Saturday 24 August 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මො 15 
🐈🐕🐈🐕🐈🐕🐈


මම - මෙස්සි ! මොකද ඔය මාලු ටැංකිය උඩ නැගගෙන කරන්නේ ? 😕

මෙස්සි - මොනා කරන්නද අනේ ! මං මේ කෝකවද බාගන්නෙ කියල කල්පනා කරන්නෙ 😼අනික මේ එක එකාව කන්නෙ කොහොමද , කිරටද මිරිසටද කියල බැලුවෙ 😸😸

මම - මොකක් ? 🙄🙄

මෙස්සි - ඇයි අනේ ඔයා බය වෙලා ? ඔයා හිතන්නෙ මං මේ නකුටු මාලුන්ව ඇත්තටම කයි කියලද 😸? ඔයාටත් අර බල්ලට වගෙ පිස්සුද අනේ ? මගෙ බඩ පිරෙන්න මේකෙ ඉන්න ඔක්කොම කෑවත් මදි අනේ 😾! අනික මං සෑහෙන්න මගෙ ෆිගර් එක මේන්ටේන් කරනව😻😻 ! අර ඔල්මොරොන්දන් ඔලමොට්ටල ඔල්මො වගේ නෙමේ 😼😼

මම - එහෙනම් මොකද කරන්නෙ ඔතන ඉඳගෙන ? 😕

මෙස්සි - මම මේ අවුව තපිනවා ! මෙතන්ට අර ජනේලෙන් හොඳට අවුව එනව අනේ 😸😸 උදෑසන ඉර එළියට හම ලස්සන වෙනව 😻😻

©️ ප්‍රභානී තෙන්නකෝන්

1 comment: