...ආන්‍යා...
ආදරයට ආදරය කල පැරිස් කුමරිය...තුන්වන කොටස..
ඔවු... මම ලෑස්ති ඔයාගෙ කතාව අහන්න...
ඊට කලින් මට කියන්න ඔයාට අද මා එක්ක දවසම ඉන්න පුළුවන්ද අරෝශ්...
ළමයෝ.... දැං වෙලාව හවස 6 ත් පහුවෙලා... මම ඔයාව හොටේල් එකට දාලා ආයෙත් හෙට උදේම එන්නම්...
දැං ඔයා යන්නෙ කොහෙටද?... ගෙදරද. ?..
නෑ ආන්‍යා... මම මේ ලඟ හොටේල් එකක නැවතිලා හිටියේ.. පොඩි බිස්නස් වැඩකට මෙහෙන් ලෑන්ඩ් එකක් බලන්න ආපු ගමන්.. මම නුගේගොඩ.. ආපහු ගෙදර යන්න යද්දි තමා ඔයා මහ වැස්සෙ ලේක් එක ගාව ඉන්නව දැක්කේ... මේ මං උදේම බැන්න කෙල්ල නේද කියලා මතක් වෙලයි ලඟට ඇවිත් කතා කරේ...
එහෙමද..... ඉතිං අරෝශ් ඔයාට පුලුවන්නේ අද මා එක්ක නතර වෙන්න...
මොකක්?..... ඔයා එක්ක ඉන්න .... මේ මම.... මේ මැඩම්.... මේක ලංකාව.... ඔයාගෙ ප්‍රංශෙ නෙමෙයි.....
අනේ සොරි.... මාව වැරදියට ගන්න එපා.... මං අදහස් කරේ ඔයාටත් මං ඉන්න හොටේල් එකේම ඉන්න පුලුවන්නේ... ඒකයි... මං ගෙවන්නම්... අනේ ප්ලීස්...
හා හා... යංකෝ... ගෙවිල්ල බැරියෑ පස්සේ....
අරෝශ්.... ඔයා මොනාද ඔය තරම් කල්පනා කරන්නේ...
කල්පනා කරන්නෙද.... කල්පනා කරන්නෙ ඔයා ගැන.... ඔයා මේ ටිකට කියපු කරපු පිස්සු දේවල් ගැන....
ඒ කීවේ.... මට තේරුනේ නෑ....
මුලින්ම ඔයා පාර මැද්දේ හිටං හිටියා... ඒක පිස්සුවක් නෙවේද.... ?
මං හිටියෙ වෙන කල්පනාවක අරෝශ්... ඒකයි... මට ගානක් උනේ නෑ මං පාර මැද කියලා.....
හරි...... ඊ ගාවට ඔයා ආයෙමත් ලේක් එක අයිනේ මහ වැස්සේ හිටන් ඉන්නවා.... මෙලෝ මනුස්සයෙක් කරන වැඩක්ද.....
මට වැස්ස ගැන ගානක් තිබුනෙ නෑ අරෝශ්...
හ්ම්ම්ම්........
ඊටත් පස්සේ සහලෝල උණ හැදිල හිටිය ඔයා මුණ ගැහිල පැයක් වත් නොගිය මගේ වාරුවෙන් කාමරේට යනවා....
මා එක්ක බෙහෙත් ගන්න යනවා.....
මෙන්න ඊ ගාවට කියනවා.... ඔයා මාත් එක්ක අද නතර වෙන්න කියලා.......
ඔයා කෙල්ලෙක් ආන්‍යා.... බයක් කියල දෙයක් නැද්ද.....
අරෝශ්......... නතර වෙන්න කීවේ... හොටේල් එකේ මිසක් මගේ රූම් එකේ නෙමේනෙ.... අනික මම ඕනි තරම් මගෙ යාලුවො එක්ක රූම් එක ශෙයාර් කරන් තියනවා... අපි යුනි එකෙන් රිසර්ච් වලට කැලෑවල් ගානෙ ගියාම ඔක්කොම ඉන්නෙ එක හට් එකේ...
මට මේ ලංකාව වත් මෙහෙ මිනිස්සු වත්, එයාල හිතන විදියවත් තේරෙන්නෙ නෑ අරෝශ්....
හරි හරි.... ඔයා මොනාද ස්ටඩි කරේ ආන්‍යා..
