නටන්නෙ නැතුව.. 

අරෝශ්.... 
ආන්‍යා.......
මොකද්ද මේ කරේ...
ඔයා පිස්සුවෙන් වගේ බැන්න නිසා ඔයාව නතර කරන්න කිස් කරේ..
ළමයෝ... 
ඕය ගැන වැඩිය හිතන්න එපා... අපි යමු.. 
ආ....... 
අරෝශ් ලඟ මට ආරක්ශාවයි.. එත්.. මං.. කරපු දේ ගැන අරෝශ් මොනවා හිතාවිද මන්දා..
ආන්‍යා... අපි යමු... නැත්තං අපිට අද කොලඹ යන්න බැරි වෙයි... 
මා ගැන ඔයා වැරදියට හිතනවද අරෝශ්. ?
නෑ...  මං ඉන්නේ උනේ මොකද්ද කියලවත් හිතාගන්න බැරුව..
මගෙන් උනේ වරදක් කියල හිතනවනම් මට සමාවෙන්න අරෝශ්.. 
දැං ඔය ගැන හිතුවට වැඩක් නෑනෙ ආන්‍යා... වුන දේ වුනා.. අපි තාපසයො නෙමෙයිනේ.. එන්න අපි යමු.. 
ඔයා තරහද?
අනේ නෑ ආන්‍යා... හැබැයි ඔයා බැනිල්ල නතර කරපු විදියනම් මරු.. ආයෙත් බනින්න හිතෙනවා.. 
අනේ යන්න.. 
හරි හරි අපි යමු.. 

මේ වැව මොකද්ද අරෝශ්
මේ තියෙන්නේ නුවර වැව.. ලස්සනද?
හ්ම්ම්..ඇත්තටම ලස්සනයි.
අපි අර ඉස්සරහින් මල් ගමුද?
හා.. මොන මල්ද ගන්නේ..
මේ මල් ගමු.. ඒවා ලස්සනයි..
මේව ඇත් ඕලු..

මොනවද ආන්‍යා ඔයා ඔය තරම් වැඳගෙන ප්‍රාර්ථනා කරේ..
ඉක්මනටම මට ප්‍රකාශ්ව මුණ ගස්සන්න කියලා..
ඒ කියන්නේ ඔයා තාමත් ප්‍රකාශ්ට ආදරෙයි?
එහෙමද?
නෑ අරෝශ්.. මම තවත් එයා ගැන හිතන්නෙ නෑ. මාව දාලාගිය කෙනෙක් ගැන මම මොනවට තවත් කල්පනා කරන්නද.. මට ඕනි එයාගෙන් දෙයක් දැනගන්න.. ඇයි වංචා කරේ කියලා දැනගන්න... 
ඔයා ඔය කියන ඔයාට උන වංචාව මොකද්ද ආන්‍යා..

මතු සම්බන්ධයි..



No comments:

Post a Comment