Saturday 24 August 2019

මෙස්සි vs ඔල්මො

මෙස්සි vs ඔල්මො 08
🐕🐈🐕🐈🐕🐈



මම - මෙස්සි ! ඔයා මගේ අර කලුපාට ලොකු ඇට තියන මාලෙ දැක්කද ?😭😭

මෙස්සි - මම දැක්ක ඇති ඇට මාලයක් නෑ අනේ ! 🙀

මම - ඔයා තමයි ඒක ගන්න ඇත්තෙ , මේ ගෙදර වෙන කෙල්ලො නෑ  😕😕

මෙස්සි - ඉස්සර , 😼දැං ඕව ගන්න තව අය ඉන්නව කෙල්ලො නැතුවට , එකත් එකටම ඕන ගන්න ඇත්තෙ එක්කො ඔයාගෙ දඟ කොල්ලා , නැත්තම් අර ඔලමොට්ටල බල්ලා ! 😾😾

මම - මෙස්සි ! දෙන්නටම ඒකෙන් වැඩක් නෑ , ඇත්ත කියන්න ඔයා නේද ඒක ගත්තෙ ? 🙄🙄

මෙස්සි - මම කීවනෙ මම ගත්ත ඇති ඇට මාලයක් නෑ 😼, හරි ඔයා මට දැං මේක කියන්න , ඔයාගෙ කොල්ලටවත් බල්ලටවත් වැඩක් තියනවද අර ඔයා ලස්සනට තියල තියන පොඩි පොඩි බෝල ගල් ? 😸නෑනෙ නේද ? ඒත් දෙන්නම ඒවයින් සෙල්ලම් කරනව. විකාර නෙ 😻, ඔයාගෙ ඇට මාලෙත් ගන්න ඇත්තෙ ඔය දෙන්නගෙන් කෙනෙක් , නැත්තං කොල්ල අරන් ඇවිත් බල්ලට දෙන්නැති මේං නටාගනිං කියල 😸😸😸

මම - හොයාගන්නම්කො මම ගත්ත කෙනාව 😕😕

මෙස්සි - මේහ්හ් , ඕක හොයාගෙන වෙලාවක් තිබ්බොත් පොඩ්ඩක් මගෙ බෙල්ල කහනවද ? මට තනියම කහගන්න අමාරුයි ! 😻😻😻

No comments:

Post a Comment