මම ස්ටඩි කරේ නෙමේ.... ස්ටඩි කරන්නේ කියල අහන්න... මං ජීවත් වෙන්නෙ ගස් වැල් එක්ක අරෝශ්... ඒ ගස් වැල් මේ මිනිස්සුන්ට වඩා ගොඩක් හොදයි.. කරුණාවයි..
ඉතිං ඔයා මේ ලංකාවට ඇවිත් ඉන්නේ ස්ටඩිත් පාඩු කරන්ද.... ඔයාටනම් ඇත්තටම පිස්සු....
ඉතිං අරෝශ්.... මම ඇවිත් ඉන්නෙ මාස තුනකට... මට වීස තියෙන්නේ මාස තුනකට විතරයි.
හ්ම්ම්ම්..... සොරි ආන්‍යා... මං කියපු දේවල් වලට ඔයාට හිත රිදුනනම්....
රිදෙන්න මට දැං හිතක් නෑ අරෝශ්... ඒ ගැන ඔයා එච්චර හිතන්න එපා..
ඔයා නතර වෙනවා නේද අද මා එක්ක...
හා.....
තෑන්ක්ස් අරෝශ්...
ඔයා මෙහෙ නතර වුන එක හොඳයි අරෝශ්.. ඩිනර් එක ගන්න මම චේන්ජ් එකක් දාගෙන පහලට එන්නම්. දැං ටිකක් ඇඟට හොදයි වගේ..
මෙහෙම කියලා කාමරේට ආපු මට මං ගැනම පුදුම හිතුනා...
ඇයි මං අරෝශ් ව විස්වාස කරන්නේ... මේත් තව ප්‍රකාශ් කෙනෙක්ද... නෑ.... එහෙම වෙන්න බෑ... මම මෝඩයි... අම්ම කීවෙ ඇත්ත... මම රැවටෙනවා...
ආන්‍යා..... මෝඩියෙක් වෙන්න එපා දුව...
ඔයා මේ කරන්න හදන්නේ අපේ ජීවිත ප්‍රශ්න වලින් පුරෝන එක.. ජාතියක් ජම්මයක් නැති එකෙක් ලොකු කරන්... ඔයා ඔය රංඩු අල්ලන්නේ.. ඔයාට කුමාරිකාවකට වඩා සැප සම්පත් දුන්න ඔයාගෙ තාත්ත එක්ක... ඔයා කවද හරි ඔයාගෙ මේ ඉක්මන් තීරනේ ගැන පසු තැවෙයි... ඒත් එදාට පරක්කු වැඩියි පුතේ....
සිත ආයෙම අතීතෙට....
ඔයා කීවෙ ඇත්ත අම්මේ.... මං අද විඳෝනවා... ඔයාලට දුන්න දුකට අද මං ගෙවනවා... මං කොහොමද අම්මේ ඔයාලට කියන්නේ ප්‍රකාශ් මාව දාල ගියා කියලා... ඒ ගියෙත් නිකම්ම නෙමෙයි කියලා... මට තේරෙන්නෙ නෑ අම්මේ... අනේ මං මොනාද කරන්නේ.... ඇයි මම මේ තරම් මෝඩියෙක් උනේ....
පුංචි ඉකිය මහ කඳුළු ගඟකට පාර කැපුවේ එහෙම.... මං ඇඬුවා... හිතේ දුක යනකල්ම ඇඬුවා....
ට්‍රීං... ට්‍රීං....
හෙලෝ...
මැඩම්... මැඩම් ඩිනර් වලට පහලට එනකල් මිස්ටර් අරෝශ් බලා ඉන්නවා....
අනේ සොරි.... මම විනාඩි 5 න් එනවා කියන්න...
ඕකේ මැඩම්...
දෙවියනේ... දන්නෙම නැතුව 8.30 ත් වෙලා...
කමක් නෑ ප්‍රකාශ්.... ඔයාට ඕනි උනේ සල්ලි... ඔයා ඒක ගත්තා.... ඒත් ඔයාට දිනන්න මං ඉඩ දෙන්නෙ නෑ.... මං මොන ලෝකෙන් හරි ඔයාව හොයාගන්නවාමයි.... එදාට ඔයාට සිද්ද වෙනවා... මට උත්තර දෙන්න....
ආන්‍යා...
ඔයා ඇඬුවද?..
හ්ම්ම්... මොනාද කන්නේ....
ඔයා හරි ලස්සනට කතාව වෙනස් කරන්න දන්නවා... කන්න කලින් බොන බෙහෙත් බීවද...
ඔවු... තෑන්ක්ස් අරෝශ්... ඔයා හොඳ යාලුවෙක්.. ඇත්තමයි...
හෙලෝ... අම්මේ.....
අනේ මාර සීන් එකනේ... මට හෙටත් ඉන්න වෙනවා... තව ලෑන්ඩ් එකක් තියනවා... ඒකත් බලලා.... අනිද්දම එන්නම්...
හා හා... අම්ම බය වෙන්න එපා..... මේ පුතා දක්ශයා... දන්නවනෙ ඉතිං....
හරි අම්මේ.....
බුදු සරණයි....
සොරි ආන්‍යා... අම්මා කතා කරේ... දන්නෙ නැද්ද... අම්මලාට අපි කොච්චර ලොකු උනත් තාම පොඩියට පේන්නේ... තිස්සෙම වද වෙනවා....
ඔවු අරෝශ්... ඒක ඇත්ත... එයාලට අපිට වඩා ගොඩාක් දුර පේනවා.... ඒ අතිං අපි හරිම මෝඩයි...
මොනාද කන්නේ....
බුෆේ එක දාල තියෙන්නෙ... කැමති විදියට බෙදාගෙන කන්නයි තියෙන්නේ..
අම්මෝ.... ඔයා කොහොමද අප්පා... ඔච්චර සැර කෑම කන්නේ....
මැඩම්... අපි හොඳ සිංහල කොල්ලෝ... ඔයාලට වගේ ඔය තම්බපු එලවළු පොඩ්ඩක් කාල අපිට හරියන්නේ නෑ... හොඳට බඩ පිරෙන්න කන්න ඕනි...
හා හා.... හොඳ සිංහල කොල්ලා කන්නෙ හැඳි ගෑරුප්පු වලින්.....
ඒක මේ හෝටලේ නමේ වරද. ග්‍රෑන්ඩ් කියන නමට ගැළපෙන්න එපැයි වැඩ....
හා හා.... හොඳයි.. හොඳයි...
කාල ඉවර එකේ අපි ටිකක් කතා කරමුද ආන්‍යා... මං ආසයි ඔයාගෙ පැරිස් ආදරේ අහන්න....
එහෙනම් අපි මගේ රූම් එකට යමු.. බෙහෙත් බොන්නත් තියනවා...
හා අපි යමු...
අපි මුණ ගැහුනේ හරිම අහම්බෙන් අරෝශ්.. මීට අවුරුදු 3 කට කලින්... එයා මොන ජාතිකයෙක්ද කියන එක මට ගානක් තිබුනේ නෑ.. ඒ මං උපන්නේ හැදුනෙ වැඩුනේ... පිටජාතිකයොත් එක්ක නිසා වෙන්න ඇති...
අපේ අම්මයි, තාත්තයි දෙන්නම දොස්තර ලා.. එයාල ඉගෙනගෙන තියෙන්නෙ රුසියාවෙ.. එහෙදි යාලුවෙලා බැඳලා පස්සෙ ප්‍රංශෙට ඇවිත් පදිංචි වුන අය.. ආර්ථික වශයෙන් අපි හොඳ ස්ථාවරේක ඉන්න අය අරෝශ්.. පවුලෙ දරුවෙකුට ඉන්නෙ මං විතරයි.. ඒ නිසා මට හැමදේම අඩුවක් නැතුව ලැබුනා....
ප්‍රකාශ් ව මට මුණ ගැහෙද්දී එයාට ජොබ් එකක් තිබුනෙ නෑ.. අඩුම තරමින් එයාට ප්‍රංශ භාශාවවත් බෑ එතකොට.. රටට ඇවිත් මාස තුනයි... එයා ගොඩක් දුප්පත් කීවම මට දුක හිතුනා.. මට ඕනි උනේ එයාට උදවු කරන්න... එයාට උදවු කරන්න කියලා මං තාත්තට කීවා... තාත්ත කීව එයාව එක්ක එන්න දවසක කියලා....
ඒත් තාත්තට මං කීවේ ලංකාවෙන් ඇවිත් ඉන්න පිරිමි ළමයෙක් කියලා විතරයි... එයා දෙමළ බව මං කීවෙ නෑ... එතකොට අපි අතරේ මහ ලොකු යාලුකමක් වත් තිබ්බේ නෑ...
මතු සම්බන්ධයි..
No comments:
Post a Comment